Posts

Showing posts from June, 2021

බිරිඳගේ වෙනස...

Image
මනුස්සයෙක් යෝජනාවකින් විවාහ වෙලා තමන්ගේ අළුත් යොවුන් බිරිඳත් එක්ක ඉතා සතුටින් තමන්ගේ පවුල් ජීවිතය ගතකරනවා. බිරිඳ ටිකක් සැරපරුස උනත් දෙන්නට දෙන්නා හොඳ අවබෝධයෙන්, ආදරයෙන් කාළය ගත කරනවා... මෙසේ සතුටින් ඉන්න අතරතුර ඔවුන් ඔවුන්ගේ පළවෙනි විවාහ සංවත්සරයත් පවත්වනවා... මෙහෙම අවුරුද්දක් ගියාට පස්සේ මේ සැමියාට එයාගේ බිරිඳගේ යම්කිසි වෙනසක් දැනෙන්න පටන්ගන්නවා...  ටික දවසක ඉදලා එයාගේ බිරිඳ කන් ඇසීමේ දුර්වලතාවයකින් පෙළෙන බව සැමියාට තේරුම් යනවා. මෙයාව දොස්තර කෙනෙක් ළගට එක්කරගෙන යන්න වේවි. සමහරවිට එයාට ශ්‍රවණාධාරකයක් පළදින්නත් වේවි. ඊට පස්සේ මේ තත්වය මග හැරේවි. ඔහු සිතුවා... ඒත් ඔහුට ඒ ගැන බිරිඳගෙන් අහන්නවත්, වෛද්‍යවරයකු හට පෙන්වීමට ඇයව රැගෙන යන්නටවත් නොහැකිව කල්පනා කරමින් සිටියා... එකපාරම ඇයගෙන් මේක අහන්න ගියොත් ඇය මගේ ගැන වරදවා හිතාවි... දෙන්නට දෙන්නා තියෙන ආදරයත් අඩුවේවි... ඔහු තවදුරටත් සිතුවා... මෙහෙම කල්පනා කරලා ඔහු අවසාන විසඳුමකට පැමිණෙනවා... බිරිඳ නැතිව තමා තනිවම පවුලේ වෛද්‍යවරයා හමුවීමට ගොස් මේ සඳහා උපදෙසක් ගන්නට ඔහු තීරණය කරනවා... දවසක් ඔහු පවුලේ වෛද්‍යවරයා හමුවීමට යනවා... සියළු විස්තර ඔහු...

Amateur PHOTOGRAPHER...

Image
මේක ටිකක් පරණ කතාවක්... අපේ අසහාය විකට නළු, ප්‍රවීණ මාධ්‍යවේදී Janaka Nawalage ශිල්පියාට උපහාර පිණිස පොඩි ලුණු ඇඹුල් ටිකක් ආයෙත් දාලා නැවත පළකරන්න කියලා හිතුවා...  Amateur PHOTOGRAPHER... ****************************** අපේ ජානක නාවලගේ කියන්නේ කළාවට උපන් හපන්කම් දක්වන ශිල්පියෙක් වගේම අපිට හිටිය හොඳ Photographer කෙනෙක්... මේ සිද්ධිය උනේ ජානක Photography වල අයන්න ආයන්න කියලා අත්පොත තියෙන කාලේයි... ජානක උසස් පෙළ විභාගේ එහෙම කරලා ජොබ් කට්ටකට යන්න හීන මවමින් නිකං ඉන්න කාලේ, ජානකට හිතුනලු Photography පොඩ්ඩක් ඉගෙන ගෙන පොඩි පොඩි ඉවෙන්ට්ස් ටිකක් කවර් කරල අමතර ආදායම් මාර්ගයක් හදාගත්තොත් හොඳයි කියලා... ඉස්සර කාළේ ඉතිං ඔය දැන් වගේ Photography ඉගෙනගන්න කොහෙවත් පන්ති තිබුණෙත් නෑනේ... කොහොම හරි උපන් හැකියාවයි... හිතේ හයියයි... Talant එකයි... යාළුවන්ගේ සහයෝගයෙනුයි... පුරුෂ ශක්තියයි... තරුණ ජවයයි... මේ කියන මේ ඔක්කොම එළියට දාලා ජානක වැඩේට බැස්සා... ඒ කාළේ Narada Bakmeewewa ළග හොඳ කැමරාවක් තිබුණා... ඉතිං හොඳම යාළුවා නිසා යට ඇදුම් ඇරුණුකොට නාරද සතු හැම දෙයකම අයිතිවාසිකම පරම්පරාගතව තමන්ටත් උරුමකමක් තිය...

1900 ඉපඳුණු අයෙක් නම්...

Image
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ 1900 වර්ෂයේ උපන් අයෙක් නම් පහත සඳහන්වන මේ ලෝක සිද්ධීන් ඔබගේ ජීවිත කාළය තුළ ඔබට අත්දැකීමට සිදුවෙනවා... එය එසේනම් ඔබට අවුරුදු 14ක් වනවිට ඒ කියන්නේ 1914 වසරෙදී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා... ඊට අවුරුදු හතරකට පසු ඒ කියන්නේ 1918 වසරෙදී, ඔබට අවුරුදු 18 වනවිට එය නිමාවට පත්වෙනවා. එහිදී ලෝක ජනගහණයෙන් මිලියන 22ක් මිනිසුන් මියයනවා.  ඊට පස්සේ ඉන් අවුරුදු දෙකක් ගතවන විටම  ඒ කියන්නේ 1920 වසරෙදී (Spanish Flu) ස්පාඤ්ඤ උණ නැමති ගෝලීය වසන්ගතය පැතිරී යනවා. ඉන් මිනිසුන් මිලියන 50ක් මිය යනවා. එතකොට ඔබට වයස අවුරුදු 20ක්.  ඉන්පසු ඔබට හරියටම අවුරුදු 29ක් වනවිට ඒ කියන්නේ 1929 වසරෙදී නිව්‍ යෝර්ක් කොටස් වෙළඳපොල කඩාවැටීමත් සමඟ ආරම්භ වූ ගෝලීය ආර්ථික අර්බූදය නිසා ඇතිවූ උද්ධමනය, විරැකියාව සහ සාගතයට මුහුණ දීමට මිනිසුන්ට සිදුවෙනවා...  එයින් පසු හරියටම ඔබට අවුරුදු 33ක් වනවිට ඒ කියන්නේ 1933 වසරේදී නාසීන් විසින් යුරෝපයේ යම් කොටස්වල බලය අල්ලා ගන්නවා... ඉන්පසු ඔබට වයස අවුරුදු 39 ක් වන විට වසර 1939 දී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වී එය අවසන් වන්නේ ඔබේ වයස අවුරුදු 45 ක් වන විටයි ඒ ...

වික්ටෝරියන් ස්ලම් හවුස්...

Image
19 වන සියවසේදී එංගලන්තයේ එක් එක් ප්‍රදේශවල 'වික්ටෝරියන් ස්ලම් හවුස්' නමින් අපුරු නවාතැන්පලවල් කිහිපයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. විශේෂයෙන්ම එවකට මේවායින් නවාතැන් සපයනු ලබාදෙන ලද්දේ එම නගර ප්‍රදේශවල සිටින ගෙයක් දොරක් නැති වීදි ජනයා සඳහායි. දුප්පත් මුඩුක්කුවාසී අසරණ මිනිසුන් වෙනුවෙන් රාත්‍රී කාලයේදී පමණක් නවාතැන් පහසුකම් ලබාදුන් මෙම ' වික්ටෝරියන් ස්ලම් හවුස්' නවාතැන් පොල එවකට එරට තුල දුප්පතුන්ගේ මහත් ජනප්‍රිය ස්ථානයක් වී තිබුණා. සෑම දිනකම විශාල පිරිසක් මෙහි පැමිණීම නිසා මෙහි නවාතැන් ගාස්තු වශයෙන් පැමිණෙන්නන්ගෙන් ඉතා සුළු මුදලක් අයකරනු ලැබුවා. එමෙන්ම මෙහි නවාතැන් සැපයීම් පසුකම් තුන් ආකාරයකට සිදුකරනු ලැබුවා. බ්‍රිතාන්‍යය පෙනී (බ්‍රිතාන්‍ය සත) එකේ සිට පෙනී හතර දක්වා ක්‍රම තුනක් සඳහා මෙහි නවාතැන් පහසුකම් වර්ගකර තිබුණා.  පළමු ක්‍රමය වන්නේ විශාල කාමරයක් පුරාවට එක දිගට දමා ඇති බංකු මත රෑ එළිවෙන තුරා ඉඳගෙන සිටීමයි. මෙහිදී ඔවුනට බංකුව මත දිගාවී නිදාගැනීම සපුරා තහනම්‍ කර තිබුණා. අවශ්‍ය නම් ඉදගෙන සිටින ඉරියව්වෙන් එම ආකාරයටම ඔවුනට නිදාගැනීමට අවසර තිබුණා. මේ පහසුකම සඳහා එක රාත්‍රියකට පෙ...

සියදිවි නසා ගැනීමක්..?

Image
හිතවත් අසල්වැසියාණෙනි... කරුණාකර ඔබේ ඇඳුම් එකට එක ගොඩේ දමා වේලීම නොකරන්න. රාත්‍රියේ වැඩ නිමවී ගෙදරට ඇවිත් බැල්කනියෙන් බැලූවිට මෙවන් දසුනක් මා දුටුවහොත් මගේ යටි බඩට හෘදයාබාධයක් පවා ඇතිවිය හැක... ඡායාරූප උපුටා ගැනීම නේපාලයේ මහල් නිවාස සංකීර්ණයකිනි....  

රුවල් ගල්...

Image
රුවල් ගල්, ඇවිදින පාෂාණ, ලිස්සා යන පාෂාණ, පෙරළෙන ගල් එහෙමත් නැත්නම් චලනය වන පාෂාණ ලෙස හඳුන්වන මෙම පාෂාණ විශේෂ දකින්නට ලැබෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි Death Valley( මියගිය නිම්නය ) ලෙස හඳුන්වනු ලබන ජාතික උද්‍යානයේයි. පර්යේෂකයන්ට හා විද්‍යාඥයන්ට තවමත් ප්‍රශ්ණාර්ථයන් ඉතිරිකර ඇති මෙම ඇවිදින පාෂාණවල රහස කිසිවෙකුට තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත. මිනිසෙකු හෝ යම්කිසි සත්වයෙකු විසින් තල්ලු අරගෙන හෝ ඇදගෙන ගිය ආකාරයට මුල සිට අග දක්වා පස් මත මඟක් සළකුණු වී තිබුණත් මෙම ක්‍රියාව සඳහා කිසිම සත්වයෙක්ගේ හෝ මිනිසෙක්ගේ සම්බන්ධයක් නොමැති බව පර්‍යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ මෙම ගමන් කරන පාෂාණ වලට හේතුවී ඇත්තේ භූගෝලීය සංසිද්ධියක් බවයි. 2011 අවුරුද්දේ සහෝදරියන් දෙදෙනෙකු එක්ව කරන ලද පරීක්ෂණයකදී ඔවුන් සොයාගෙන ඇත්තේ රාත්‍රියේ එම ප්‍රදේශයේ පවතින දැඩි සීත කාලගුණය නිසා මිදීමට ලක්වෙන අයිස් පසුදා උදේ අව්ව නිසා දියවීමට පටන් ගත් විට එම අයිස් තට්ටු එම කළාපයේ ඇතිවන මඳ සුළං ප්‍රවාහයන් මගින් කැඩී ගොස් පාවෙන්නට පටන් ගනියි. මෙසේ පාවී එන අයිස් කුට්ටි විසින් පොලවේ රැදී තිබෙන මෙම පාෂාණ එම ක...

බුරියානි...

Image
විජය කුමාරතුංගයි, ගාමිණී ෆොන්සේකයි එකට රඟපෑව චිත්‍රපටියක තිරයෙන් පිටුපස සිදුවුනු පුංචි සිද්ධියක පරණ කතාවක් මතක් උනා...  කතාව මේකයි...  මේ දෙන්නම එකම චිත්‍රපටයේ රඟපෑවා උනාට දෙන්නට දවස් දෙකකට තමයි රූපගතකිරීම් යෙදිලා තිබුණේ. පළවෙනි දවසේ විජයගේ රූපගත කිරීම් යෙදිලා තිබුණා. උදේ වරුවේ යොදාගෙන තිබුණු රූපගත කිරීම් ඉවරවෙනකොට දවල් කෑම වෙලාවත් ඇවිල්ලා. ඔන්න ඉතිං විජය දවල් කෑම කන්න ලෑස්ති උනා. ප්‍රොඩක්ෂන් මැනේජර් එතනට ආවා... විජය - මල්ලි... මොනවද අද දවල්ට අපිට කන්න තියෙන්නෙ..? ප්‍රොඩක්ෂන් මැනේජර් - අද සර්ලට බුරියානි තමයි තියෙන්නේ... විජය - එච්චරද තියෙන්නේ..? ප්‍රොඩක්ෂන් මැනේජර් - ඔව් සර්... අනිත් කට්ටියට නෝමල් රයිස් ඇන්ඩ් කරි ගෙනල්ලා තියෙනවා... විජය - ඇයි එහෙම අපිට විතරක් විශේෂයක් කරන්නේ..?  මට බුරියානි එපා අනිත් අයට වගේ මටත් නෝමල් බත් පැකට් එකක්ම දෙන්න... එහෙම කියපු විජය නෝමල් බත් පැකට් එකක් ඉල්ලගෙන තාක්ෂණික කණ්ඩායම සහ අනිත් අයත් එක්ක පොඩි කයියක් ගහගෙන කෑම කෑවා...  ඔන්න දෙවෙනි දවසේ ගාමිණිගේ රූපගතකිරීම් දවස. විජය වගේ නෙවෙයි ගාමිණී ප්‍රොඩක්ෂන් එක යන විදිය ගැන පොඩ්ඩක් හොයලා බලනවා. ...

Jack Daniels...

Image
දවසක් එක මනුස්සයෙක් ගඟ ළගට යනවා විනෝදෙටත් එක්ක මාළු ටිකක් අල්ලගන්න කියලා. පැයක් දෙකක් තුනක් බිලිපිත්ත ගඟට දාගෙන ඉන්නවා කිසිම මාළුවෙක් අහුවෙන්නේ නෑ. ඇමට අහුවෙන මාළුවත් මෙයා දාන ඇම කාලා බේරිලා යනවා. දැන් මේ මනුස්සයා ඇමට දාන්න ගෙනාපු පණුවෝ ටිකත් ඉවර වෙනවා. ලොකු මාළුවෝ පේන්න හිටියත් මිනිහට අද මාළුවෙක් අල්ලගන්න චාන්ස් එකක් ආවෙම නෑ. බලාපොරොත්තුව කඩවුනු නිසා සියල්ල අකුලාගෙන ආපහු ගෙදර යන්න කියලා හිතලා අනිත් පැත්තට හැරෙනකොටම මේ මනුස්සයා දකිනවා ලොකු නයෙක් ගෙම්බෙක් අල්ලගෙන ඌව ගිලින්න දඟලනවා.  මේක දැකපු මනුස්සයට හොඳ අදහසක් එනවා. කොහොමහරි නයාගෙන් මේ ගෙම්බව ගත්තොත් ඒ ගෙම්බව ඇමට අමුණලා ලොකු මාළුවෙක් අල්ලගන්න පුළුවන්. දැන් මේ මනුස්සයා නයාගෙන් මේ ගෙම්බව ගන්න විදියක් කල්පනා කරනවා. මේ මනුස්සයා දන්නවා මේ නයා ගෙම්බව අල්ලගෙන ඉන්න නිසා ඌ දැන් කීයටවත් මිනිහට දෂ්ඨ කරන්න එන්නේ නෑ. මනුස්සයා හිමීට නයාට පිටිපස්සෙන් ගිහින් එක පාරම පැනලා නයාගේ බෙල්ලෙන් අල්ල ගන්නවා.  දැන් නයාගේ බෙල්ල ටිකක් තද කරනකොට නයා අර ගෙම්බව කටෙන් එළියට දානවා. ගෙම්බත් දැන් බාගෙට මැරිලා ඌත් ඔහේ ඉන්නවා. දැන් මේ මනුස්සයාට අවශ්‍ය වැඩේ කෙරුන...

1930 ලන්ඩන් නුවර ඇවිදින පුස්තකාලයක්...

Image
අනෙකුත් යුරෝපීය රටවලට මිනිසුන්ට වඩා බ්‍රිතාන්‍යය වැසියන්  පුස්තකාලය වලට යෑමට මැලිකමක් දක්වපු නිසා මෙසේ ඇවිදින පුස්තකාලය සේවාව රටතුළ ප්‍රචලිත කිරීමට එවකට සිටි බලධාරීන් පියවර ගනු ලැබුවා. ඔවුන් මෙම සේවාව සති දෙකකට වරක් මෙසේ ක්‍රියාත්මක කරමින් වීදිවල සහ සෑම නිවසකටම ගොස් ඔවුනට පොත්පත් කුලියට ලබාදීමට පියවර ගනු ලැබූවා... - ධම්මික සමරතුංග - #DhammikaSamaratunga...  

අපි ආදරය කරන පෘතුගාලය...

Image
ලා නිල් පාට කොට කලිසමකින්, තද නිල් පාට ජර්සියකින් සහ මුඛ ආවරණයක් පැළඳ මුදල් ගෙවීම සඳහා තම වාරය එනතෙක් පෝලිමේ මේ බලා සිටින්නේ පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසාය... ඔහු එනතුරු දැල්වෙන, නිවෙන විදුලි පහන් සහිත කාර්-ජීප් එළියේ නවත්වා නැත, ඔහු වෙනුවෙන් මෙහි රතු කාපට් එලා නැත, ඔහුගේ ආරක්ෂාවට ආරක්ෂකයෝ හෝ පොලීසියෙන් මෙහි නැත, ඔහු එනවා කියා කිසිවෙකු මෙම වෙළඳ සැළෙන් පන්නා දැමුවේද නැත.  ජනාධිපතිවරයා උනත් ඔහු මේ අවස්ථාවේ දී මෙම වෙළඳසැලේ භාණ්ඩ මිළදී ගැනීමට පැමිණි තවත් එක් මිනිසෙකු පමණි...  ඔහුත් මේ රටේ පුරවැසියෙකි...  ඔහු මේ රටේ රාජ්‍ය සේවකයෙකු පමණි... පහළින් ලියමි... මා පෘතුගාලයේ පුරවැසියෙක් නොවන බවත් මෙය මා විසින් ලියන ලද්දක් නොවන බවත් කරුණාවෙන් සළකන්න...  ඉහත එම සටහන ඒ අවස්ථාවේ එතැන සිටි පෘතුගාල වැසියෙකු විසින් ඔවුන්ගේ භාෂාවෙන් ලියා සමාජ මාධ්‍යට මුදාහල පෝස්ටුවකි. මෙය මා විසින් උපුටාගෙන, තටමාගෙන පරිවර්තනය කර මෙසේ ඔබට පළ කළෙමි... දැනට මෙය බලා අපිත් ඔවුන් සමඟ සතුටු වී... මෙවන් දෙයක් අපේ රටේ කෙදිනක හෝ දකිනාතුරු තටමාගෙන සිහින දකිමු... - ධම්මික සමරතුංග - #DhammikaSamaratunga....

ලෝන් එක...

Image
ඇමරිකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති වැදගත් මනුස්සයෙක් නිව්‍ යෝර්ක් නගරයේ පිහිටා තිබෙන නිව්‍ යොර්ක් සිටි බැංකුවට ඇවිත් ණය පහසුකම් ලබා දෙන නිලධාරියා මුණ ගැහෙනවා. තමාගේ ගිණුමක් මේ බැංකුවේ ඇති බවත් තමා හෙට සති දෙකක කාළයකට ඉන්දියාවේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටත්ව යන බවත් ඒ සඳහා තමන්ට ඇමරිකන් ඩොලර් 5000 ක ණය මුදලක් අවශ්‍ය කරන බවත් ණය අංශයේ නිලධාරියාට ඔහු පවසා සිටිනවා. නිළධාරියා ඔහු ලබාදුන් ගිණුම් අංකය සඳහන් ඔහුගේ ගිණුම පරික්ෂාකර බලා ඔහුට මදක් ඉන්නැයි පවසා බැංකු කළමණාකරු හමුවීමට යනවා. ටික වෙලාවකින් පසු අර නිළධාරියා නැවත පැමිණෙනවා. මෙම ගිණුම අනුව ඔබට ඩොලර් 5000 ක ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ හා සමාන කිසියම් දෙයක් ඇපයට තැබිය යුතුයැයි නිළධාරියා විසින් ඔහුට පවසා සිටිනවා. ඔහු එයට එකඟ වෙනවා.  " හරි... මම මගේ වාහනය ඒ සඳහා ඇපයට තබන්නම්..." ඔහු පවසනවා.  " හොදයි මට ඔබේ වාහනයේ ලියකියවිළි දෙන්න..." බැංකු නිලධාරියා ඔහු දෙන ලියකියවිළි පරික්ෂා කරනවා.  ඔහුගේ ඇස් උඩ යනවා. ඩොලර් 750,000 පමණ වටිනා අළුත්ම ෆෙරාරි රථයක් ඇපයට තියලා ඩොලර් 5000 ක ණයක් ගන්න මේ මනුස්සයාට පිස්සුද? නිළධාරියා ...

ගැහැණු මොලේ...

Image
ඔන්න දවසක් ගොවියෙක් තම ගොවිපොලේ අස්වැන්න තමන්ගේ අත්ට්‍රැක්ටරයට පටවගෙන කඩමණ්ඩියට ආවා විකුණගන්න කියලා. ඔහු හිතුවා වගේම ගෙනා අස්වැන්න වෙනදා වගේම විකුණාගත්තා. ඉන් පස්සේ ගෙදරට ඕන කරන බඩු බාහිරාදියත් සල්ලිවලට අරගෙන අත්ට්‍රැක්ටරයට පටවාගත්තා. ගමට ටිකක් දුර යන්න තියෙන නිසා බාර් එකටත් ගොඩවෙලා බෝතල් දෙක තුනකුත් අරගෙන පොඩි ෂොට් එකකුත් දාගත්තා. දැන් පොර පොඩි කික් එකකුත් එක්ක ගෙදර යන්න කියලා හිතලා අත්ට්‍රැක්ටරය පණගන්වන්න උත්සාහ කළත් හරියන්නේ නෑ. දෙතුන්පාරක් උත්සාහ කළත් හරි යන්නෙම නෑ.  දැන් මාර ප්‍රශ්ණේ ට්‍රැක්ටරයේ මොකක් හරි ට්‍රබල් එකක්. අමාරුවෙන් දෙතුන් දෙනෙක් අල්ලගෙන තල්ලුවක් දාලා අත්ට්‍රැක්ටරය ගරාජ් එකට හදන්න දාගන්නවා. ඒක හදන්න දවස් දෙක තුනක්වත් යයි කියලා බාස් කියනවා. දැන් ඉතිං මොනවා කරන්නද අතින් ගෙනියන්න පුළුවන් බඩු ටික විතරක් අරගෙන අනිත් බඩු ටික පරිස්සමට ගරාජ් එකේම තියලා දැන් මෙයා ගෙදර යන්නයි කල්පනාව. ඒත් ගෙනියන්න අතට ගත්ත බඩු ටිකත් අරගෙන යන්න අමාරුයි. මෙයා කල්පනා කර කර පාර අයිනට වෙලා ඉන්නකොට තරුණ කාන්තාවක් ඔහු අසලට පැමිණෙනවා. ඇය ඇවිත් ගමකට යන පාරක් ගැන ඔහුගෙන් විමසනවා. " මමත් යන්නේ ඒ ගමටම...

කුකුල් මස්...

Image
මැදිවියේ කාන්තාවක් නගරයේ තියෙන කුකුළ් මස් කඩේකට ගොඩ වෙනවා. ටිකක් හවස් වෙලා නිසා වෙළදාම් කටයුතු හමාර කරලා මුදලාලි කඩේ වහන්න ලෑස්තිවෙලා ඉන්නකොට තමයි මෙම කාන්තාව කඩේට ඇතුළු වෙන්නේ.  " මුදලාලි කුකුළ් මස් තියෙනවද..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා. මුදලාලි ගොස් තමන්ගේ අධි ශීතකරණ දෙක තුනක්ම ඇරලා බලනවා. කුකුළ් මස් සියල්ල විකිණී හමාරයි. ඔහු ගොස් ඔහුගේ අන්තිම අධි ශීතකරණයත් අරිනවා. හොඳ වෙලාවට එකම එක කුකුළෙක් එහි තිබෙනවා ඔහු දකිනවා. එය ශීතකරණයෙන් රැගෙන ඇවිත් තරාදිය මත තබනවා. එම කුකුළාගේ බර කිලෝ එකහාමාරක් බව දෙදෙනාම දකිනවා. " මීට වඩා ටිකක් ලොකු කුකුළෙක් නැද්ද මුදලාලි..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා. කුකුළ් මස් ඉවරයි කියලා කියන්නෙත් නෑ. මේ අන්තිම කුකුළා කියලා කියන්නෙත් නෑ. මුදලාලි අර කුකුළා අරගෙන ආයෙත් අධි ශීතකරණය වෙත යනවා. අතේ තිබුණ කුකුළා ආපහු ශීතකරණයට දාලා ආයෙත් ඒ කුකුළාම අතට අරගෙන ඇවිත් ආයෙත් තරාදියේ තියෙන ගමන් තමන්ගේ මාපට ඇඟිල්ලෙන් තරාදිය පොඩ්ඩක් තද කරනවා. දැන් මේකේ බර කිලෝ දෙකක් විදියට පෙන්නුම් කරනවා. " හරි නියමයි මට මේ කුකුළා දෙන්න... එත් එක්කම අර කලින් කිරපු කුකුළත් දෙන්න....

විශාදය...

Image
මෙහේ මැරිච්ච එවුන් ගැන, මෙහේ මරපු එවුන් ගැන කවුරුත් කතා කරන්නේ නෑ... කොහේවත් යන ඉන්දියන් නළුවෙක් එල්ලිලා මැරුණම මෙතන බුකියේ එවුන් ඔක්කොම වැළලෙන්න හදනවා... ඉන්දියාවේ සුශාන්ත්ට කොල්ලෝ කෙල්ලෝ දාන දුක්මුසු පෝස්ට් අතර අරවගේ පෝස්ට් ටිකකුත් දැක්කා... ඇත්ත තමන්ගේ සිතුවිළි අතර හිටපු, තවමත් ඉන්න, තමන්ගේ ෆැන්ටසියක ඉන්න එකෙකුට එහෙම දෙයක් උනාම තරුණ එවුන් දන්නෙම නැතුව කළබල වෙනවා... දුක් වෙනවා... පෝස්ට් ලියනවා... එයාගේ පින්තූර ශෙයාර් කරනවා... ඒක තමයි ඇත්ත... මොකද මෙයා අපේ රටේ මැරිච්ච දෙන්නට වඩා අපේ තරුණ එවුන්ගේ හදවත්වල ඉන්නවා. සුශාන්ත් කියන්නේ  පෝස්ට් දාන අපේ රටේ හැම කොල්ලා කෙල්ලගේම තවත් එක සිහින කුමාරයෙක් වෙන්න ඇති... කෙල්ලොන්ගේ ක්‍රෂ් එකක් වෙන්න ඇති... සමහර කොල්ලොන්ගේ රෝල් මොඩ්ල් එකක් වෙන්න ඇති... ඒකට හේතුව ඌ කරපු මොකක් හරි දෙයකින් අපේ එවුන්ගේ හදවත් ඌ හොරා ගත්ත නිසා. ඒක අපේ රටේ මැරිච්ච දෙන්නගෙන් අපේ එවුන්ට නොලැබුණු දෙයක්. අපේ සමහරු අපේ රටේ මැරිච්ච දෙන්නා ගැන දන්නේ ඒ දෙන්නා මැරුණට පස්සේ. නමුත් සුශාන්ත් කියන්නේ මැරෙන්න කළින් අපේ අය දැනගෙන හිටපු පොරක්...  ඒක වෙන්නේ කලාවට, ක්‍රීඩාවට අපේ මිනිස්...

රුපියල් 5 කට බෙහෙත් දෙන දොස්තර...

Image
මේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නගරයක එක්තරා වීදියක් අයිනක සාමාන්‍ය දසුනක්...  මෙය සාමාන්‍ය දසුනක් වගේ පෙනුනට මේය සාමාන්‍ය දසුනක් නෙවෙයි...  මේ බැම්මක් මත ඉදගෙන යමක් ලියමින් සිටින මිනිසා දෙස බලන්න...  ඔහු සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි... ඔහු ඉන්දියාවේ සිටින චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි...  එතැන සිටින අනෙක් අය ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිනිස පෝලිමේ තම වාරය එන තෙක් බලා සිටින රෝගීන්ය... මොහුගේ නම විශේෂඥ වෛද්‍ය ශන්කර් ගව්ඩාය... ඔහු ඔහුගේ MBBS උපාධිය ලබාගන්නේ කල්කටා වෛද්‍ය විද්‍යාලයෙනි... විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පිටවෙන්නේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයකිනි... ඔහුට ඔහු සතුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් නැත...  නමුත් සෑම ඉරිදා දිනයන් හැර සතියේ ඕනෑම දිනයක සවස 2 සිට රාතී 10 දක්වා කර්නාටක ප්‍රාන්තයේ මන්ඩ්‍යා නගරයේ තැපැල් හල අසලදී මෙසේ ඔහුව හමුවිය හැක... නගරයේ වඩාත් ප්‍රසිද්ධියට පත් මෙම වෛද්‍යවරයා හදුන්වන්නේ "අයිදු රුපී ඩොක්ටර්" (රුපියල් පහේ දොස්තර)ලෙසිනි... එයට හේතුව පලාතේ අසරණ දුප්පත් රෝගීන්හට තම කාලය හා ශ්‍රමය කැප කරන ඔහු ඕනෑම රෝගියෙකුගෙන්ම ඔහුගේ පරි...

අමතර ආදායම...

Image
දවසක් එක්තරා රටක මනුස්සයෙක් ඔෆීස් එකක වැඩ කර කර ඉන්න අතරතුර හදිසියේ ගෙදර එන්න අවශ්‍යතාවයක් ඇතිවෙලා දවස් භාගයක නිවාඩුවක් එහෙම දාලා ඉක්මනට ඇවිත් ටැක්සියකට ගොඩවෙනවා.  ටැක්සියේ ටික දුරක් ඔහොම යනකොට එක තැනකදී මෙයා පොඩි වාහන තදබදයකට අහුවෙනවා. ට්‍රැෆික් එක අස්සේ මේ මනුස්සයා වටපිට බල බල ඉන්නකොට එකපාරටම දැකපු දෙයක් නිසා කලබල වෙලා රියදුරාට කෑගහලා මෙහෙම කියනවා... " ඩ්‍රයිවර්... ඉක්මණට ඔය අයිනකින් වාහනය නවත්තන්න..." රියදුරා ඉක්මණින්ම ඉඩ තියෙන තැනකින් වාහනය නවත්තනවා... " ඇයි සර්... මොකක් හරි හදීසියක් ද..?" " තමුසේ කැමතිද මේ හයර් එක යන ගානට වඩා ටිකක් වැඩි ගාණක් හම්බකරගන්න..?" " මොනවා කියනවද සර්... මේ දවස්වල සල්ලි කියන්නේ ඉතිං... දන්නවනේ... මොනවද වෙන්න ඕනි කියන්න... මම කරන්නම්" අර මනුස්සයා තමන්ගේ බෑග් එක ඇදලා ෆොටෝ එකක් අරගෙන ඩ්‍රයිවර් අතට දෙනවා. " ඕකේ ඉන්න එක්කෙනා දිහා හොඳට බලනවා... ඔය ඉන්නේ මගේ වයිෆ්... මම මේ දැන් දැක්කා එයා තව මනුස්සයෙක් එක්ක අර තියෙන හෝටලය ඇතුලට ගියා... තමුසෙට පුළුවන් නම් ගිහිල්ලා එයාව බෙල්ලෙන් ඇදගෙන එනවා... මම තමුසෙට හොඳ ගානක් දෙන්නම්....

නොදන්නා යමක් දැනගන්න....

Image
නොදන්නා ප්‍රදේශයක ගමන් කරන විට ඔබව රැගෙන යනු ලබන අශ්වයා තම පිපාසය සංසිදවා ගැනීමට පානය කරන ජලය ඇති ජල මූලාශ්‍රයෙන්ම ඔබත් බිය නොවී ජලය පානය කරන්න... කිසිම විටක කොපමණ තිබහසින් සිටියත් අශ්වයා අපිරිසිදු සහ විෂ සහිත ජලය පානය නොකරයි... ඔබගේ ගෙදර සිටින බළලා නිතරම සුවපහසුවෙන් නිදන්න තෝරා ගන්නා තැන ඔබගේ යහනය ස්ථානගත කරන්න... නිවසේ හොදින් විවේකිව නිදන්න තිබෙන හොදම තැන ඔබේ බළලා විසින් ඔබට තෝරා දෙයි... පළතුරකට පණුවන් එයි නම් ඔබත් එම පළතුර අහාරයට ගන්න...  මැස්සන් වසා සිටින හතු වර්ග ආහාරයට ගන්න... ඒවා විස රහිතය... මීයෙකු විසින් හාරා ඇති පොළොව ආසන්නයේම ඔබ පැළයක් සිටුවන්න... පැළයක් වැඩීමට හොදම තැන එතැනයි... සර්පයෙකු නිතර ගැවසෙන තැනක ඔබත් ඔබේ නිවහන ගොඩනගන්න... වාසස්ථානයකට හොදම තැන එයයි... වියළි කාලයේදී කුරුල්ලන් විසින් සාදන ලද කූඩුවක් ඇති තැන ළිඳක් හෑරීමට හොඳම තැනයි... අභ්‍යන්තර ජල සිසිලස ලැබෙන තැන් ඔවුන් නිතරම කූඩූ තැනීමට තෝරා ගනියි... කුකුලාගේ හඬට උදෑසනින්ම අවදිවන්න... ඔබට දිනය වඩාත් සුභදායි එකක් වේවි... වැඩියෙන් පලා වර්ග අනුභව කරන්න... ඔබට ශක්තිමත් පාද යුගලක් සහ සිංහයෙකු මෙන් ශක්තිමත් හදවතක් ලැබේ...

මියගිය ඥාතින්ගේ මළකඳන් ගොඩ ගැනීමේ චාරිත්‍රය...

Image
ඉන්දුනීසියාවේ එක්තරා ගම්මානයක වෙසෙන ගම්වැසියන් විසින් ඔවුන්ගේ මියගිය ඥාතින් සිහිකිරීම සඳහා වසරක් පාසා හරි අපූරු උත්සවයක් පවත්වනවා.  අපේ රටේ නම් අපේ ඥාතියෙක් මියගියාම අපි කරන්නේ දවස් හතේ බණ කියලා දානයක් දීලා ඊට පස්සේ තුන් මාසේ බණ හෝ පිරිත් කියලා දානේ දීලා ඊළගට අවුරුද්දේ සැමරුමත් ඒ විදියටම කරලා ඉන්පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද පන්සලට දානේ පිරිනමන එකනේ. නමුත් ඉන්දුනීසියාවේ ටොරාජා ගමේ පදිංචිකරුවන් තම මියගිය ඥාතින් සිහිකිරීම සඳහා අවුරුද්දකට සැරයක් පවත්වන මේ උත්සවයට මියගිය ඥාතින්ගේ මළකඳන් නැවත ගොඩගැනීම කරනවා. මෙසේ සොහොන් ගෙවල් වලින් ගොඩ ගන්නා මළකඳන් ඔවුන්ගේ නිවෙස් වලට අරගෙන යනවා. ඉන් පස්සේ මේ මළකඳන් පෙට්ටිවලින් ඉවතට ගෙන හොදින් සෝදා පිරිසිදු කර ඒවාට අලුත් ඇඳුම් අන්දවනු ලබනවා. ඉන්පස්සේ ඔවුන්ගේ ඥාතියන් ජීවත්ව සිටියදී ආසාකරපු සියළුම කෑමබීම වලින් සමන්විත පූජාවන් මෙම මළකඳන් සඳහා පැවැත්වීම ප්‍රථමයෙන් සිදුකරනවා. මේ අතර සමහර මළකඳන් වලට මධ්‍යසාර පෙවීම, සිගරට් පෙවීම ආදියද සිදුකරනවා.  ඔවුන් මෙසේ සිදුකරනු ලබන්නේ මියගිය මෙම මළසිරුරු තුළ තම ඥාතින්ගේ ආත්මයන් රැදී පවතින බවටත්, එම ආත්මයන් රැකගැනීම ඔවුන්...

සාඩින් මසුන්ගේ නර්ථනය...

Image
මුහුදු රළ මත ක්‍රීඩා කරන සර්ෆස්වරුන් සහ ස්කූබා කිමිඳුම් කරුවන් සාගර සංරක්ෂණය සඳහා ප්‍රබලම උපදේශකයින් වන බවත් ඔවුන් නිරන්තරයෙන්ම සාගරයේ හා ඒ අවට පරිසරය තම ජීවිතය කර ගෙන ඇති නිසා, ඔවුන් අපේ ග්‍රහලෝකයේ සුන්දරත්වය, අස්ථාවරත්වය වගේම පිරිහීම පෞද්ගලිකව දැක එය පළමුවෙන්ම අත්විඳින පිරිස බවත් සිල්වියා අර්ල් නැමති ඇමරිකානු පරිසර විශේෂඥවරිය පවසා තිබෙනවා... සාගරයේ ඇති සුන්දරත්වය ගැන ඇයගේ එම කියවීම සනාත කිරීමට පිලිපීනයේ සෙබු දිස්ත්‍රික්කයේ මොල්බෝල් වෙරළ ආසන්නයේ මුහුදු අභ්‍යන්තරයේ දක්නට ලැබෙන දර්ශණීය සාඩින් මසුන්ගේ නර්ථන ධාවනය මෙයට හොඳම උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්. ලෝක ප්‍රසිද්ධ පිලිපීනයේ මෝල්බෝල් මුහුදේ සාඩින් නර්ථනය නැත්නම් සාඩින් මසුන්ගේ ධාවනය ලෙස හැඳින්වෙන මෙම සිද්ධිය, වසර පුරා එම කළාපයේ දකින්නට ලැබෙන ඇදහිය නොහැකි විශ්මයජනක ස්වාභාවික දර්ශනයක් ලෙස සැළකෙනවා. මෙහි විශේෂයක් වන්නේ එක පොකුරට විශාල ස්කන්ධයක් විදියට එකට එකතුවී එකම දිසාවකට චලනය වන සාඩින් මසුන් මිළියන ගණනක්, ගැඹුරු මුහුද පතුළේ සිට ඉහළට ගොස් විවිධ දර්ශණීය නර්ථන රටවන් නිර්මාණය කිරීමයි. මෙම දැවැන්ත මසුන් ප්‍රවාහය ඉතා හොඳින් සංවිධානය වී ඇත...

BMW රථයක අවසන් ගමන් යාම...

Image
සාමාන්‍යයෙන් මනුස්සයෙක් මැරුණම අපි ඒ ගෙදර දකින්නේ සාම්ප්‍රදායික මළ ගෙයක්නේ. භූමදානය දවසේ දකින්නේ මියගිය තැනත්තාගේ පෙට්ටිය සමඟ පිටුපසින් ගමන් කරන ශෝකයෙන් පෙළෙන්නන්, නෑදෑයින් සහ හිතවතුන් සහිත සාම්ප්‍රදායික අවමඟුල් පෙරහැරක්නේ. ඉන් පස්සේ සාම්ප්‍රදායික අදාහණයක් හෝ භූමදාණයක්නේ.  ඒත් දැන් කාලේ යහමින් මුදල් ඇති සහ ගෙදර දොරේ ඉඩකඩ මදි උදවිය මේ සඳහා අවමංගල්‍යයාගාරයේම සකස් කර ඇති කුඩා ශාලාවක් වැනි තැනක් මේ සඳහා යොදා ගෙන වැඩ කටයුතු නිමා කර ගන්නවා.  මේ දෙකටත් අමතරව ඊටත් එහා ගිය දෙයක් අගනුවර කේන්ද්‍රස්ථානය කරගෙන VIP ලේබලය යටතේ කෙරෙනවා. එහිදී කෙරෙන්නේ මේ අවමංගල්‍යය වැඩකටයුතු සඳහා තමන්ටම කියා නිවසක් මේ දවස් දෙක හෝ තුන සඳහා කුලියට ගැනීමට පුළුවන් වීමයි. එහි පහසුකම් අතර සනීපාරක්ෂක පහසුකම් සහිත කාමර වලින් සමන්විත ගෙයකට සමාන ඉඩ පහසුකම් හා සියළුම අවශ්‍ය කරන බඩු බාහිරාදිය සහිත ශාලාවක් ලැබෙනවා. ඊට අමතරව වාහන නැවතීමේ පහසුකම් සහිත විශාල මිදුලක්ද මේ නිවසේ තිබෙනවා. නමුත් අදාහණය හෝ භූමදාණය සිදුවන්නේ එකම සාමාන්‍ය විදියටමයි. සමහරවිට මුදල් තිබෙන ආකාරයට සහ මැරුණු පුද්ගලයාගේ වටිනාකම අනුව ඔහු බහාලන පෙට්ටියේ වටින...

බැටළු පැටවුන්ගේ ආරක්ෂකයා...

Image
ඉතාලියේ සෑම වසරකම ශීත කාළයෙන් පසු උස් බිම්වල ගාල්කර සිටින සියළුම බැටළුවන් පහත් බිම්වල ඇති තැනිතලාවන් වලට ගෙන යනු ලබයි. මෙම ගමන ටිකක් දීර්ඝ එකක් සහ තරමක කාළයක් ගතවන නිසා අළුත උපන් බැටළු පැටවුන්ට ඔවුන්ගේ මව්වරුන් සමඟ මෙම ගමන තනිවම ගමන්කළ නොහැකිය. ඒ නිසාම ඒ වෙනුවට මෙම කුඩා සතුන්ට හොඳින් පුහුණුව ලැබූ බූරුවෙකුගේ හෝ කොටළුවෙකුගේ සහයෙන් ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීම ඈත කාළයේ සිටම සිදුකරණු ලබයි. මෙම ගමන පුරාවට මෙම පැටවුන්ගේ ආරක්ෂකයා එහෙමත් නැත්නම් 'නැනී' ලෙස මෙම බූරුවන් හෝ කොටළුවන්‍ කටයුතු කරයි. බැටළු පැටවුන් මෙසේ රැගෙනයාම සඳහා මෙම බූරුවන්ට සාක්කු සහිත විශේෂ කබා සකසා ඇති අතර පැටවුන්ගේ එක් එක් ප්‍රමාණයන් අනුව එම සාක්කු විවිධ ප්‍රමාණයන්ගෙන් සමන්විතව මසා ඇත. සමහර විට මෙම රළු සාක්කු එක් පැත්තකට තුන බැගින් දෙපැත්තේම හයක් දක්වා ඇති අතර, එමඟින් ගමනේදී බැටළු පැටවුන් ඔවුන්ගේ හිස ඉන් එළියට දමාගෙන හුස්ම ගැනීමටත් පරිසරය දැකීමටත් හැකියාව හිමිවෙයි. දීර්ඝ ගමන අතරවාරයේදී ඔවුන් විවේක ගන්නාවිට නැවතත් මෙම පැටවුන් එළියට ගෙන තම මව සොයාගෙන ගොස් ඇයගෙන් කිරි බීමටත් සුරතල් වීමටත් පැටවුන්ට කාළය ලබාදෙයි. මෙම ගොවිපළ...

දෙහි මිරිස් එල්ලීම...

Image
ආදි මානවයා රෝදේ හොයා ගෙන කාළයක් ගියාට පස්සේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඒ රෝදේ ආධාර කරගෙන කරත්තයත් නිර්මාණය කර ගත්තනේ. ඒ කාළේ වෙනකොට මේ කරත්තේ එයාලට භාණ්ඩ එහා මෙහා ගෙනයන්න හොද ප්‍රවාහන මාධ්‍යක් උනා. ඊට පස්සේ මේ කරත්ත ඇදගෙන යන්න මිනිස්සුන්ට අමාරු නිසා ඔවුන්ට සිද්ධවෙනවා මේ සඳහා එක එක සත්තු පුරුදු පුහුණු කර ගන්න. මේ සත්තු අතරින් අශ්වයන්, බූරුවන්, හරකුන් ප්‍රධාන තැනක් ගත්තා. මෑත ඉතිහාසයේ වගේම අදටත් යුරෝපයේ බොහෝ රටවල මේ අශ්ව කරත්ත භාවිතය බහුලව දකින්න පුළුවන්. බූරුවන් සහ ගොනුන් ඇදගෙන යන කරත්ත බොහෝමයක් දකින්න තියෙන්නේ දකුණු ආසියාතික රටවල් කීපයක විතරයි. ඒවාගෙනුත් බොහෝමයක් ඉන්දියාවේ, පාකිස්තානයේ බහුලව දකින්න පුළුවන්. ඒ වගේම ලංකාවේත් තවමත් මේ ගොන් කරත්ත වගේම පුත්තලම පැත්තේ බූරුවන් ඇදගෙන යන කරත්තත් සාමාන්‍ය විදියට දකින්න පුළුවන්. ඉස්සර මේ විදියට සත්තු එක දිගට බොහෝ දුරක් කරත්තයත් ඇදගෙන භාණ්ඩ ප්‍රවාහනය කරගෙන යද්දි උන් එක එක විදියේ ආපදාවන් වලට ලක්වුනා. ඒකෙනුත් මේ සත්තු ගොඩාක් දුක් වින්දේ උන්ගේ කකුල් තුවාල වීමෙන්. දුර ගමන් යනකොට ඇඟට තියෙන අමාරුවට අමතරව ගල් මුල් වල කකුල් වැදිලා උන්ගේ කකුල් කුර අස්සේ තුවාල ව...

වෙද හාමිනේ ගීතයක් ගැන...

Image
ඇයි ඔයගොල්ලෝ ඩැඩී ගැන හුගාක් දේවල් වසන්කරගෙන ඉන්නේ..? මම දන්නේ ඩැඩී මේ වගේ ලංග් කැන්සර් එකකින් මැරුණ කියලා විතරයි... එතන ඉදන්ම වැරදියි... ඩැඩී මලේ කැන්සර් එකකින් නෙවෙයි පුතා... ඔහ් ෂිට්... එහෙනං... ඒක දිග කතාවක් පුතා... Please I want to know about it... Tell me the truth uncle... Please... ඩැඩීට මේ ලෙඩේ හැදිලා මෙහේ කිසිම ඩොක්ටර් කෙනෙක් කිසිම හොස්පිට්ල් එකක් සනීප කරන්න බෑ කිව්වම... ඩැඩීව වියානා වලට අරගෙන ගියා කියලා පුතා දන්නවා නේද..? ඔව්... මමී කිව්ව විදියට ඩැඩී විස්වාස කළා වියානා වලදි එයාට සනීප වෙයි කියලා... That's right පුතා... හරියට හරි...  නමුත් වියානාවල හිටපු ලෝකේ හොදම ස්පෙෂලිස්ට්ලා කිව්වා දැන් මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් ස්ටේජ් එක පැනලා කියලා... ඒ වෙනකොට කැන්සර් එක ඩැඩීගේ පෙනහළු දෙකම ආක්‍රමණය කරලා ඉවරයි...  ඒ ගොල්ලෝ කිව්වා ඩැඩී තව මාස තුණකින් මැරෙණවා කියලා... ඩැඩී කොහොමහරි ඒක එයාගේ මූණටම කියවගත්තා...  මහ පුදුම මිනිහෙක්... එදා එයා මරණය පිළිබඳ තිබිච්ච බය සම්පූර්ණයෙන්ම නැතිකර ගත්තා... මළ මිණියක් වගේ වියානා වලට ගිය ඔයාගේ ඩැඩී ආයේ ලංකාවට ආවේ නියම මිනිහෙක් වගේ... මරණය වැළදග...

B&W TV...

Image
දැන් කාලේ හැදෙන එවුන් දන්නේ නෑ ඒ දවස්වල අපි Black & White Tv එකකින් එංගලන්ත, නයිජීරියා ෆුට්බෝල් මැච් එකක් බලන්න කොයි තරම් කට්ටක් කෑවද කියලා... TV එකේ ටිකක් හරි Brightness වැඩිකරපු ගමන් එංගලන්ත Team එක නැතිවෙලා යනවා...  TV එකේ Brightness අඩුකළොත් නයිජීරියා Team එක නැතිවෙලා යනවා...  බැරි වෙලාවත් ටිකක් තද හුලඟක් ඇවිල්ලා ඇන්ටනා එක පොඩ්ඩක් හරි එහා මෙහා උනොත් මේ Team දෙකම නැතිවෙලා යනවා... - ධම්මික සමරතුංග - #DhammikaSamaratunga...  

ගණිත ගැටළුව...

Image
ඇදිරිනීතිය තව සතියකින් දීර්ඝ කරපු නිසා කාංසිය යන්නත් එක්ක කොරෝනා වලින්ම පොඩි ගණිත ගැටළුවක් විසදන්න බලමු...  එක්තරා රටක එක්තරා නගරයක කොරෝනා ආසාදිත ගැහැණු ළමයෙක් හමුවෙනවා... ඉතින් ඒ ගැහැණු ළමයා සමඟ ඇගේ පවුලේ උදවියත්, ඇගේ ප්‍රේමවන්තයා සමඟ ඔහුගේ පවුලේ උදවියත් නිරෝධායනයට ලක් කරනවා... ඊට පස්සේ හැමෝම පුදුම කරමින් සොයාගනු ලබනවා මෙම ගැහැණු ළමයාට තවත් ප්‍රේමවන්තයින් තිදෙනෙකු සිටින බවත් ඇය මෙම කාලය තුළ ඔවුන්ව මුණ ගැසී ඇති බවත්... ඉන් පසු මේ සියල්ලන්ම සොයාගෙන මේ පවුල් පහේම කට්ටිය එකතුකරලා 37 දෙනෙක් නිරෝධායනයට ලක් කරණු ලබනවා... ඊට පස්සෙ තමයි හොදම හරිය වෙන්නේ... ඉන් පස්සේ හොයාගන්නවා ඇයගේ අනියම් ප්‍රේමවන්තයින් තිදෙනා අතරින් දෙදෙනෙකුට (එක් අයෙකුට එක බැගින්) තවත් ප්‍රේමවන්තියන් දෙදෙනෙක් සිටින බව (මොවුන් දෙදෙනා ඔවුන්වද මෙම කාළය තුල ඇසුරු කර ඇති බව හෙලිවෙනවා) ඉන් එක් ප්‍රේමවන්තියකගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙක් සිටින අතර, ඇයට තවත් අනියම් ප්‍රේම සම්බන්ධතා දෙකක් තිබෙන බවත් සොයා ගන්නවා... අනික් ප්‍රේමවන්තයාට සිටින ප්‍රේමවන්තිය විවාහක බවත් ඇයට දරුවෙකුද සිටින බවත් සොයා ගනු ලබනවා... ප්‍රශ්ණය - දැන් ඔබ ගණන්...