විශ්‍රාමික ඉංජිනේරුවා...
දවසක් එක්තරා රටක සමාගමකට අයත් නැවක් වරායෙන් පැටවීමට තිබූ සියළු කන්ටේනර පටවා අවසන්කර වෙනත් රටකට යාමට සුදානම් උනා. යෑමට සූදානම් උනත් එම නැවේ එක් එන්ජිමක් ක්‍රියා විරහිතවී ඇති බව ඔවුන් දැනගන්නවා. නැවේ සිටින සියළුම කාර්මික ශිල්පීන් හා ඉන්ජිනේරුවන් එක්වී මෙම එන්ජිම පණගැන්වීම සඳහා කොපමණ වෙහෙසක් දැරුවත් ඔවුනට මෙය පණගන්වා ගන්නට නොහැකි වෙනවා. දන්න සියළු උපක්‍රම යෙදුවත් නැවේ සිටින කිසිවෙකුට එය යථා තත්වයට පත්කරගැනීමට නොහැකි වූ නිසා නැව් සමාගම විසින් එම රටේම සිටින අවුරුදු 40 ක පමණ පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු මේ නැවට ගෙන්වා ගන්නවා. ඔහු එම නැවට පැමිණ අක්‍රිය වී තිබෙන එන්ජිම ඉතා පරිස්සමින්, ඉහළ සිට පහළට පරීක්ෂා කරනවා. පැයක පමණ පරික්ෂාවකින් සියළුම දේවල් සොයා බැලීමෙන් පස්සේ මේ පුද්ගලයා ඔහු රැගෙන ආ ඔහුගේ ආම්පන්න බෑගය වෙත ගොස් එයින් කුඩා මිටියක් එළියට ගන්නවා. ඉන්පසු ඔහු එම එන්ජිමේ එක් තැනකට ගොස් එහි ඇති යම් කුඩා කොටසකට ඉතාමත් හෙමින් තට්ටුවක් දානවා. ඉන්පසු පාළක මැදිරිය අමතා එම එන්ජිම පණගන්වන ලෙස ඉල්ලා සිටිනවා. නැවේ සිටින හැමෝම පුදුම කරමින් එම එන්ජිම ක්ෂණිකව පණ ගැන්වෙනවා. " දැන් හරි මගේ ...