ගණිත ගැටළුව...
ඇදිරිනීතිය තව සතියකින් දීර්ඝ කරපු නිසා කාංසිය යන්නත් එක්ක කොරෝනා වලින්ම පොඩි ගණිත ගැටළුවක් විසදන්න බලමු...
එක්තරා රටක එක්තරා නගරයක කොරෝනා ආසාදිත ගැහැණු ළමයෙක් හමුවෙනවා...
ඉතින් ඒ ගැහැණු ළමයා සමඟ ඇගේ පවුලේ උදවියත්, ඇගේ ප්‍රේමවන්තයා සමඟ ඔහුගේ පවුලේ උදවියත් නිරෝධායනයට ලක් කරනවා...
ඊට පස්සේ හැමෝම පුදුම කරමින් සොයාගනු ලබනවා මෙම ගැහැණු ළමයාට තවත් ප්‍රේමවන්තයින් තිදෙනෙකු සිටින බවත් ඇය මෙම කාලය තුළ ඔවුන්ව මුණ ගැසී ඇති බවත්...
ඉන් පසු මේ සියල්ලන්ම සොයාගෙන මේ පවුල් පහේම කට්ටිය එකතුකරලා 37 දෙනෙක් නිරෝධායනයට ලක් කරණු ලබනවා...
ඊට පස්සෙ තමයි හොදම හරිය වෙන්නේ...
ඉන් පස්සේ හොයාගන්නවා ඇයගේ අනියම් ප්‍රේමවන්තයින් තිදෙනා අතරින් දෙදෙනෙකුට (එක් අයෙකුට එක බැගින්) තවත් ප්‍රේමවන්තියන් දෙදෙනෙක් සිටින බව (මොවුන් දෙදෙනා ඔවුන්වද මෙම කාළය තුල ඇසුරු කර ඇති බව හෙලිවෙනවා)
ඉන් එක් ප්‍රේමවන්තියකගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙක් සිටින අතර, ඇයට තවත් අනියම් ප්‍රේම සම්බන්ධතා දෙකක් තිබෙන බවත් සොයා ගන්නවා...
අනික් ප්‍රේමවන්තයාට සිටින ප්‍රේමවන්තිය විවාහක බවත් ඇයට දරුවෙකුද සිටින බවත් සොයා ගනු ලබනවා...
ප්‍රශ්ණය - දැන් ඔබ ගණන් හදා බලන්න...
මේ සියල්ලන්ම එකතු කලවිට, කොපමණ සංඛ්‍යාවක් නිරෝධායනයට ලක් කළ යුතුද...?
පිළිතුර Comment එකකින් සඳහන් කරන්න...
ඔළුව මඤ්ඤ්ං වගේනම් ගණන් හදන්න යන්නේ නැතුව පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment