රුපියල් 5 කට බෙහෙත් දෙන දොස්තර...

මේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නගරයක එක්තරා වීදියක් අයිනක සාමාන්‍ය දසුනක්... 

මෙය සාමාන්‍ය දසුනක් වගේ පෙනුනට මේය සාමාන්‍ය දසුනක් නෙවෙයි... 

මේ බැම්මක් මත ඉදගෙන යමක් ලියමින් සිටින මිනිසා දෙස බලන්න... 

ඔහු සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි...

ඔහු ඉන්දියාවේ සිටින චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි... 

එතැන සිටින අනෙක් අය ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිනිස පෝලිමේ තම වාරය එන තෙක් බලා සිටින රෝගීන්ය...

මොහුගේ නම විශේෂඥ වෛද්‍ය ශන්කර් ගව්ඩාය...

ඔහු ඔහුගේ MBBS උපාධිය ලබාගන්නේ කල්කටා වෛද්‍ය විද්‍යාලයෙනි...

විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පිටවෙන්නේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයකිනි...

ඔහුට ඔහු සතුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් නැත... 

නමුත් සෑම ඉරිදා දිනයන් හැර සතියේ ඕනෑම දිනයක සවස 2 සිට රාතී 10 දක්වා කර්නාටක ප්‍රාන්තයේ මන්ඩ්‍යා නගරයේ තැපැල් හල අසලදී මෙසේ ඔහුව හමුවිය හැක...

නගරයේ වඩාත් ප්‍රසිද්ධියට පත් මෙම වෛද්‍යවරයා හදුන්වන්නේ "අයිදු රුපී ඩොක්ටර්" (රුපියල් පහේ දොස්තර)ලෙසිනි... එයට හේතුව පලාතේ අසරණ දුප්පත් රෝගීන්හට තම කාලය හා ශ්‍රමය කැප කරන ඔහු ඕනෑම රෝගියෙකුගෙන්ම ඔහුගේ පරික්ශා කිරීමේ ගාස්තුව වශයෙන් අය කරන්නේ ඉන්දියන් රුපියල් පහක් වැනි සුළු මුදලකි... එමෙන්ම ඔහුගේ අත්ගුණය ප්‍රදේශයේ බෙහෙවින් ප්‍රචලිතය... ඕනෑම ආකාරයේ දරුණු සමේ රෝගයක් ඔහුගේ එක පරික්ශාවකින් සනීපකර දීමට තරම් ඔහු අති දක්ෂයෙකි... කළින් වෙන් කිරීම් නැත... ඕනෑම සල්ලි කාරයෙක් වූවත් බලපුලුවන්කාරයෙක් උවත් ඔවුන් මෙතැනට පැමිණිය යුතුය... එමෙන්ම එන පිලිවෙලට අනෙක් අය සමග පෝලිමේ ආ යුතුය... ඒ ඔහු රෝගීන්ට පනවා ඇති එකම නීතියයි...

http://pcadnr.blogspot.com/p/aidhu-five-rupee-doctor-few-weeks.html

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...