විශාදය...
මෙහේ මැරිච්ච එවුන් ගැන, මෙහේ මරපු එවුන් ගැන කවුරුත් කතා කරන්නේ නෑ... කොහේවත් යන ඉන්දියන් නළුවෙක් එල්ලිලා මැරුණම මෙතන බුකියේ එවුන් ඔක්කොම වැළලෙන්න හදනවා... ඉන්දියාවේ සුශාන්ත්ට කොල්ලෝ කෙල්ලෝ දාන දුක්මුසු පෝස්ට් අතර අරවගේ පෝස්ට් ටිකකුත් දැක්කා...
ඇත්ත තමන්ගේ සිතුවිළි අතර හිටපු, තවමත් ඉන්න, තමන්ගේ ෆැන්ටසියක ඉන්න එකෙකුට එහෙම දෙයක් උනාම තරුණ එවුන් දන්නෙම නැතුව කළබල වෙනවා... දුක් වෙනවා... පෝස්ට් ලියනවා... එයාගේ පින්තූර ශෙයාර් කරනවා... ඒක තමයි ඇත්ත... මොකද මෙයා අපේ රටේ මැරිච්ච දෙන්නට වඩා අපේ තරුණ එවුන්ගේ හදවත්වල ඉන්නවා. සුශාන්ත් කියන්නේ පෝස්ට් දාන අපේ රටේ හැම කොල්ලා කෙල්ලගේම තවත් එක සිහින කුමාරයෙක් වෙන්න ඇති... කෙල්ලොන්ගේ ක්‍රෂ් එකක් වෙන්න ඇති... සමහර කොල්ලොන්ගේ රෝල් මොඩ්ල් එකක් වෙන්න ඇති... ඒකට හේතුව ඌ කරපු මොකක් හරි දෙයකින් අපේ එවුන්ගේ හදවත් ඌ හොරා ගත්ත නිසා. ඒක අපේ රටේ මැරිච්ච දෙන්නගෙන් අපේ එවුන්ට නොලැබුණු දෙයක්. අපේ සමහරු අපේ රටේ මැරිච්ච දෙන්නා ගැන දන්නේ ඒ දෙන්නා මැරුණට පස්සේ. නමුත් සුශාන්ත් කියන්නේ මැරෙන්න කළින් අපේ අය දැනගෙන හිටපු පොරක්...
ඒක වෙන්නේ කලාවට, ක්‍රීඩාවට අපේ මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම උන්ට තියෙන ආදරය, කැමැත්ත නිසා... ක්‍රීඩකයෙක්, කලා කාරයෙක් මැරුණම අනිත් හැමෝටම වඩා මිනිස්සු ඒ මිනිහා ගැන සංවේදී වෙනවා, දුක් වෙනවා... ඒක අපේ රටේ ක්‍රීඩකයෙකුට, කලාකාරයෙකුට උනත් එහෙමමයි... නියම කලා කාරයා මිනිස්සුන්ගේ හදවතට කතා කරනවා. මිනිස්සුන්ගේ හදවත හොරා ගන්නවා.
ඒවගේම තමයි ක්‍රීඩකයෙක්, කලාකාරයෙක් බහුබූත වැඩක් නිති විරෝධී වැඩක් හෝ මිනි මැරුමක් කලාම ඌට ආදරය කරන විදියටම අනිත් පැත්තටත් ඒ වගේම රැල්ලක් විරෝධයක් ඇතිවෙනවා. මිනිස්සු කැමති නෑ තමන් ආදරය කරන කෙනෙකුට කරදරය වෙනවට ඒ වගේම මිනිස්සු කැමති නෑ තමන් ආදරය කරන කෙනෙක් වැරැද්දක් කරනවාට. ඒ මිනිස්සුන්ගේ හැටි...
සුෂාන්ත් සිං රාජ්පුත් කියන්නේ හැමදේම තිබ්බ කොල්ලෙක්... දක්ෂයෙක්... 7th rank in DCE in 2003, Bachelor of Engineering, National Olympiad Winner( Physics) Best Male Debut Nominated - Kaipo Chhe, Best Actor Nominated - #MSDhoni
ඒ වගේම කඩවසම් තරුණයක්... ආසියාවේ ජනප්‍රිය නළුවෙක්...සුෂාන්ත්ට සල්ලි තිබුණා.. ලස්සන තිබුණා... ප්‍රසිද්ධිය තිබුණා... මිනිස්සුන්ගේ ආදරය නොඅඩුවම තිබුණා... ඉන්දියාවේ මිනිස්සූ මෙයාලව දේවත්වයෙන් සලකනවා... ඒත් හැමදේම තිබුණු ඔහුට හයිය හිතක් තිබුණේ නැහැ...
සමහර වෙලාවට අපිට මිනිස්සුන්ව පිටින් පෙනෙන විදියට හිතනවා මෙයාට හැමදේම තියෙනවා. මොනවද මෙයාට අඩු කියලා... ඒත් අපි නොහිතන දුකක්, කරදරයක්, ප්‍රශ්ණයක් ඒ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙනවා. ඒක එයාලා හිතේ තදකරගෙන පිටස්තර ලෝකයට හිනාවෙලා ඉන්නවා.මෙහෙම ඉදලා සියල්ල දරාගන්න බැරි උනාම ඔවුන්ගේ අවසානය ඔවුන්ම තීරණය කර ගන්නවා...
අන්තිමට සුෂාන්ත් සිං රාජ්පුත් තමන්ගේ ජීවිතය තමන් විසින්ම නැතිකර ගන්නවා...
මේ වගේ අවස්ථාවක මැරෙන්න හිතෙන වෙලාවට "නොමැරී ඉන්න හිතන එක" එයාලට කරන්න අමාරුම දෙයක්... ඒ වෙලාවට ඔහු කරනදේ, කරන්න යනදේ ඔහුම දන්නේ නෑ...
මේ වෙලාවට කරන්න ඕනි තමන්ගේ හිත හයිය කර ගන්න එක... මොනවා උනත් මැරෙන්න නම් දගලන්නේ නෑ කියන එක හිතට ගන්න ඕනි...
සරළයි... නොමැරී ඉන්න පුළුවන් හැම දෙයක් ගැනම හිතන්න... නොමැරී ඉන්න පුලුවන් හැම දෙයක්ම කරන්න...
විශාදය" "Depression"
විශාදය විසින් ඔබගේ ජීවිතය ඔබගෙන් උදුරා ගනු ලබයි.
මෙය මානසික රෝගයක්. මුල් අවදියේ දි හදුනාගෙන සුළු ප්‍රතිකාර වලට ඉක්මනින් යොමු නොවුනොත් මේ වගේ දෙයක් කාට උනත් සිද්ධවෙන්න පුළුවන්. දීර්ගකාලීනව තියෙන මානසික ආතතිය සහ පීඩාකාරි ප්‍රශ්න නිසා ඔබටත් මේක වැළදෙන්න පුළුවන්.
මොළයෙ ඇති වන රසායනික වෙනස් වීමක් මේකට හේතුවෙන්න පුළුවන්.
රෝග ලක්ෂණ...
* මොන දේ කලත් සතුටක් නොදැනීම.
* මනසෙ සෑම විටම පවතින අහෙතුක වියවුල් බව.
* නිතර කේන්ති යාම.
* සෑම දෙයක් ගැනම ඇතිවන කලකිරීම.
* නින්ද නොයෑම.
* තනිව සිටීමට ප්‍රිය කිරිම, මිතුරන් හිතමිත්‍රයන්ගෙන් ඈත්වීම
* නළල ප්‍රදේශයේ වේදනාව, හිස රදය.
* පෙර ඔබ කැමැත්තෙන් කල දෑ එපා වීම.
* තමා පිළිබඳ ඇතිවන කළකිරීම.
* ජිවිති වීම තෙරුමක් නැති බව හැගී යාම.
ඔබටත් ඉහත ලක්ෂනයන් පවතීනවනම් වහාම මානසික වෛද්‍ය වරයෙක් හමු වන්න. ඉතා සුළු කාලයකින් ඔබට මෙයින් ගැලවිය හැක.
(විශාදය ගැන තොරතුරු උපුටා ගන්නා ලදි )
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment