වික්ටෝරියන් ස්ලම් හවුස්...

19 වන සියවසේදී එංගලන්තයේ එක් එක් ප්‍රදේශවල 'වික්ටෝරියන් ස්ලම් හවුස්' නමින් අපුරු නවාතැන්පලවල් කිහිපයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. විශේෂයෙන්ම එවකට මේවායින් නවාතැන් සපයනු ලබාදෙන ලද්දේ එම නගර ප්‍රදේශවල සිටින ගෙයක් දොරක් නැති වීදි ජනයා සඳහායි. දුප්පත් මුඩුක්කුවාසී අසරණ මිනිසුන් වෙනුවෙන් රාත්‍රී කාලයේදී පමණක් නවාතැන් පහසුකම් ලබාදුන් මෙම ' වික්ටෝරියන් ස්ලම් හවුස්' නවාතැන් පොල එවකට එරට තුල දුප්පතුන්ගේ මහත් ජනප්‍රිය ස්ථානයක් වී තිබුණා. සෑම දිනකම විශාල පිරිසක් මෙහි පැමිණීම නිසා මෙහි නවාතැන් ගාස්තු වශයෙන් පැමිණෙන්නන්ගෙන් ඉතා සුළු මුදලක් අයකරනු ලැබුවා. එමෙන්ම මෙහි නවාතැන් සැපයීම් පසුකම් තුන් ආකාරයකට සිදුකරනු ලැබුවා.

බ්‍රිතාන්‍යය පෙනී (බ්‍රිතාන්‍ය සත) එකේ සිට පෙනී හතර දක්වා ක්‍රම තුනක් සඳහා මෙහි නවාතැන් පහසුකම් වර්ගකර තිබුණා. 

පළමු ක්‍රමය වන්නේ විශාල කාමරයක් පුරාවට එක දිගට දමා ඇති බංකු මත රෑ එළිවෙන තුරා ඉඳගෙන සිටීමයි. මෙහිදී ඔවුනට බංකුව මත දිගාවී නිදාගැනීම සපුරා තහනම්‍ කර තිබුණා. අවශ්‍ය නම් ඉදගෙන සිටින ඉරියව්වෙන් එම ආකාරයටම ඔවුනට නිදාගැනීමට අවසර තිබුණා. මේ පහසුකම සඳහා එක රාත්‍රියකට පෙනී එකක් එක් අයෙකුගෙන් අයකරනු ලැබුවා...

දෙවැනි ක්‍රමය වන්නේ Hang Over ක්‍රමයයි. මේ පහසුකම වන්නේ අපි රෙදි වේලා ගැනීමට බඳින ආකාරයේ කඹ වළින්බඳින ලද වැල් මත එල්ලී, සිටගෙනම රාත්‍රිය පුරාවට නිදා ගැනීමයි. දෙවෙනි රූපයේ පෙනෙන ආකාරයට එම වැල මත තම කිහිළි දෙක රඳවාගෙන හිටගෙන නිදා ගැනීමට අවශ්‍ය පහසුකම් ඔවුනට සපයාදී තිබුණා. නමුත් මෙසේ ඔවුනට නිදා ගැනීමට හැකිවන්නේ උදේ පාන්දර 5 වනතෙක් පමණයි. හරියටම පාන්දර 5ට බළධාරීන් පැමිණ මෙම කඹ වැල ලිහා දමනු ලබනවා. ඊට කළින් ඔවුන් අවදිවී මෙම මධ්‍යස්ථානයෙන් පිටත්විය යුතුව තිබුණා. මේ නිදා ගැනීමේ පහසුකම සඳහා පෙනී දෙකක් ඔවුන් විසින් අයකරනු ලබනවා. 

එමෙන්ම මේ ආකාරයෙන්ම එවකට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක කෙරුණු රාත්‍රී සමාජශාලා වලද මෙම Hang Over නවාතැන් ක්‍රමය පවත්වාගෙන ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයට පැමිණෙන බොහෝ නාවිකයන් තමන් සන්තකයේ ඇති සියළු මුදල් වියදම් කර මත්පැන් පානය කළ පසු ඔවුනට යෑමට තැනක් නොමැති නිසා පෙනී දෙකක් ගෙවා එම සමාජශාලාවේම සකසා ඇති මෙම වැල මත වෙරිමතින්ම රාත්‍රිය ගත කරණු ලබනවා. HangOver යන ඉංග්‍රීසි වචනය මුළින්ම හඳුන්වාදීම සහ එම වචනය භාවිතයට ගත්තේ මේ හා සමඟ බවද සඳහන් වෙනවා.

තුන්වෙනි ක්‍රමය වන්නේ Coffin Sleeping System එකයි. විශාල කාමර තුළ මිනී පෙට්ටි ආකාරයට සාදන ලද පෙට්ටියක් තුළ එක් අයෙකුට රැයක් ගත කිරීමට මෙහිදී පහසුකම් සලසනු ලබනවා. මෙම පහසුකම සඳහා පෙනී හතරක මුදලක් ඔවුන් විසින් අයකරන අතර එම පෙට්ටිය තුල ඔවුනට පොරවා ගැනීම සඳහා කැන්වස් රෙද්දක්ද ඒ මුදල වෙනුවෙන් කුඩා ආහාර ප්‍රමාණයක්ද මෙම සේවාව තුළ ඔවුන්ට ලැබාදෙනවා.

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...



 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...