ගැහැණු මොලේ...
ඔන්න දවසක් ගොවියෙක් තම ගොවිපොලේ අස්වැන්න තමන්ගේ අත්ට්‍රැක්ටරයට පටවගෙන කඩමණ්ඩියට ආවා විකුණගන්න කියලා. ඔහු හිතුවා වගේම ගෙනා අස්වැන්න වෙනදා වගේම විකුණාගත්තා. ඉන් පස්සේ ගෙදරට ඕන කරන බඩු බාහිරාදියත් සල්ලිවලට අරගෙන අත්ට්‍රැක්ටරයට පටවාගත්තා. ගමට ටිකක් දුර යන්න තියෙන නිසා බාර් එකටත් ගොඩවෙලා බෝතල් දෙක තුනකුත් අරගෙන පොඩි ෂොට් එකකුත් දාගත්තා.
දැන් පොර පොඩි කික් එකකුත් එක්ක ගෙදර යන්න කියලා හිතලා අත්ට්‍රැක්ටරය පණගන්වන්න උත්සාහ කළත් හරියන්නේ නෑ. දෙතුන්පාරක් උත්සාහ කළත් හරි යන්නෙම නෑ. දැන් මාර ප්‍රශ්ණේ ට්‍රැක්ටරයේ මොකක් හරි ට්‍රබල් එකක්. අමාරුවෙන් දෙතුන් දෙනෙක් අල්ලගෙන තල්ලුවක් දාලා අත්ට්‍රැක්ටරය ගරාජ් එකට හදන්න දාගන්නවා. ඒක හදන්න දවස් දෙක තුනක්වත් යයි කියලා බාස් කියනවා. දැන් ඉතිං මොනවා කරන්නද අතින් ගෙනියන්න පුළුවන් බඩු ටික විතරක් අරගෙන අනිත් බඩු ටික පරිස්සමට ගරාජ් එකේම තියලා දැන් මෙයා ගෙදර යන්නයි කල්පනාව. ඒත් ගෙනියන්න අතට ගත්ත බඩු ටිකත් අරගෙන යන්න අමාරුයි. මෙයා කල්පනා කර කර පාර අයිනට වෙලා ඉන්නකොට තරුණ කාන්තාවක් ඔහු අසලට පැමිණෙනවා.
ඇය ඇවිත් ගමකට යන පාරක් ගැන ඔහුගෙන් විමසනවා.
" මමත් යන්නේ ඒ ගමටම තමයි... මට ඔයාව එක්කගෙන යන්න තිබුණා... ඒත් මේ බඩු මුට්ටුත් කරගහගෙන යනකොට ඔයාටත් පරක්කු වෙනවා... පොඩ්ඩක් ඉන්න බලමු මොකක් හරි වාහනයක් ආවොත් අපිට යන්න පුළුවන් වෙයි.."
" එච්චර බඩු ගොඩක් ඔයාගේ අතේ නෑනේ අයියා... හාල් ගෝනියයි... තීන්ත ටින් එකයි... ලොකු බාල්දියයි... කුකුළෝ දෙන්නයි... පාත්තයයිනේ ඉන්නේ... හාල් ගෝනිය මට දෙන්නකෝ ඒක මම ගන්නං... ඊට පස්සේ තීන්ත ටින් එක බාල්දියට දාගන්න... ඒක එක අතකට ගන්න... කුකුළෝ දෙන්නා කිහිළි දෙකේ ගහගන්න... පාත්තයාව අනිත් අතින් ගන්න... එතකොට හරිනේ... අපිට යන්න පුළුවන්..."
" ආ... ඔව්නේ... බොහෝම ස්තූතියි නගා... එන්න අපි යමු..."
දැන් මේ දෙදෙනාම පයින්ම ගමට යන්න පිටත්වුනා. මෙහෙම ටික දුරක් ඇවිදගෙන ගියා.
" නංගී තව ටිකක් ඉස්සරහට යනකොට හම්බවෙනවා පොඩි අඩි පාරක්... කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ... එකෙන් ගියානං ගමට හරිම ළඟයි... අපිට ඉක්මනින් යන්න පුළුවන්..."
මේක කිව්ව ගමන් මේ තරුණියට මේ මනුස්සයා ගැන පොඩි සැකයක් ඇතිවෙනවා. නැවතිලා දෙතුන් පාරක් උඩ ඉදළා පහලට වෙනකං මේ මිනිහා දිහා බලනවා.
" අයියා මම තනි පංගලමේ ජීවත්වෙන කාත් කවුරුත් නැති වැන්ඳබු ගෑණියෙක්... මං ගැන බලන්න කවුරුත් නෑ... කවුද දන්නේ මේ පාළු කැළෑ පාරෙන් යනකොට අයියා මට බලහත්කාරකමක් එහෙම කළොත්..?"
" මඟුළක් කතාකරනවා... මගේ එක අතක බාල්දියක්... අනික් අතේ පාත්තයෙක්... කිහිළි දෙකේ කුකුළෝ දෙන්නෙක්... මෙහෙම අතින් කටින් බඩු එල්ලගෙන මම කොහොමද ඔහේට බලහත්කාරකමක් කරන්නේ... ඔහේට පිස්සුද..?"
" ඕක මොකක්ද අයියා... ඕක සුළු දෙයක්නේ... පාත්තයා බිමින් තිබ්බා... ඌව බාල්දියෙන් වැහුවා... ඊට පස්සේ තීන්ත ටින් එක බාල්දිය උඩින් තිබ්බා..."
" එතකොට මේ කිහිල්ලේ ඉන්න කුකුළ්ලු දෙන්නා..?"
" ආ... උන් දෙන්නද... උන් දෙන්නා..."
" උන් දෙන්නා ඉතිං මට අල්ලගන්න පුළුවන්නේ..."
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment