Posts

Showing posts from November, 2021

පෑඩ්ස්...

Image
මම නං කියන්නේ ඔය පෑඩ්ස් වලට බදු පනවන උදවියට පෑඩ්ස් ගැනවත් ඒවායෙන් තරුණ කාන්තාවන්ට තියෙන අවශ්‍යතාවය ගැනවත් කිසිම දැණුමක් අවබෝධයක් නෑ... එක්කෝ ඒ අයට ගැහැණු දරුවෝ නෑ... එහෙමත් නැත්නම් මේ අය ගැහැණු දරුවෝ ඉන්න සහ මේ වගේ බදු පිට බදු ගැහුවත් එයාලගේ දරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෑඩ්ස් කොම්පැණියම උනත් අරගෙන දෙන්න තරම්  වත්කමක් තියෙන උදවියයි...  ඒ වගේම මේ බදු පනවන උදවියගේ එයාලා ඉන්න වයස දිහා බැලුවම, එයාලගේ කසාද බැදපු නෝනාවරුන්ටත් දැන් පෑඩ්ස්වල තියෙන අවශ්‍යතා කාලේ ඉවරවෙලා... ඒ නිසා දැන් ඒවා සහ ඒ ප්‍රශ්ණ එයාලට අදාලම නෑ...  එහෙම උනත් මේ තීන්දු තීරණ ගන්න සමහර අය තරුණ කාන්තාවන් අනන්තවත් අනියමින් ඇසුරු කරනවනේ... එතකොටවත් මේ අය මේ ගැන දැණුවත් වෙන්නේ නැද්ද..? නෑ... එහෙම ආශ්‍රය කලත් ඒ අය පෑඩ්ස් ගැන වැඩිය දන්නේ නෑ... මොකද ඒ වගේ තරුණ කාන්තාවන් පෑඩ්ස් පාවිච්චි කරන කාලෙට මෙයාලා ඒ පැත්ත පළාතෙවත් යන්නෙත් නෑ... ඒ නිසා ඒ ගැන දැණුමක් කොහෙත්ම එයාලට නෑ... එතකොට මේ තීන්දු ගන්න අය යන්තම් වැස්සකට හරි ඉස්කෝලෙකට ගිහිල්ලා ඇති කියලා පොඩ්ඩක් හිතමුකෝ... එතකොටවත් ඒ අය මේ වගේ අවශ්‍යතා ගැන ඉගෙනගෙන නැද්ද..? නෑ... ...

මිළියන පතියෙකු වූ සපත්තු ඔප දමන්නා...

Image
ඇමරිකාවේ මෑන්හැටන් නගරයෙහි පිහිටි ප්‍රධාන පෙලේ විශාල බැංකුවක හිටිය එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වරයා හැමදාම වැඩට ආපු ගමන්ම බැංකුව අසල තිබෙන කුඩා සපත්තු ඔප දමන තැනට ගිහිල්ලා තමන්ගේ සපත්තු දෙක හොඳටම ඔපදමා ගැනීම පුරුද්දක් කරගෙන හිටියා. මෙසේ හැමදාම ඔහු තම සපත්තු ඔප දැමීම කර අවසන්වන තෙක් එහි ඇති පුටුවක වාඩිවී එරට  පුවත්පතක් බලමින් ඉන්නවා. ඒ අතර සපත්තු මදින්නා හැමදාම හොඳ බැබළීමකින් යුක්තව ඔහුගේ සපත්තු දෙකට විශිෂ්ට පෙනුමක් ලබා දෙනවා. ඔන්න ඉතිං එක දවසක් සුපුරුදු විදියට වැඩේ නිමකරන සපත්තු මදින්නා ඔහුගෙන් මුදල් ලබාගන්නා ගමන් ඔහුගෙන් මෙසේ විමසනවා...  "මහත්මයාණෙනි... මේ දවස්වල කොටස් වෙළඳපොලේ තත්වය ගැන ඔබ මොනවද හිතන්නේ...?" "තමුසේ මොකද ඔච්චර ඒ ගැන උනන්දු වන්නේ... මොකක්ද තමුසෙට කොටස් වෙළදපොලත් එක්ක තියෙන ගණුදෙනුව..?" අධ්‍යක්ෂවරයා සපත්තු මදින්නාව වැඩිය ගාණකට ගන්නේ නැතුව අහනවා... " එහෙම කියන්න එපා මහත්මයා... ඔබතුමා දන්නේ නැති උනාට මට ඔබතුමාගේ බැංකුවේ ඩොලර් මිලියනයක තැන්පතුවක් තියෙනවා.., මම කල්පනා කළා ඒකෙන් යම් මුදලක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න... ඒකයි මම ඒ ගැන ඔබතුමාගෙන් ඇහුවේ...

Gmb ආකාෂ්ගේ ඡායාරූපයේ කතාව...

Image
ඔබ දන්නවාද මගේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙන්න නියමිතව, සූදානම් වෙලා හිටිය දවසේ එයා වෙනුවට මට විවාහ වෙන්න සිද්ධවුනා කියලා..!  මගේ සහෝදරිය බඳින්න ආපු මනමාලයා හදිසියේම මගේ සහෝදරිය වෙනුවට මාව දැකලා, මගෙත් එක්ක විවාහ වෙන්න ආසාව ඇති වූනේ මම ඇයට වඩා වයසින් බාල නිසයි..!  එදා මගේ දෙමව්පියන්ට ඒ මනුස්සයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරිවුනා... ඒ වගේම අපේ පවුලේ ගෞරවය විනාස කරන්න බැරි නිසා මට ඒ මිනිහත් එක්ක එදා විවාහ වෙන්න සිද්ධ උනා...  මට ඒ දවස තවමත් හොඳටම මතකයි... එතකොට මට හරියටම වයස අවුරුදු 10 යි. මම එදා අසල්වැසි අනික් කුඩා දැරියන් එක්ක සෙල්ලම් කරමින් සිටියා. සෙල්ලම් කරමින් ඉන්න අතරතුර හදිසියේම මගේ අම්මා ඇවිල්ලා මාව ගෙදරට ඇදගෙන ගිහින් අක්කා මනාලියක් වගේ ඇඳගෙන හිටපු කාමරය ඇතුලට ගියා.... මගේ අක්කා ඇඳගෙන හිටපු රතු සාරිය ඇගේ සිරුරෙන් ගලවලා අරගෙන අම්මා ඒක මගේ අතේ තිබ්බා...  ඊට පස්සේ අම්මා මාව අනිත් කාමරයකට එක්කරගෙන ගියා. ඒ කාමරයට යනකොට ඒකේ තවත් කාන්තාවන් පිරිසක් වාඩිවෙලා හිටියා. ඔවුන් හැමෝම මා දිහා අමුතු විදියට බලලා "මෙයාද අලුත් පොඩි මනාලිය" කියා අම්මගෙන් ඇහුවා... ඒ වෙලාවේ ඇත්තටම මට ම...

චාලි චැප්ලින්...

Image
1889 අප්‍රේල් 16 වන දින උපත ලැබූ බ්‍රිතාන්‍යය ජාතික චාලි චැප්ලින් නම් අග්‍රගන්‍ය නළුවා අවුරුදු 88 ක් ජීවත් වී 1977 දෙසැම්බර් 25 වන දින ස්විස්ටර්ලන්තයේදී මෙලොව හැර ගියේය. ඔහු මියගියත් ඔහු අපේ ජීවිතවලට අදටත් ප්‍රයෝජනවත් වටිනා මෙන්ම අනර්ඝ වදන් 4 ක් ඉතිරි කර ගියේය.  (1) මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත... අප අතරේ පවතින අපගේ ගැටළු පවා සදාකාලික නැත...  (2) මගේ හිතට දුකක් පැමිණ මම කඳුළු සලනවිට මම ආසයි වැස්සේ ඇවිදින්න... එතකොට   මම හෙලන කඳුළු කිසිවෙකුටවත් පේන්නේ නැත... (3) අපිට අපේ ජීවිතයේ වඩාත්ම අහිමි වූ දිනයක් වේනම් ඒ අපි සිනාසෙන්නේ නැති දිනයයි... (4) අපිට ලෝකයේ හොඳම වෛද්‍යවරු හය දෙනෙක් ඉන්නවා...        හිරු, විවේකය, ව්‍යායාම, ආහාර, ආත්ම ගෞරවය, මිතුරන්...  ඔබේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේවාට ඇලී නිතරම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න... ඔබ සඳ දුටුවහොත්, දෙවියන්ගේ සුන්දරත්වය ඔබට පෙනෙනු ඇත...  ඔබ සූර්යයා දුටුවහොත්, දෙවියන් වහන්සේගේ බලය ඔබට පෙනෙනු ඇත ...  ඔබ කැඩපතක් ඉදිරියට ගියහොත්, දෙවියන් වහන්සේගේ හොඳම මැවිල්ල එතුළින් ඔබ දකිනු ඇත.    එබැවි...