Posts

Showing posts from August, 2021

කරුමක්කාර දවස...

Image
දවසක් මනුස්සයෙක් බාර් එකකට වෙලා අරක්කු වීදුරුවක් අතේ තියාගෙන දුකෙන් කල්පනා කරමින් ඉන්නවා. බාර් එකට බොන්න ආපු තවත් මනුස්සයෙක් මෙයාව දකිනවා. ඒ මනුස්සයත් බොන ගමන් අර මනුස්සයා දිහා බලාගෙන ඉන්නවා. දැන් පැය භාගයක් විතර අර මනුස්සයා අරක්කු වීදුරුව අතේ තියාගෙන ඒක දිහා බලාගෙන ඔහේ ඉන්නවා.  දැන් අර මනුස්සයා දිහා බලාගෙන හිටිය මනුස්සයට මේක හරිම ප්‍රශ්ණයක්. මිනිහා හිටපු තැනින් හිමිහිට නැගිටලා මේ මනුස්සයා ඉන්න තැනට එනවා. ළගට ආපු ගමන්ම එකපාරම අර මනුස්සයගේ අතේ තිබුණ අරක්කු වීදුරුව උදුරලා ගන්නවා. ඒ අරගෙන එක හුස්මට බීගෙන බීගෙන යනවා. එතකොටම අර මනුස්සයා අඩන්න පටන් ගන්නවා. මේ මිනිහට ඒ මනුස්සයා ගැන දුක හිතෙනවා.  " ඇයි තමුසේ අඩන්නේ... මම තමුසේ දිහා පැය භාගයක් විතර තිස්සේ බලාගෙන හිටියා. තමුසේ වීදුරුව අතේ තියාගෙන බොන්නේ නැතුව හිටිය නිසයි මම ඒක තමුසෙගෙන් උදුරලා අරන් බිව්වේ... හරි... හරි... තමුසේ දුක් වෙන්න ඕනි නෑ... මම බෝතලයක් ගන්නම් අපි දෙන්නම එකතුවෙලා ඒක බොමුකෝ..." කියලා වේටර් කොළුවට කතා කරලා බෝතලයකුයි, බයිට් පිගානකුයි ඕඩර් කරනවා. ඊට පස්සේ ඒ මිනිහත් අර මනුස්සයත් එක්ක ඒ මේසෙම ඉඳගන්නවා. " හරි... දැ...

ඇගේ කථාව...

Image
“ මගේ නම කිරන් ඩෙබ්ලා(Kira Dembla) විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගෙදර බිත්ති හතරට පමණක් සීමා උනා. හැම දවසකම උදේ පාන්දරින් නැගිටලා, මම මගේ පවුලේ අය වෙනුවෙන් ගෙවල් දොරවල් පිරිසිදු කර උයන්න පටන්ගන්නවා.  මේ විදියට ඒකාකාරීව අවුරුදු 10 ක් ගෙවිලා ගියත් මේ හැම දවසකම මට දැණුනේ මම ආසා කරන, මම ආදරය කරන කිසිම දෙයක් මම නොකරන බවයි.  මෙහෙම ඉන්න අතරේ මට සංගීතයත් ටිකක් පුළුවන් නිසා මම තීරණය කළා ගෙදර මගේ ළමයින්ට සංගීත පන්ති කෙරුවොත් හොඳයි කියලා. එහෙම කළත් මම කළාතුරකින් තමයි යන්තම්වත් ගෙදරින් එළියටවත් ගියේ. මෙහෙම ඉන්නකොට බලාගෙන ඉදිද්දිම මගේ සෞඛ්‍ය තත්වය පිරිහී යන්න පටන්ගත්තා. මම කොච්චර කම්මැලිද මගේ ශරීරය කොච්චර අක්‍රිය වෙලා, තරවෙලාද කියනවා නම් මගේ බර කිලෝග්‍රෑම් 25 කින් විතර වැඩිවුනා. බලාගෙන ඉන්න බැරිම තැන මම ව්‍යායාම් කරන්න හිතාගෙන ජිම් එකකට සම්බන්ධ උනා. ඒකෙන් බොහෝ කලකට පස්සේ මට මගේ සිතට සතුටක් දැනුනා..!  මම හැම දවසකම පාන්දර 5 ට ජිම් එකට යන්න පටන් ගත්තා. ඒ වෙලාවට ගියාම ඉක්මනට ආපහු ගෙදර ඇවිල්ලා මගේ ළමයි ඉස්කෝලෙට යවන්න සුදානම් කරන්න ලේසියි. මගේ කැපවීම නිසා ඊළඟ මාස 7 වෙනකොට මට මගේ ඇඟේ බරින් කිලෝ...

ගුරු බාබර්...

Image
මඩකලපුවේ ඈත එපිට දුෂ්කර ගමක වෙසෙන එක්තරා සිසුවෙක් එක දිගට සතියක් පමණ පාසලට නොපැමිණිට හේතුව දැන ගැනීමෙන් පසු බාබර් කෙනෙකු බවට පත් වූ එම පාසැලේ ගුරුවරයා !!! මඩකලපුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පාසල් ගුරුවරයෙකු වන ජීවනේශ්වරන් ජීවන් මහතා ඔහුගේ පන්තියේ එක් ශිෂ්‍යයෙක් සතියක් පුරාවට පාසලට නොපැමිණිමට හේතුව සොයා බලනවා. ජීවනේශ්වරන් ජීවන් මහතා එම සිසුවාව සොයාගෙන ඔහුගේ නිවසට ගොස් ඒ ගැන විමසූ විට ඔහු කියන්නේ ඔහුගේ කොණ්ඩය කැපීමට නොහැකිවීම නිසා පාසැලට පැමිණීමට නොහැකිවූ බවයි. ඔහු කියා සිටියේ ඔහුට කොණ්ඩය කැපීම සඳහා යන්නේ නම්, 'මට්ටකලප්පු කතීර් ළිඳට' කිලෝමීටර් 20 ක් පමණ දුරකින් පිහිටි කතිරවේලි ගම්මානයේ සැලෝන් එකකට යා යුතු බවයි. සිසුවාගේ අවශ්‍යතාවය තේරුම් ගන්නා මෙම ගුරුවරයා තම රාජකාරියෙනුත් එහාට ගිහින් මෙම සිසුවාගේ වැවුණු කොණ්ඩය ලස්සනට කපනවා. ඒ වගේම තවත් එවැනිම දුෂ්කරතාවලින් පෙළෙන සිසුන් කීපදෙනෙකුගේම කොණ්ඩය මෙතුමා විසින් කපා දෙනවා. කවදාවත් ඉගෙනගන්නා සිසුවෙකුට පාසැලට ඒමට තම කොණ්ඩය බාධාවක් නොවිය යුතු බව පෙන්වූ ජීවනේශ්වරන් ජීවන් ගුරුතුමාගේ මෙම මනුෂ්‍යත්වයට, ඒ කළ මෙහෙවරට සුභ පතමු... #SriLankanNursingNe...

ජොබ් එක...

Image
දවසක් අවුරුදු 10-15 විතර කොළු ගැටයෙක් නගරයේ තියෙන කඩේකට එනවා. කඩේ අයිනක තියෙනවා මුදල් ගෙවා ඇමතුම් ගන්න ටෙලිෆෝන් එකක්. මේ කොල්ලා කෙළින්ම එතනට ගිහිල්ලා කෝල් එකක් ගන්න හදනවා. කෝල් එකක් ගන්න රිසීවරය අතට ගන්න කොල්ලා පොඩ්ඩක් උස මදි වෙනවා. කොල්ලා ගිහිල්ලා මුදලාලිගෙන් පොඩි ලී පෙට්ටියක් ඉල්ලගෙන ඒක එතන තියලා ඒකට නැගලා කෝල් එක ගන්නවා. ඒ වෙලාවේ කඩේ සෙනඟ නැති නිසා මේ කොල්ලා කාටද කෝල් එක ගන්නේ කියලා මුදලාලියා පොඩ්ඩක් විපරමෙන් ඉන්නවා... කොල්ලා ගත්ත ඇමතුම එහා පැත්තෙන් සම්බන්ධ වෙලා කොල්ලා කතා කරන්න පටන් ගන්නවා... " හලෝ... නෝනා මම මේ රස්සාවක් හොයන කෙනෙක්... මට හොඳට තණකොළ කපලා, ගස්වල අතු කපලා, ගස් වලට වතුර දාලා හොඳට වත්ත සුද්ධ කරලා දෙන්න පුළුවන්... මට ආරංචියක් ආවා නෝනාගේ ගෙදර ඒ වැඩේ කරන්න කෙනෙක් හොයනවා කියලා... ඒකයි කතා කළේ..." " ආ... ඔව්... ඒ වැඩේ නම් කරන්න තියෙනවා... ඒත් ඒක කරන්න කෙනෙක් ඉන්නවා..." " අනේ නෝනා... ඒ වැඩේ මට දෙන්න... මම හොඳට වැඩේ කරලා දෙන්නම්..." " ඒකට එක්කෙනෙක් ඉන්නවනේ... එයා හොඳට වැඩේ කරනවා... එයා හෙට ඇවිල්ලා වැඩේ කරන්න පොරොන්දු උනා..." මේ කොල්ලත් ...

තම රියදුරාට කෘතගුණ දැක්වීම...

Image
ශවරේ ෆුනෙවලා (Zavaray phoonewala) කියන්නේ ඉන්දියාවේ මිලියනපතියන් අතරින් හත් වෙනියට ඉන්න කෙනෙක්. ඔහු ඉන්දියාවේ මෙන්ම ලෝකයේත් ප්‍රසිද්ධියක් දරණ ෆුනෙවාලා කර්මාන්ත සමූහයේ හිමිකරු. මෙම සමාගම් සමූහය මුළු ලෝකයටම ඖෂධ නිපදවා බෙදාහරින ඉන්දියානු ඖෂධ සමාගමක් ලෙස ලෝක ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ පූනාවල ජීවත්වන ඔහු ඉන්දියාවේ ප්‍රබලතම තුරඟ තරඟාවලි පවත්වන සුප්‍රසිද්ධ පාර්සි ඉන්දියානු ව්‍යාපාරිකයෙක්.  ඒ වගේම ශවරේ පූනෙවාලා කියන්නේ ලෝකයේ තියෙන වටිනාම මෝටර් රථ එකතුවක් තියෙන මෝටර් රථ ලෝලියෙක්. විවිධ වර්ගයේ මෝටර් රථ ඔහු සතුව තිබුණත් වසර 30 ක් ඔහු හා සමඟ ඔහුගේ ලිමෝසීන් රථයෙන් සෑම ගමනක්ම ඔහුව රැගෙන ගිය ගංගා දත් නැමැති රියැදුරා හදිසියේ මිය යනවා. ශවරේ ඔහුගේ අත්‍යාවශ්‍ය ව්‍යාපාරික කටයුත්තක් සඳහා බොම්බායට ගිහින් සිටින අතර තුර ඔහුට මෙම ආරංචිය ලැබෙනවා. තමාට අතිශ්‍යයින්ම ආදරය කළ මේ රියදුරාගේ මරණය සැළවූ විගස තමා සහභාගි වෙමින් සිටිය සියළුම වැඩ කටයුතු ඔහු විසින් අවලංගු කරනවා. ඔහු ඉක්මනින් පැමිණෙන තුරු රියදුරුගේ අවසන් කටයුතු නොකරන ලෙස ගංගා දත්ගේ පවුලට දන්වා ඔහු වහාම හෙලිකොප්ටරයකින් පූනේ බලා පිටත්වෙ...

මනුස්සකම...

Image
වයෝවෘද්ධ යුවලක් තම දුම්රිය එනතෙක් දුම්රිය පොළේ වාඩිවී සිටිනවා. ඔවුනට අනෙක් පසින් හොඳින් හැඳ පැළඳගත් කළු ජාතික තරුණයෙක්ද සිටිනවා. මහළු කාන්තාව තරුණයා දෙස අහම්බෙන් බලනවා. ඇය මෙම තරුණයාගේ කුමක් හෝ අඩුපාඩුවක් දකිනවා. එම තරුණයා හොඳින් හැඳ පැළඳ සිටියත් ඔහු, ඔහුගේ ටයි පටිය වැරදි ලෙස ගැටගසා ඇති බව ඇයට දකින්නට ලැබෙනවා. ඇය ඔහුට නොදැණෙන්න තමාගේ වැළමිටෙන් තම ස්වාමියාට තට්ටුවක් දමා එය පෙන්වනවා. ඇයගේ සැමියා නැගිට ඇවිත් තරුණයා හා කතාකර ඔහුගේ අවසරය ඇතිව ඔහුගේ ටයි පටියේ වැරැද්ද කාටත් නොපෙනෙන ලෙස නිවැරදි කරනවා.  ඒම ටයි පටිය නිවැරදිව නැවත සකස් කරන අවස්ථාව සහ එම සිද්ධිය එතැන සිටින පිරිස දැකීමෙන් එම තරුණයාට සිදුවන අපහසුතාවය නැති කිරීමට අවට සිටින කිසිවෙකුටවත් මෙම සිද්ධිය නොපෙනෙන ලෙස මොවුන් දෙදෙනාව කාන්තාව විසින් ආවරණය කරගෙන සිටිනු ලබන අවස්ථාව තවත් අයෙකු විසින් ඡායාරූප ගත කර තිබෙනවා... පසුව සොයා බැලීමේදී තමා රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යමින් සිටින අයෙකු බව මෙම තරුණයා ඔවුන් වෙත පවසා තිබෙනවා. - ධම්මික සමරතුංග - #DhammikaSamaratunga...  

ඡායාරූපයක කතාව...

Image
 බංග්ලාදේශ ප්‍රවීණ ඡායාරූප ශිල්පී Gmb ආකාෂ්ගේ ඡායාරූපයේ කතාව...  මගේ නම රනා. මේ පැත්තේ උදවිය ඒ නමෙන් තමයි මට කතාකරන්නේ. මට දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් නෑ. මගේ දෙමාපියන් ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියලවත් මම දන්නේ නෑ. මම මේ රටේ, මේ නගරයේ, මේ වීදියේ, දැන් මේ ඉන්න තැන කොහොම හරි ජීවත්වෙනවා. විශේෂයක් තියෙන්නේ මම අනාථයෙක් නිසා, එහෙම කියලා මේ පැත්තේ මිනිස්සු හිතන නිසා ඔවුන් මට ආදරය කරනවා.  මගේ දෙමව්පියන් ජීවතුන් අතරද නැද්ද, නැත්නම් ඔවුන් මියගොස් ඇති බවට ඔවුන්ට සහතික විය හැක්කේ කෙසේදැයි මම ඔවුන්ගෙන් අසන හැම වෙලාවෙම ඔවුන් මට පිළිතුරු දෙන්නේ නෑ. ඒ ගැන අහනකොට සමහර වෙලාවට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මගෙන් අහනවා මට බඩගිනීද.., යමක් කන්න අවශ්‍යද කියලා. මේ පැත්තේ මිනිස්සු හරිම හොඳයි හැම වෙලේම මට හොඳින් සළකනවා.  මම දැන් මේ කරන රැකියාව ලැබුණෙත් ඔවුන්ගේ මේ තියෙන හොඳ ගතිගුණ නිසයි. රැකියාවට ආපු පළමු දවසෙම මේ තැන අයිති මගේ සර් මගෙන් ඇහුවා මෙහේ නවතින්න පුළුවන්ද කියලා. මොකද මේ පළාතේ ජීවත්වෙන බොහෝමයක් පිරිමි ළමයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා තැන් තැන්වල, පාරවල්වල ජීවත් වෙන්න එපා කියලා ...

කිරි වෙහෙර වගේද හලෝ... Town Hall...

Image
මේක මම අවුරුදු තුනකට විතර කළින් අපේ යාළුවෙකුට වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියපු කතාවක්... අපේ කට්ටියට මතක් වෙන්නත් එක්ක ආයෙත් උඩට ඇදලා ගත්තා... මේ සැරේවත් මේ යාළුවාව හොයාගන්න බලමු... මේක අපිත් එක්ක වැඩ කරපු හොද යාළුවෙකුට සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීමක්... අපේ යාළුවා ඉගෙන ගත්තේ කොළඹ නමගිය ජනප්‍රිය රජයේ පාසැලක... යාළුවා උසස් පෙළ කරන අවදියේ, බිග්මැච් එක එහෙමත් තියෙන කාළයක, පන්තියේ ඉගැන්වීම් එහෙමත් වැඩිය නොකරන දවසක, ඔන්න මිනිහගේ ගජ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්ක ඉස්කෝලේ ගේට්ටුවෙන් රිංගලා ඇවිදගෙන, ඇවිදගෙන ඔඩෙල් එක පැත්තෙන් ඇවිල්ලා, රහුමානියා හෝටලය ඉස්සරහින් පල්ලිය පැත්තට පාර පැනලා, එතනින් ඇවිදගෙන විහාර මහා දේවි පාක් එකේ තියෙන ලොකු බුදු පිළිමේ ඉස්සරහා ගහක් යටට වෙලා, පාක් එකේ ගස් යට ඉන්න තරුණ ජෝඩු දිහා බලාගෙන ඉන්නවලු... ඔහොම ඉන්න අතරේ එයාලගේ වයසෙම තවත් කොල්ලෙක් සාමාන්‍යයෙන් හොදට ඇඳ පැලඳගෙන, බැක් පැක් එකකුත් එල්ලගෙන පාර අනිත් පැත්ත බලාගෙන මෙයාලා ඉස්සරහින් එහාට මෙහාට යනවලු... " ගමේ පොරක් වෙන්න ඇති... ඉස්සෙල්ලාම කොළඹ ආපු දවස වෙන්න ඇති බං..." එකෙක් කිව්වලු... ටිකක් වෙලා යනකොට කට්ටිය ඉන්න තැන...

අපයෝජනය වන කිරි මව...

Image
මෙම ඡායාරූපය ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ එක්තරා කිරි ගොවිපළක රහසිගතව ගන්නා ලද ඡායාරූපයකි.  මෙයත් මහා පරිමාණ කිරි ගොවිපළක සිදුවන තවත් දුක්ඛිත අඳුරු කතාවකි. ඇයත් දැන් කිසිම වැඩකට නැති, එහෙත් ඇගේ අන්තිම මොහොත දක්වාම ඇය විසින් ලබාදෙන අන්තිම කිරි ප්‍රමාණයත් ඔබ වෙනුවෙන් ලබාදෙමින් සිටින කිරි මවකි. ඇයට තවදුරටත් ඇගේ උත්සහයෙන් නැගී සිටීමට නොහැකිය. ඒ තරමටම ඇගේ සිරුර ගොවිපළ හිමියන් විසින් මේ වනතෙක්ම අපයෝජනයට ලක්කර ඇත. දැනට ඇගේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 5 ක් පමණ වන අතර ඇගේ මෙම කෙටි ජීවිත කාළයේදී ඇය සෑම වසරකම ගැබ්ගෙන ඇත. නමුත් ඇය කිසි දවසක ඇගේ දරුවන් දැක නැත. දරුවා ඉපදුණු විගසම අගෙන් ඇගේ දරුවා උදුරාගෙන එම දරුවා මස් පිණිසත් දරුවා වෙනුවෙන් ඇය නිපදවන කිරි ඔබ වෙනුවෙනුත් දීමට ඇයට අකමැත්තෙන් හෝ ඉඩදී ඉවසා දරා ගැනීමට සිදුවී ඇත. මේ ඇයගේ අවසාන කාළයයි. ඇය ලබාදෙන ඇගේ අන්තිම කිරි සියල්ලම සොරකම් කරන තෙක්, නැගී සිටීමට නොහැකි ඇයව ඔවුන් මේ ආකාරයෙන් ඔසවා තබාගෙන සිටිනු ඇත. අන්තිම කිරි බිංඳුවද ඇගෙන් ලබාගත් පසු, අද හෝ හෙට ඇයව ද ප්‍රවාහණ ට්‍රක් රථයකට දමාගෙන ඉවතට රැගෙන ගොස් මරා දමනු ඇත. ඉන්පසු ඇය ඔබ වෙත එන්නේ ඔබේ තාවකා...

එතකොට මම සියඹලා ගෙනල්ලම නැද්ද...?

Image
ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මිනිහගේ ජීවිකාව උනේ කැලේ ගස්වල ඉදිලා තියෙන සියඹලා එකතු කරලා ගෙනල්ලා ගෝනි වලට පුරවලා ගමේ කඩේට විකුණන එක. ඉතිං සියඹලා වාරෙට සෑහෙන සියඹලා ගෝනි ගානක් මිනිහා ගමේ කඩේට විකුණනවා. ඒත් මුදලාලි කට්ටයා... අර මනුස්සයා ගෙනෙන ගෝනි මුදලාලි එකින් එක කිරනවා. ඊට පස්සේ ඒ එක් එක් ගෝනියකින් කිලෝ දෙකක් විතර ඒ ගෝනියේ බරට කියලා හැම ගෝනියකින්ම අඩු කරනවා. අර මනුස්සයත් ඉතිං සද්ද නැතිව මුදලාලිට එකඟ වෙලා සියඹලා ටික දීලා සල්ලි අරගෙන යනවා. සියඹලා යහමින් තියෙන කාලෙට මනුස්සයට ඒ ගැන ගානක් නැති උනත්, සියඹලා හිඟ කාලෙට මේක හරි අසාධාරණයක් බව මේ මනුස්සයට තේරුණත්, කට වහගෙන ඉන්නේ සියඹලා ටික විකුණ ගන්න ගමේ වෙන තැනක් නැති හින්දයි. ඔන්න දවසක් මේ මනුස්සයා ඇවිදලා, ඇවිදලා අමාරුවෙන් සියඹලා ටිකක් ඇහිඳ ගෙන ගෝනියක දාගෙන කඩේට අරගෙන ආවා... මුදලාලි සියඹලා ටික කිරුවා... කිරපු ගෝනිය කඩේ ඇතුලෙන් ගිහින් තිබ්බා... දැන් අර මනුස්සයට සල්ලි දෙන පාටක් නෑ... මනුස්සයා සල්ලි දෙනකම් බලාගෙන ඉන්නවා... මුදලාලිට ගානක්වත් නෑ... මුදලාලි වෙන වැඩක... බැරිම තැන අර මනුස්සයා මුදලාලිගෙන් සල්ලි ඉල්ලනවා... මුදලාලි මගේ සියඹලා වල සල්ලි.....

කසාදය...

Image
ඇමරිකාවේ වෙසෙන ධනවත්, උගත් පියෙක් දවසක් තමාගේ එකම පුතාට කතාකරලා මෙහෙම කියනවා... " පුතේ ඔයා මම කියන ගෑණු ළමයට කැමතිවෙලා එයාව කසාද බඳින්න ඕනි..." " මට ඒක කොහෙත්ම කරන්න බැහැ තාත්තේ..." පුතා ගත් කටටම කියනවා...  " මොකද බැරි... එයා බිල් ගේට්ස්ගේ එකම දුව... එයා හරිම ලස්සනයි... ඒ වගේම එයා හරිම උගත් කෙනෙක්... ඔයා එයාව බඳින්නම ඕනි..." තාත්තා කියනවා... " ආ... එයානම් මම කැමතියි තාත්තේ..." පුතා එක පයින්ම වැඩේට කැමති වෙනවා... ඉතිං තාත්තයි, පුතයි කැමති උනාට වැඩක් නෑනේ... බිල් ගේට්ස් මේකට කැමති වෙන්න ඕනිනේ...  අනිත් දවසේ තත්තා යනවා බිල් ගේට්ස් හම්බවෙන්න... ගිහිල්ලා මෙහෙම කියනවා... " මට අවශ්‍ය කරනවා ඔබතුමාගේ දියණිය මගේ එකම පුතාට කසාද බන්ඳලා දෙන්න..." " බෑ... ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්..." බිල් ගේට්ස් මේ තාත්තට කියනවා... " මොකද කරන්න බැරි... මගේ පුතා තමයි ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරියා..." ඒ වගේ උසස් රස්සාවක් කරන මගේ පුතාට ඔබතුමාගේ දියණිය හොදට ගැළපෙනවා..." තාත්තා බිල් ගේට්ස්ට කියනවා... බිල් ගේට්ස් ටික වෙලාවක් කල්පනා කරනවා....