කරුමක්කාර දවස...
දවසක් මනුස්සයෙක් බාර් එකකට වෙලා අරක්කු වීදුරුවක් අතේ තියාගෙන දුකෙන් කල්පනා කරමින් ඉන්නවා. බාර් එකට බොන්න ආපු තවත් මනුස්සයෙක් මෙයාව දකිනවා. ඒ මනුස්සයත් බොන ගමන් අර මනුස්සයා දිහා බලාගෙන ඉන්නවා. දැන් පැය භාගයක් විතර අර මනුස්සයා අරක්කු වීදුරුව අතේ තියාගෙන ඒක දිහා බලාගෙන ඔහේ ඉන්නවා. දැන් අර මනුස්සයා දිහා බලාගෙන හිටිය මනුස්සයට මේක හරිම ප්‍රශ්ණයක්. මිනිහා හිටපු තැනින් හිමිහිට නැගිටලා මේ මනුස්සයා ඉන්න තැනට එනවා. ළගට ආපු ගමන්ම එකපාරම අර මනුස්සයගේ අතේ තිබුණ අරක්කු වීදුරුව උදුරලා ගන්නවා. ඒ අරගෙන එක හුස්මට බීගෙන බීගෙන යනවා. එතකොටම අර මනුස්සයා අඩන්න පටන් ගන්නවා. මේ මිනිහට ඒ මනුස්සයා ගැන දුක හිතෙනවා. " ඇයි තමුසේ අඩන්නේ... මම තමුසේ දිහා පැය භාගයක් විතර තිස්සේ බලාගෙන හිටියා. තමුසේ වීදුරුව අතේ තියාගෙන බොන්නේ නැතුව හිටිය නිසයි මම ඒක තමුසෙගෙන් උදුරලා අරන් බිව්වේ... හරි... හරි... තමුසේ දුක් වෙන්න ඕනි නෑ... මම බෝතලයක් ගන්නම් අපි දෙන්නම එකතුවෙලා ඒක බොමුකෝ..." කියලා වේටර් කොළුවට කතා කරලා බෝතලයකුයි, බයිට් පිගානකුයි ඕඩර් කරනවා. ඊට පස්සේ ඒ මිනිහත් අර මනුස්සයත් එක්ක ඒ මේසෙම ඉඳගන්නවා. " හරි... දැ...