රිටි පන්න...
මේ ඡායාරූපය මම ගත්තේ 2014 වර්ෂයේ ඒ කාළේ මගේ ළඟ තිබුණ ස්මාර්ට් දුරකථනයකින්. ඒ ඇමෙරිකානු ජනප්‍රිය රූපවාහිණී වැඩසටහන් කිරීමට පෙර එහි ගිය අවස්ථාවකයි. මේ ඡායාරූපයේ තිබෙන හබරාදුව, කොග්ගල රිටි වළින් මාළු අල්ලන තැන ඔබ හැමෝම දන්නවා වගේම දැකලත් ඇති. මෙතැන ලංකාවේ වගේම ලෝකයේ හැම රටකම වගේ සංචාරකයින් අතර සෑහෙන ජනප්‍රිය තැනක්. විශේෂයෙන්ම මෙතැනට ඇළුම් කරන මෙතැනම හොයාගෙන එන දේශීය වගේම විදේශීය සංචාරකයන් බොහෝමයක් ඉන්නවා. ඒ වගේම ලංකාවටම ආවේනික වුනු මේ මසුන් අල්ලන ක්‍රමය, මිනිසුන් සහ මෙම ස්ථානයට අදාලව විවිධ ජාතියේ කළාත්මක ඡායාරූප ලෝකය පුරාම ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා. ලංකාවේ සංචාරක කර්මාන්තය වගේම ලංකාව ගැන හඳුන්වන ඕනෑම ලිපියක හෝ ඡායාරූප එකතුවක මෙතැන සහ මේ මිනිසුන්ගේ ඡායාරූපයක් වරදින්නේ නම් නෑ... ඒ තරමටම මෙතැන ලෝකය පුරාම ජනප්‍රිය තැනක්. ඇමරිකාවේ තවමත් ජනප්‍රිය 'රියැලිටි ට්‍රැවල් ප්‍රෝගෑම්' එකක් වන Amazing Race වැඩසටහන කාළයක් යනකොට ලෝකයේ වෙනත් රටවලත් ජනප්‍රිය වීමට පටන් ගන්නවා. ඉන්පසු ඔවුන් මෙම වැඩසටහන රූපගතකිරීම් ලෝකයේ අනෙක් රටවලටත් ව්‍යාප්ත කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට Amazing Race in Asi...