අපි ආදරය කරන පෘතුගාලය...

ලා නිල් පාට කොට කලිසමකින්, තද නිල් පාට ජර්සියකින් සහ මුඛ ආවරණයක් පැළඳ මුදල් ගෙවීම සඳහා තම වාරය එනතෙක් පෝලිමේ මේ බලා සිටින්නේ පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසාය... ඔහු එනතුරු දැල්වෙන, නිවෙන විදුලි පහන් සහිත කාර්-ජීප් එළියේ නවත්වා නැත, ඔහු වෙනුවෙන් මෙහි රතු කාපට් එලා නැත, ඔහුගේ ආරක්ෂාවට ආරක්ෂකයෝ හෝ පොලීසියෙන් මෙහි නැත, ඔහු එනවා කියා කිසිවෙකු මෙම වෙළඳ සැළෙන් පන්නා දැමුවේද නැත. 

ජනාධිපතිවරයා උනත් ඔහු මේ අවස්ථාවේ දී මෙම වෙළඳසැලේ භාණ්ඩ මිළදී ගැනීමට පැමිණි තවත් එක් මිනිසෙකු පමණි... 

ඔහුත් මේ රටේ පුරවැසියෙකි... 

ඔහු මේ රටේ රාජ්‍ය සේවකයෙකු පමණි...

පහළින් ලියමි...

මා පෘතුගාලයේ පුරවැසියෙක් නොවන බවත් මෙය මා විසින් ලියන ලද්දක් නොවන බවත් කරුණාවෙන් සළකන්න... 

ඉහත එම සටහන ඒ අවස්ථාවේ එතැන සිටි පෘතුගාල වැසියෙකු විසින් ඔවුන්ගේ භාෂාවෙන් ලියා සමාජ මාධ්‍යට මුදාහල පෝස්ටුවකි. මෙය මා විසින් උපුටාගෙන, තටමාගෙන පරිවර්තනය කර මෙසේ ඔබට පළ කළෙමි...

දැනට මෙය බලා අපිත් ඔවුන් සමඟ සතුටු වී...

මෙවන් දෙයක් අපේ රටේ කෙදිනක හෝ දකිනාතුරු තටමාගෙන සිහින දකිමු...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...