රාහුල් ඩ්‍රාවිඩ් සහ ආචාර්ය උපාධිය...
හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ වර්ථමාන ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මීට අවුරුදු පහකට පෙර, ඒ කියන්නේ 2017 වසරේ බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ඔහුට පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා... ඒ වගේම එම උත්සවයේදී උත්සව සභාව අමතලා ඔහු අපූරු කතාවක්ද කරනවා... "මගේ බිරිඳ වෛද්‍යවරියක්... ඇය ඇගේ වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා ගණන් කළ නොහැකි... නිදි නැති රාත්‍රීන් සහ දින ගණන් ගතකර තිබෙනවා... එහෙම දීර්ඝ කැප කිරීමක් කරලා තමයි ඇය ඇගේ වටිනා වෛද්‍ය උපාධිය ලබා ගත්තේ..." "ඒ වගේම මගේ අම්මා කලා අංශයේ මහාචාර්යවරියක්... එයාගේ අවසාන උපාධිය ලබාගන්න ඇය අවුරුදු පනහක් තිස්සේ ඉවසීමෙන් බලාගෙන ඉන්නවා... මම ක්‍රිකට් ගහන්න මහන්සි වුණා... මම ඒ ක්‍රීඩාවෙන් ඉහළටම ගියා... ඒක තමයි ඇත්ත... ඒත් මම අධ්‍යාපනය පැත්තෙන් එච්චර හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි... ඉතින් මම කොහොමද මේ බලසම්පන්න ගෞරව ආචාර්ය උපාධිය පිළිගන්නේ...?" “ගෞරව උපාධියක් නිකන්ම ලබා ගන්නවාට වඩා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යම් ආකාරයක ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කිරීමෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට මම ඉතා...