Posts

Showing posts from September, 2021

The Human Centipede...

Image
රූපයෙන් ලස්සන නමුත් තරමක් අපිරිසිදු ආකාරයට ජීවත්වෙන ඇමරිකානු ගැහැණු ළමයින් දෙදෙනෙක් යුරෝපය හරහා රෝඩ් ට්‍රිප් නැත්නම් මාර්ග චාරිකාවක යෙදෙමින් සිටිනවා. මෙසේ යුරෝපය හරහා පැමිණෙන මොවුන් ජර්මනියට ළගාවන්නේ රාත්‍රි කාළයේයි. මොවුන් දෙදෙනා තනිවම ජර්මනියේ පාළු ප්‍රදේශයක ගමන් කරන අතරතුර ඔවුන්ගේ මෝටර් රථයේ දෝශයක් ඇතිවී රථය නැවතී තවදුරටත් ඉදිරියට යා නොහැකිවූ විට ඔවුන් ඒ අසළ තිබෙන හුදෙකලාවු නිවසක නවාතැන් ගැනීමට තීරණය කරනවා. රාත්‍රියේ නින්දට වැටෙන තරුණියන් දෙදෙනා උදේ අවදිවී බලනවිට ඔවුන් තවත් ජපන් ජාතික පිරිමියෙකු සමඟ තාවකාලික සැකසූ රෝහලක සිටින බවත් මෙම රෝහලේ සිටින යම් මානසික රෝගයකින් පෙළෙන ජර්මානු ශල්‍ය වෛද්‍යවරයකුගේ ග්‍රහණයට හසුවී ඇති බවත් ඔවුන්ට වැටහෙනවා.  දොස්තර හෙයිටර් නමින් හඳුන්වන මෙම වෛද්‍යවරයාට තම ජීවිත කාලය පුරාම තිබෙන එකම මනංකල්පිත ආසාව වන්නේ මිනිසුන් දෙතුන් දෙනෙක් එකතුකර ඔවුන්ගේ මුඛයේ සිට ආමාශයික පද්ධති හරහා ඔවුන්ව සම්බන්ධකර එක ශරීරයක් තුළ අත්පා කීපයක් ඇති මිනිස් සෙන්ටිපෙඩ් කෙනෙක් සෑදීමයි. නෙදර්ලන්ත ජාතික ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ටොම් සික්ස් (Tom Six) විසින් අධ්‍යක්ෂණය කළ ‘...

පාරේ තියෙන පොත්...

Image
මේ ඡායාරූපවලින් ඔබ දකින්නේ කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදිය (Hagerman Street) සම්පූර්ණයෙන්ම ගමනා ගමනයට වසාදමා එම වීදිය සම්පූර්ණයෙන්ම පොත් අතුරා දීප්තිමත් පොත් ගංගාවක් ආකාරයට පුරවා ඇති ආකාරයයි.  මෙය ක්‍රියාව 2016 වසරේදී උත්සවයක් ලෙස සමරනු ලැබූ අතර ගමනා ගමනයේ අධික වාහන තදබදය, ශබ්ද හා පරිසර දූෂණය යන පොදු ප්‍රශ්ණයන්ට එරෙහිව සාහිත්‍ය තුළින් යම් විසඳුමක් සොයාගැනීමේ අරමුණෙන් නාගරික ප්‍රශ්ණ සඳහා මැදිහත්වීම් සිදුකරන නිර්නාමික ප්‍රංශ කණ්ඩායමක් වන 'ලුසින්ටෙරුප්ටස්' (Luzinterruptus)විසින් කරනු ලැබූ වැදගත් ව්‍යාපෘතියකි. ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය සඳහා කලාත්මකව සකසන ලද දිලිසෙන පොත් 10,000 කින් යුත් ගංගාවක් මෙම වීදිය පුරා ඇතිරීම කරන ලදී. මෙම පොත් ඇතිරීමේ කලාව එරට පැවති 'නුයිට් බ්ලැන්ච් 2016' (Nuit Blanche 2016) සැනකෙළියේ එක් අංගයක් ලෙස පැවති අතර එය නිදි නැති රාත්‍රියක් පුරාවට පැවැතුණු කලා උළෙලකි.   එරට ගැලවීමේ හමුදාව විසින් මෙම පොත් බොහොමයක් පරිත්‍යාග කරන ලද අතර තවත් බොහෝ පොත් කියවා අවසන් කල අය විසින් මෙහි ගෙනවිත් තබන ලද ඒවායි. කාර්ය බහුල හේගර්මන් වීදියේ මෙම දීප්...

කේන්දරේ...

Image
මැදිවියේ කාන්තාවක් දවසක් උදේ පාන්දරින්ම යනවා ටිකක් දුර බැහැරක ඉන්න ජෝතිෂ්‍යවේදියෙක් ළඟට තමන්ගේ හඳහන බලාගන්න කියලා. මේ ජෝතිෂ්‍යවේදියා ටිකක් රටේ ප්‍රසිද්ධ කෙනෙක් නිසා මේ කාන්තාව යන වෙලාව වෙනකොටත් සාමාන්‍ය සෙනඟක් ජෝතිෂ්‍යවේදියා හම්බවෙන්න ඇවිල්ලා ඉන්නවා. පෝලිමේ ඉඳලා මේ කාන්තාවගේ වාරේ ආවාම ඔන්න ඉතිං මෙයා අර ජෝතිෂ්‍යවේදියා ඉස්සරහින් ගිහින් වාඩිවෙලා හඳහන ඔහු අතට දෙනවා. ඔහු මේක ටික වෙලාවක් හොඳින් කියවා බලා... " ඔබතුමියගේ නම චමිලා නේද...?" " ඔව්... ඔව්... මහත්තයෝ..."  " චමිලා දන්තනාරායන" එහෙම නේද..? " ඔව්... ඔව්... මහත්තයෝ..." කියලා උත්තර දෙනවා. මේක අහපු ගමන් අර කාන්තාවට කිසි දෙයක් හිතාගන්න බැරි වෙනවා. කවදාවත්ම දැකලත් නැති තමන්ගේ ගම් පළාතෙත් නොවන කවදාවත්ම කතා කරලවත් නැති කෙනෙක් එකපාරම තමන්ගේ නම කිව්වම මේ කාන්තාවට හරිම පුදුමයි. මේ ජෝතිෂ්‍යවේදියා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. නියම වැඩකාරයෙක්, නැත්නම් කොහොමද මම ගැන කිසි දෙයක් දන්නේ නැතුව මගේ සම්පූර්ණ නම කිව්වේ. හඳහන් පොතේ මගේ නම ලියලත් නෑ... එළියේ කවුරුත් මගේ නම ඇහුවෙත් නෑ... මම කාටවත් මගේ නම කිව්වෙත් නෑ... මෙයා...

ගණිකාවෝ...

Image
දවසක් හවස් වරුවක තරුණ කාන්තාවක් තමන්ගේ වයස අවුරුදු 10 විතර වෙන තම පුත්‍රයත් එක්ක ත්‍රීවීල් එකක නැගලා නගරය මැදින් තමන්ගේ ගෙදර බලා එනවා. ත්‍රීවීල් එක මෙහෙම ඇවිත් නගරය එක්තරා වීදියකට හරවා දිගටම ගමන් කරනවා. සවස් වරුවට ගණිකාවන් බෙහෙවින් ගැවසෙන වීදියක් ලෙස නම් දරා තිබෙන මෙම වීදියේ එක එක විච්චූරණ ජාතියේ ඇඳුම් ඇඳගත් ගණිකාවන් තැනින් තැන ඉන්නවා මේ පොඩි කොල්ලා දකිනවා. මෙහෙම ඉන්න ගණිකාවන් දිහා එබිකම් කර කර ටිකක් ඕන කමකින් මේ කොල්ලා බලනවා. මෙහෙම බලාගෙන ගිහින් කොල්ලා එකපාරම අර අම්මගෙන් මෙහෙම අහනවා. " අර ලස්සනට ඇඳුම් ඇදලා ඉන්න ඇන්‍ටිලා පාර අයිනට වෙලා මොනවද අම්මේ කරන්නේ...? අර සමහරු යන එන වාහනවලට අත දානවා... සමහර වාහන නවත්තලා ඒ ඇන්ටිලාව දාගෙන යනවා..." කොල්ලා අහපු දේට අර අම්මට කට උත්තර නැති වෙනවා. මොකක් හරි බොරුවක් කියලා කොල්ලව ශේප් කරගන්න හිතාගෙන අම්මා මෙහෙම කියනවා. " ආ... පුතා ඒ ඉන්න ඇන්ටිල වැඩ ඇරිලා ගෙදර යන්න ඉන්න කට්ටිය... මේ පාරේ බස් වැඩ කරන්නේ නැති නිසා එයාලා ගෙදර යන්න ලිෆ්ට් එකක් ඉල්ලගන්න තමයි ඒ වාහනවලට අත දාන්නේ... සමහරවිට එයාලගේ හස්බන්ඩ්ලා වාහනවලින් ඇවිල්ලා එයාලව එක්කන් යනවා. සම...

ඡායාරූපයේ කතාව...

Image
ප්‍රවීණ බංග්ලාදේශ ඡායාරූප ශිල්පී GMB Akash... අපේ විවාහයෙන් ටික කාලෙකට පස්සේ මගේ සැමියාට අපිට දරුවෙකු සිටිය යුතුයි කියලා ලොකු ඕනකමක් තිබුණා. ඔහුට ඒ ගැන ලොකු පිස්සුවක් තිබුණා. අපිට මොනවා තිබුණත්, නැතත් පවුලට දරුවෙක් සිටිය යුතුයි කියා ඔහු තරයේ කියා සිටියා. "අපේ දරුවා, අපි දෙන්නගේ ප්‍රේමයේ සංකේතයක් වනු ඇති බව" ඔහු නිතරම මට කියා සිටියා..! මෙසේ ආදරයෙන් අපි සිටිනවිට මාස කිහිපයකින් පසු මම ගැබ් ගත්තා, අපි දෙන්නා ගොඩාක් සතුටු වුනා වගේම අපි අපේ පළමු දරුවා සඳහා සියළුම සැලසුම් සකස් කරමින් සිටියා..!  මෙහෙම ඉඳලා මම මාස තුනක ගැබිනියක්ව ඉන්න කාළෙදි මගේ නැන්දම්මා මාව බලන්න අපේ ගෙදර ආවා. ඇය මාව දැකලා ගොඩාක් සතුටු වුනා. " දුවේ උඹ මට ලස්සන මුණුබුරෙක් දෙනවා නේද..? " කියා නැන්දම්මා මගෙන් ඇසුවා. ඒ වෙලාවේ අපි තුන්දෙනාම සතුටින් සිනාසුනා. මගේ මහත්තයා ඔහුගේ මවගේ අදහසට එකඟ වී සිනාසුණු අතර පසුව ඔවුන් දෙදෙනාම මාත් සමඟ එකතුවී අපේ පුතාට දැමීමට නමක් සෙවීමට පටන් ගත්තා..! ටික වෙලාවකට පස්සේ මට යමක් තේරුම් ගියා. මීට පෙර ඔහු කවදාකවත් එහෙම දෙයක් ගැන හිතලා තිබුණේ නෑ. ඒ ගැන කිසිම උනන්දුවක් ඔහුට තිබුණෙත් නෑ...

අවුරුදු 17ක ඡායාරූප...

Image
මේ අම්මා අවුරුදු 17 ක් තිස්සේ ඇයගේ ආදරය සෙනෙහස මැද්දේ තම දරුවා උස් මහත් වී වැඩෙන ආකාරය ඡායාරූප ගතකර ඇති ආකාරය පොඩ්ඩක් බලන්න. ඇය මේ ඡායාරූප සියල්ලම එකිනෙකට බද්ධ කර නිර්මාණාත්මකව ඉදිරිපත් කර ලෝකයට දෙන පණිවිඩය ඉතාමත් බලවත් එකක්.   ඇනී වැන්ග් ( Annie Wang) තායිවානයේ වගේම ජාත්‍යන්තරවත් පිළිගත් අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පිණියකි.  2001 වසරෙ ඇය ගැබිණියක්ව සිටිය දී එහෙමත් නැත්නම් ඇයගේ දරුවා ඉපදීමට ආසන්නව සිටියදී, ඇය 'The Mother As A Creator'(මවක් යනු මැවුම්කරුවෙකි) නමින් ඡායාරූප මාලාවක් එළිදැක්වීම ආරම්භ කරනවා.  නමුත් ඇයට මෙම ඡායාරූප මාලාව එකවර ඉක්මණින් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණේ නෑ. ඇයගේ ව්‍යාපෘති සංකල්පය වන තම දරුවා වැඩෙන ආකාරය, මේ දැන් තිබෙන අයුරින් නිර්මාණාත්මකව අවුරුද්දෙන් අවුරුද්දට ඡායාරූප ගතකර ඉදිරිපත් කිරීමට ඇය වසර 17 ක් තිස්සේ අඛණ්ඩව ඉවසාගෙන බලා සිට සිදුකර තිබෙනවා. - ධම්මික සමරතුංග - #DhammikaSamaratunga...

හොරා...

Image
දවල් කාලෙට ගෙවල් වල කවුරුත් නෑ කියලා හිතලා හොරෙක් මහ දවල් ගෙදරක ජනේලයක් කඩාගෙන ගෙට ඇතුළු වෙනවා. හොරා ගෙදර හැම තැනම හොරාගන්න දෙයක් බැලුවත් මිනිහට ගෙනියන්න තරම් දෙයක් සෙට් වෙන්නේ නෑ.  හොරා හිමිහිට පඩිපෙල නැගලා ගෙදර ප්‍රධාන නිදන කාමරය පැත්තට යනවා. ඒ කාමරයට ඇතුළු වෙනවාත් එක්කම හොරා දකිනවා ලස්සන තරුණ කාන්තාවක් ඇඳ උඩ නිදාගෙන ඉන්නවා. හොරා පැනපු ගමන් අර තරුණියව අල්ලා ගෙන අතේ තිබුණු ලණු වළින් අර තරුණියගේ අත් දෙකයි කකුල් දෙකයි බැඳලා කෑගහන්න බැරි වෙන්න කටේ රෙදි කෑල්ලක් ඔබනවා. ඊට පස්සේ හොරා කාමරේ තියෙන අල්මාරිය පැත්තට යන්න හදනකොටම නාන කාමරයේ ඉඳලා ගෙදර හිමිකරු නැත්නම් තරුණියගේ සැමියා පැමිණෙනවා. හොරා ආපහු පැනපු ගමන් ආයෙත් අර තරුණියව අල්ලගෙන බෙල්ලට පිහියක් තියලා ගෙදර හිමිකරුට තර්ජනය කරනවා. වහාම රත්තරන් බඩු සහ මුදල් නොදුන්නොත් තරුණියගේ බෙල්ල කපා මරා දමන බවට තර්ජනය කරනවා. මේක අහපු නිවසේ හිමිකරු හොඳටම බය වෙනවා. මිනිහා අඬන්න පටන් ගන්නවා. අඩන ගමන් හොරාට මෙහෙම කියනවා... " මේ ගේ පෙරළලා තමුසෙට ඕනි කරන ඕනිම දෙයක් අරගෙන යනවා... මට ඒවා ඕනි නෑ... හැබැයි තමුසේ මේ නෝනට මුකුත් කරන්නේ එහෙම නෑ. මේ නෝනව නිදහස් කර...

එපා මුවා කරලන්න...

Image
 එපා මුවා කරලන්න - මට එළිය දෙන මගේ සඳ... කාලෙකින් එළිය දී - මගේ නොතනිය මකන... සුළඟ විත් රඳවන්න - වළාවේ ඔබ ඉන්න... එපා මුවා කරලන්න ඒ මගේ පුරා සඳ... එළිය දී ගොම්මනේ අඳුරු වූ වන වදුළ බලාහිඳ මා දිහා මගෙ ගමන සුව පතා රැකදෙන්නේ මා ඇගේ දුවක මෙන් රෑ පුරා තනිකමට එළිය දී සෙවනැල්ල මවාලා... එපා මුවා කරලන්න - මට එළිය දෙන මගේ සඳ... කාලෙකින් එළිය දී - මගේ නොතනිය මකන... වළාවන් යන්න ඔබ - අයාලේ වෙන අතට  එපා මුවා කරලන්න ඒ මගේ පුරා සඳ... පියා නැත අද දවස ඔත්පලව ඔහු එකම තැන එනතුරා මා ගෙදර මව සිටියි ඔහු අසළ හඳේ ඔබ බබළන්න යටලීය පුරාවට එය දකින මා පියා සැනසේවී ඔබ නිසා... එපා මුවා කරලන්න - මට එළිය දෙන මගේ සඳ... කාලෙකින් එළිය දී - මගේ නොතනිය මකන... වළාවන් ඉන්න ඔබ - තව ටිකයි මට ගෙදර... එපා මුවා කරලන්න ඒ මගේ පුරා සඳ... - ධම්මික සමරතුංග - #DhammikaSamaratunga...

හිඟමන් යදිමින් සිටි විශ්‍රාමික පාසල් ගුරුවරියක්...

Image
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වීදිවල හිඟමන් යදිමින් සිටි විශ්‍රාමික පාසල් ගුරුවරියක් බේරාගත් මනුෂ්‍යත්වය... කේරල ප්‍රාන්තයේ රජයේ සේවිකාවක් වන එම්.ආර්. විද්‍යා නම් තරුණියට දුර බැහැරින් ඇය මුණගැසීමට පැමිණෙන තම මිතුරියක් පිළිගැනීම සඳහා තිරුවානපුරම් මධ්‍යම දුම්රිය ස්ථානයට යෑමට සිදුවෙනවා. ඇය එම දුම්රිය ස්ථානයෙන් පිටත තම මිතුරිය එනතුරු බලා සිටින විටදී ඒ අසල තිබුණු පළතුරු ගසකින් ඉතාමත් අමාරුවෙන් එහි තිබෙන ගෙඩි කීපයක් කඩා ගැනීමට උත්සාහ කරන වයෝවෘද්ධ කාන්තාවක් ඇය දකිනවා. ඉතාමත් පරණ වැරහැළි ඇදුමකින් සැරසී සිටිය මෙම වයෝවෘද්ධ කාන්තාව සතුව පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් සහ තවත් පැරණි ඇඳුම් කීපයක් සහිත තරමක ලොකු මලු කීපයක්ද තිබෙනවා ඇය දකිනවා.  සිගන්නියක් ලෙස ජීවත් වුවත් මෙම කාන්තාවගේ යම්කිසි විශේෂත්වයක් ඇති බව විද්‍යාට හැගී යනවා. මෙම කාන්තාව වෙන අයට වඩා වැදගත් පෙනුමක් පෙන්නුම් කල නිසා එම වයෝවෘද්ධ කාන්තාව සමඟ කතා කර ඇගේ පවුලේ අය ගැන යම් කිසි විමසීමක් කළොත් හොඳයි කියා විද්‍යා තීරණය කරනවා. ඇය එම වයෝවෘද්ධ කාන්තාව අසලට ගොස් ඇයගෙන් බඩගිනි දැයි විමසනවා. නමුත් වයෝවෘද්ධ කාන්තාව ඇයට බඩගින්නක් නැතැයි කියා පැවස...

වෙළුම් පාද හෙවත් නෙළුම් පාදවල ඉතිහාසය...

Image
10 වන සියවසේ චීනයේ ජීවත්වුණු යෞවනියන්ගේ සහ නාට්‍ය ශිල්පිණියන් පාදවල විලුඹෙන් පහළ කොටසේ හැඩය සහ ප්‍රමාණය වෙනස් කිරීම සඳහා පාදවලට එම කොටස තදින් බැඳ වෙනස්කර කුඩා පාවහන් පැළදීම එකල චීනයේ පැවති පුරාණ චාරිත්‍රයක් මෙන්ම ජනප්‍රිය මෝස්තරයකි.  10 වන සියවසේ චීනයේ ප්‍රසිද්ධව පැවති පස්වෙනි රාජවංශ සහ දසවෙනි රාජධානියන් තුළ ඉහළ ප්‍රභූ පන්තියේ නර්තන ශිල්පීන් අතර මෙම චාරිත්‍රය පුරුද්දක් වශයෙන් පවත්වාගෙන යමින් තිබුණි. එම රාජධානි වළින් පටන්ගෙන පසුව චාරිත්‍රය ක්‍රම ක්‍රමයෙන් චීනයේම පැවති ගීත රාජවංශයේ ප්‍රභූන් අතරද ජනප්‍රිය වන්නට විය. පසුව චීනයේ පැවති  'ක්වින්' නම් රාජවංශය විසින් මෙම පාද බැඳීම චාරිත්‍රය චීනයේම අනෙකුත් බොහෝ සමාජ පංති වෙත ව්‍යාප්ත කරවූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙම චාරිත්‍රය කෙමෙන් කෙමෙන් අවසන් විය.  කුඩාවට සකසා වෙළන ලද පාද නළඟණන්ගේ මෙන්ම එකළ තරුණියන්ගේ සමාජ තත්වයන් සංකේතවත් කළා මෙන්ම ඔවුන්ගේ අලංකාරයේ සලකුණක් ලෙසද සලකණු ලැබීය.  එහෙත් පාද බැඳීම ඔවුන්ට වේදනාකාරී ක්‍රියාවක් වූ අතර සාමාන්‍යයෙන් කාන්තාවන් සතු ඔවුන්ගේ ස්භාවික ශරීර චලනයන් මේ නිසා සැලකිය යුතු ලෙස සීමා වී තිබිණ....

එකම පින්තූරයේ කතාන්දර දෙකක්...

Image
වයෝවෘද්ධ පුද්ගලයෙක් තම ආදරවන්තිය, යෙහෙළිය, ආදරණීය බිරිඳ සමඟ ජීවිත කාලය පුරාවටම ඔවුන්ගේ සියළුම ආදරණීය සැමරුම් සිහිපත් කරගත් ඒ සොඳුරු රාත්‍රී භෝජනයන් ඇයගේ වියෝවෙන් පසුවත් ඇය නොමැතිව ඇය සමඟ සැමරීමට පැමිණ, ඇය ඔහුගේ මුළු ජීවිත කාලය පුරාවටම පුදකළ ආදරය, සෙනෙහස සිහිගැන්වී, ඇයව මතක්වී ඔහුගේ ඇසට කඳුලක් පැමිණුන ඒ සංවේදී මොහොතක මෙහා පැත්තේ සිටි කෙනෙකුගේ දුරකථන කැමරාවක සටහන්වී තිබුණු ආකාරය....... වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්......... හෝ...... තම බිරිඳ සමග ඔවුන්ගේ විවාහ සංවත්සරයක් සැමරීම සඳහා රාත්‍රී භෝජනයකට පැමිණි අවස්ථාවක හදීසි අවශ්‍යතාවයක් සඳහා බිරිඳ භෝජනාගාරයේ වැසිකිළියට ගොස් සිටින විට ඔහුට හදිසියේ පිටවන කිවිසුමකින් පසු තම නාසය සහ මුහුණ පිසදමා ගන්නා මොහොතක මෙහා පැත්තේ සිටි කෙනෙකුගේ දුරකථන කැමරාවක සටහන්වී තිබුණු ආකාරය........ මේ ඡායාරූපයෙන් කියවෙන්නේ මේ කතා දෙකෙන් එකක් වෙන්න පුළුවන් නේද..?  මේ කතා දෙකෙන් ඔබ වඩාත් කැමති දෙය බාරගන්න ඔබට පුළුවන්...  මටනම් මෙය සංවේදී අවස්ථාවක්... ඔබටත් පුළුවන් මේ ඡායාරූපය බලා සංවේදීවන්න...  නැත්නම් මේ ඡායාරූපය ගත්ත එකාට බැන බැන හිනාවෙන්න.... ...