රුවල් ගල්...

රුවල් ගල්, ඇවිදින පාෂාණ, ලිස්සා යන පාෂාණ, පෙරළෙන ගල් එහෙමත් නැත්නම් චලනය වන පාෂාණ ලෙස හඳුන්වන මෙම පාෂාණ විශේෂ දකින්නට ලැබෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි Death Valley( මියගිය නිම්නය ) ලෙස හඳුන්වනු ලබන ජාතික උද්‍යානයේයි. පර්යේෂකයන්ට හා විද්‍යාඥයන්ට තවමත් ප්‍රශ්ණාර්ථයන් ඉතිරිකර ඇති මෙම ඇවිදින පාෂාණවල රහස කිසිවෙකුට තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත. මිනිසෙකු හෝ යම්කිසි සත්වයෙකු විසින් තල්ලු අරගෙන හෝ ඇදගෙන ගිය ආකාරයට මුල සිට අග දක්වා පස් මත මඟක් සළකුණු වී තිබුණත් මෙම ක්‍රියාව සඳහා කිසිම සත්වයෙක්ගේ හෝ මිනිසෙක්ගේ සම්බන්ධයක් නොමැති බව පර්‍යේෂණ වලින් තහවුරු වී තිබෙනවා.

ඔවුන් විශ්වාස කරන්නේ මෙම ගමන් කරන පාෂාණ වලට හේතුවී ඇත්තේ භූගෝලීය සංසිද්ධියක් බවයි. 2011 අවුරුද්දේ සහෝදරියන් දෙදෙනෙකු එක්ව කරන ලද පරීක්ෂණයකදී ඔවුන් සොයාගෙන ඇත්තේ රාත්‍රියේ එම ප්‍රදේශයේ පවතින දැඩි සීත කාලගුණය නිසා මිදීමට ලක්වෙන අයිස් පසුදා උදේ අව්ව නිසා දියවීමට පටන් ගත් විට එම අයිස් තට්ටු එම කළාපයේ ඇතිවන මඳ සුළං ප්‍රවාහයන් මගින් කැඩී ගොස් පාවෙන්නට පටන් ගනියි. මෙසේ පාවී එන අයිස් කුට්ටි විසින් පොලවේ රැදී තිබෙන මෙම පාෂාණ එම කාන්තාරයේ ඇති සියුම් වැලි තට්ටුව මත සළකුණු ඇතිකරමින් තල්ලු කර ගෙන ගමන් කරයි. පසුව දහවල් කාලයේ ඇතිවන අධික අව් රශ්මිය නිසා අයිස් දිය වී ඉන්පසු ජලයද සිඳී ගිය පසු මෙම පාෂාණය මෙසේ ඉතිරි වෙයි.

මෙම සහෝදරියන් දෙදෙනා මෙසේ මෙම ක්‍රියාව සනාත කළත් තවමත් මේ ක්‍රියාව සඳහා ස්ථීර නිගමණයකට ඒමට පරීක්ෂකයින් තවමත් අපොහොසත් වී තිබෙනවා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...



 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...