අමතර ආදායම...

දවසක් එක්තරා රටක මනුස්සයෙක් ඔෆීස් එකක වැඩ කර කර ඉන්න අතරතුර හදිසියේ ගෙදර එන්න අවශ්‍යතාවයක් ඇතිවෙලා දවස් භාගයක නිවාඩුවක් එහෙම දාලා ඉක්මනට ඇවිත් ටැක්සියකට ගොඩවෙනවා. 

ටැක්සියේ ටික දුරක් ඔහොම යනකොට එක තැනකදී මෙයා පොඩි වාහන තදබදයකට අහුවෙනවා. ට්‍රැෆික් එක අස්සේ මේ මනුස්සයා වටපිට බල බල ඉන්නකොට එකපාරටම දැකපු දෙයක් නිසා කලබල වෙලා රියදුරාට කෑගහලා මෙහෙම කියනවා...

" ඩ්‍රයිවර්... ඉක්මණට ඔය අයිනකින් වාහනය නවත්තන්න..."

රියදුරා ඉක්මණින්ම ඉඩ තියෙන තැනකින් වාහනය නවත්තනවා...

" ඇයි සර්... මොකක් හරි හදීසියක් ද..?"

" තමුසේ කැමතිද මේ හයර් එක යන ගානට වඩා ටිකක් වැඩි ගාණක් හම්බකරගන්න..?"

" මොනවා කියනවද සර්... මේ දවස්වල සල්ලි කියන්නේ ඉතිං... දන්නවනේ... මොනවද වෙන්න ඕනි කියන්න... මම කරන්නම්"

අර මනුස්සයා තමන්ගේ බෑග් එක ඇදලා ෆොටෝ එකක් අරගෙන ඩ්‍රයිවර් අතට දෙනවා.

" ඕකේ ඉන්න එක්කෙනා දිහා හොඳට බලනවා... ඔය ඉන්නේ මගේ වයිෆ්... මම මේ දැන් දැක්කා එයා තව මනුස්සයෙක් එක්ක අර තියෙන හෝටලය ඇතුලට ගියා... තමුසෙට පුළුවන් නම් ගිහිල්ලා එයාව බෙල්ලෙන් ඇදගෙන එනවා... මම තමුසෙට හොඳ ගානක් දෙන්නම්...

" හරි සර්... ඕක සුළු වැඩක්නේ... සර් ඔහොමම ඉන්න මම ගිහින් ඇදගෙන එන්නං..."

ඩ්‍රයිවර් අර මනුස්සයාගෙන් ෆොටෝ එකත් අරගෙන හෝටලය පැත්තට ගියා...

ටික වෙලාවකින් අර ඩ්‍රයිවර් ගෑණු කෙනෙකුගේ කොණ්ඩෙන් අල්ලගෙන ඒ ගෑණු කෙනාට අතින් පයින් තඩිබාමින් ඇදගෙන එනවා...

මේක දැකපු අර මනුස්සයට කර කියාගන්න දෙයක් නැති වෙනවා...

" මේ හලෝ... හලෝ... ඔය මගේ වයිෆ් නෙවෙයි... තමුසේ හරියට ෆොටෝ එක බැලුවේ නැද්ද..? ඔය වෙන ගෑණු කෙනෙක්..."

" හරි... හරි... සර්... සර් කළබල වෙන්න එපා... මේ ඉන්නේ මගේ ගෑණි... සර් පොඩ්ඩක් මෙයාට පැනලා යන්න නොදී අල්ලගෙන ඉන්න... මම සර්ගේ නෝනව අරගෙන එන්නම්..." කියලා අර ඇදගෙන ආපු ගෑණු කෙනාව කාර් එක ඇතුලට දාලා ආයෙත් අතේ තියෙන ෆොටෝ එක බල බලා හෝටලය පැත්තට දිව්වා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...