ඩොලර් 10...
දවසක් ඇමරිකාවේ එක්තරා බැංකු ශාඛාවකට මහලු කාන්තාවක් ගොඩවෙනවා... බැංකුවේ පෝලිමේ ටික වෙලාවක් ඉදීමෙන් පස්සේ ඇගේ වාරය පැමිණෙනවා... ඇය තම බැංකු දත්ත කාඩ්පත කවුළුවේ සිටින නිළධාරිනියට දීලා... "කරුණාකරලා මට මගේ ගිණුමෙන් ඩොලර් 10 ක් ලබාදෙන්න..." කියලා ඇයගෙන් ඉල්ලා සිටිනවා... අර නිළධාරිනිය වැඩිය මේ වයසක කාන්තාව ගණන් ගන්නේ නැතුව සමච්චල් හිනාවක් පාලා... "සමාවෙන්න නෝනා ඩොලර් 100 ට අඩු මුදලක් ආපසු ගන්නවානම්, කරුණාකරලා එළියේ තියෙන ATM යන්ත්‍රය භාවිතා කරන්න..." කියලා කියනවා... "මට ATM කාඩ් එකක් නෑ... මට දැනගන්න පුළුවන්ද ඇයි මට ඕන කරන මුදල මේ බැංකුවේ, මේ කවුළුවෙන් ගන්න බැරි කියලා..." මේක ඇහුවම නිළධාරිනියට පොඩ්ඩක් කේන්ති යනවා... මහළු කාන්තාවගේ බැංකු දත්ත කාඩ්පත ආපසු ඇයට ලබාදෙන ගමන්... "මේක අපේ බැංකුවේ තියෙන නීතියක්... ATM කාඩ් එකක් නැත්නම් කරුණාකරලා එකක් ලබාගන්න... ඊට පස්සේ ATM යන්ත්‍රය භාවිතා කරලා සල්ලි ගන්න... වෙන මොනවා හරි ප්‍රශ්ණයක් ඔබට මගෙන් අහන්න තියෙනවද... නෝනගේ පිටිපස්සෙන් තව ගණුදෙණුකරුවන් ගොඩක් බලාගෙන ඉන්නවා..." මහළු කාන්තාව තත්පර කිහිපයක් නිශ්ශබ්දව ඉ...