බිරිඳගේ වෙනස...

මනුස්සයෙක් යෝජනාවකින් විවාහ වෙලා තමන්ගේ අළුත් යොවුන් බිරිඳත් එක්ක ඉතා සතුටින් තමන්ගේ පවුල් ජීවිතය ගතකරනවා. බිරිඳ ටිකක් සැරපරුස උනත් දෙන්නට දෙන්නා හොඳ අවබෝධයෙන්, ආදරයෙන් කාළය ගත කරනවා...

මෙසේ සතුටින් ඉන්න අතරතුර ඔවුන් ඔවුන්ගේ පළවෙනි විවාහ සංවත්සරයත් පවත්වනවා... මෙහෙම අවුරුද්දක් ගියාට පස්සේ මේ සැමියාට එයාගේ බිරිඳගේ යම්කිසි වෙනසක් දැනෙන්න පටන්ගන්නවා... 

ටික දවසක ඉදලා එයාගේ බිරිඳ කන් ඇසීමේ දුර්වලතාවයකින් පෙළෙන බව සැමියාට තේරුම් යනවා. මෙයාව දොස්තර කෙනෙක් ළගට එක්කරගෙන යන්න වේවි. සමහරවිට එයාට ශ්‍රවණාධාරකයක් පළදින්නත් වේවි. ඊට පස්සේ මේ තත්වය මග හැරේවි. ඔහු සිතුවා...

ඒත් ඔහුට ඒ ගැන බිරිඳගෙන් අහන්නවත්, වෛද්‍යවරයකු හට පෙන්වීමට ඇයව රැගෙන යන්නටවත් නොහැකිව කල්පනා කරමින් සිටියා... එකපාරම ඇයගෙන් මේක අහන්න ගියොත් ඇය මගේ ගැන වරදවා හිතාවි... දෙන්නට දෙන්නා තියෙන ආදරයත් අඩුවේවි... ඔහු තවදුරටත් සිතුවා...

මෙහෙම කල්පනා කරලා ඔහු අවසාන විසඳුමකට පැමිණෙනවා... බිරිඳ නැතිව තමා තනිවම පවුලේ වෛද්‍යවරයා හමුවීමට ගොස් මේ සඳහා උපදෙසක් ගන්නට ඔහු තීරණය කරනවා...

දවසක් ඔහු පවුලේ වෛද්‍යවරයා හමුවීමට යනවා... සියළු විස්තර ඔහු හා පවසනවා... සියළු විස්තර සාවදානව අහගෙන හිටපු වෛද්‍යවරයා ඔහුගේ බිරිඳගේ කන් ඇසීමේ තත්වයන් තවත් තහවුරු කර ගැනීමට කළයුතු කාර්‍යන් පිළිබඳව උපදෙස් කීපයක් ඔහුට ලබාදෙනවා...

" පළවෙනි අභ්‍යාසය විදියට සාමාන්‍යයෙන් ඇය හා කතාකරනවිට ඔබ ඔබේ බිරිඳට වඩා අඩි 20ක් විතර ඈතින් ඉන්න... සාමාන්‍යයෙන් ඔබ ඇයට කතාකරන ශබ්දයෙන් ඇයට කතා කරන්න... ඇයට එය ඇසුණා දැයි බලන්න... ඇයට එය ඇසුණේ නැත්නම් ඇයට අඩි දහයක් වෙනකම් ලංවන්න... නැවතත් ඒ ශබ්දයෙන්ම ඇයට කතාකරන්න... ඒත් ඇයට ඇසෙන්නේ නැත්නම් අඩි පහක් දක්වා ඇයට ලංවී නැවතත් අර ශබ්දයෙන්ම ඇයට කතාකරන්න... ඇගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරුම උත්සාහ කරන්න... ඊට පස්සේ ලැබෙන ප්‍රතිපලයත් එක්ක ආයෙත් ඇවිත් මාව හමුවෙන්න... ඊට පස්සේ අපිට හිතාගන්න පුළුවන් ඇයට අවශ්‍යවන ශ්‍රවණාධාරකයක් ගැන..." වෛද්‍යවරයා මෙසේ ඔහුට උපදෙස් දුන්නා.

මෙසේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත්ත සැමියා පහුවෙනිදා ටිකක් කළින් වැඩ ඉවර කරලා නිවසට පැමිණෙනවා... නිවස ඇතුළට යනකොට බිරිඳ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටිනවා ඔහු දකිනවා... වෛද්‍යවරයා කියපු විදියටම බිරිඳට වඩා අඩි 20ක් ඈතින් ඔහු සිටගෙන බිරිඳගෙන් මෙහෙම අහනවා...

" බබා... අද රෑට මොනවද ඔයා කෑමට හදන්නේ..?"

ටික වෙලාවක් ඔහු බලාගෙන ඉන්නවා... බිරිඳගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ...

ඔහු තව අඩි පහක් බිරිඳ ළගට කිට්ටු කරනවා...

" බබා... අද රෑට මොනවද ඔයා කෑමට හදන්නේ..?"

එවරත් ඔහු ටික වෙලාවක් බලාගෙන ඉන්නවා... ඒ පාරත් බිරිඳගෙන් ප්‍රතිචාරයක් නෑ...

දැන් ඔහු අඩි දහයක් වෙන්න ඇයට කිට්ටු කරනවා...

කළින් කතා කළ ශබ්දයෙන්ම... 

" බබා... අද රෑට මොනවද ඔයා කෑමට හදන්නේ..?"

එවරත් ඇගෙන් ප්‍රතිචාරයක් ඔහුට නැති වෙනවා...

අඩි පහක් වෙනකම් ඇයට කිට්ටු කරනවා...

ඒ ප්‍රශ්ණයම නැවතත් අහනවා...

නැවතත් ඇගෙන් ප්‍රතිචාරක් නැතිවෙනවා. ඇගේ කන් ඇසීම ඉතාමත් දුර්වල මට්ටමකට පත්වී තිබෙන බව සිතා ඔහු කනගාටුවට පත්වෙනවා...

ඊට පස්සේ ඔහු ඇය ලඟටම යනවා... ඇගේ පිටුපසින් හිටගෙන ඇගේ උරහිස් උඩට අත්දෙක තියලා අදරයෙන් ආපහු මෙහෙම අහනවා...

" පැටියො..  අද රෑට මොනවද ඔයා කෑමට හදන්නේ...?"

එතකොටම ඇය ඔහු දෙස හැරී පොඩ්ඩක් ඔහු දිහා බලාගෙන ඉන්නවා... ඊට පස්සේ හයියෙන් කෑගහන්න පටන්ගන්නවා...

" මම මේ ඔයාට කියන පස්වෙනි වතාව..."

" ඔව්... පස්වෙනි වතාවට මම මේ කියන්නෙ..."

" චිකන්... චිකන්... චිකන්..."

" ඔයා අනිවාර්යයෙන්ම හෙටම ගිහින් දොස්තර හම්බවෙලා ඔයාගෙ කන්දෙක චෙක් කරගන්න..."


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...