බැටළු පැටවුන්ගේ ආරක්ෂකයා...
ඉතාලියේ සෑම වසරකම ශීත කාළයෙන් පසු උස් බිම්වල ගාල්කර සිටින සියළුම බැටළුවන් පහත් බිම්වල ඇති තැනිතලාවන් වලට ගෙන යනු ලබයි. මෙම ගමන ටිකක් දීර්ඝ එකක් සහ තරමක කාළයක් ගතවන නිසා අළුත උපන් බැටළු පැටවුන්ට ඔවුන්ගේ මව්වරුන් සමඟ මෙම ගමන තනිවම ගමන්කළ නොහැකිය. ඒ නිසාම ඒ වෙනුවට මෙම කුඩා සතුන්ට හොඳින් පුහුණුව ලැබූ බූරුවෙකුගේ හෝ කොටළුවෙකුගේ සහයෙන් ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීම ඈත කාළයේ සිටම සිදුකරණු ලබයි. මෙම ගමන පුරාවට මෙම පැටවුන්ගේ ආරක්ෂකයා එහෙමත් නැත්නම් 'නැනී' ලෙස මෙම බූරුවන් හෝ කොටළුවන් කටයුතු කරයි.
බැටළු පැටවුන් මෙසේ රැගෙනයාම සඳහා මෙම බූරුවන්ට සාක්කු සහිත විශේෂ කබා සකසා ඇති අතර පැටවුන්ගේ එක් එක් ප්‍රමාණයන් අනුව එම සාක්කු විවිධ ප්‍රමාණයන්ගෙන් සමන්විතව මසා ඇත. සමහර විට මෙම රළු සාක්කු එක් පැත්තකට තුන බැගින් දෙපැත්තේම හයක් දක්වා ඇති අතර, එමඟින් ගමනේදී බැටළු පැටවුන් ඔවුන්ගේ හිස ඉන් එළියට දමාගෙන හුස්ම ගැනීමටත් පරිසරය දැකීමටත් හැකියාව හිමිවෙයි. දීර්ඝ ගමන අතරවාරයේදී ඔවුන් විවේක ගන්නාවිට නැවතත් මෙම පැටවුන් එළියට ගෙන තම මව සොයාගෙන ගොස් ඇයගෙන් කිරි බීමටත් සුරතල් වීමටත් පැටවුන්ට කාළය ලබාදෙයි.
මෙම ගොවිපළ හිමිකරුවන් නිතරම බැටළු පැටවුන් ප්‍රවාහනය සඳහා මෙම බූරුවන් සහ කොටළුවන් භාවිතා කරන්නේ ඔවුන් මෙම ගමන් ගන්නා භූමියට ඇති හුරු පුරුදු බව සහ ඔවුන්ගේ ආරක්ෂිත හැසිරීම රටාව නිසාය. ඒ වගේම බැටළු පැටවුන්ට ඔවුන්ගේ විලෝපිකයන් වන වෘකයන් සහ හිවලුන්ගෙන් ආරක්ෂා වීමට ද මෙම සතුන් බොහෝදුරට ඉවහල්වී තිබෙන අතර ඔවුන් නිතරම වැඩිහිටි බැටළුවන් සමඟ රංචුවට සමීපව නිතරම සිටින බැවින් ඔවුන්ව මෙහෙයවීමටද අවශ්‍ය වන්නේ නැත.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...





Comments
Post a Comment