Posts

රාහුල් ඩ්‍රාවිඩ් සහ ආචාර්ය උපාධිය...

Image
හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ වර්ථමාන ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මීට අවුරුදු පහකට පෙර, ඒ කියන්නේ 2017 වසරේ බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ඔහුට පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා... ඒ වගේම එම උත්සවයේදී උත්සව සභාව අමතලා ඔහු අපූරු කතාවක්ද කරනවා...  "මගේ බිරිඳ වෛද්‍යවරියක්... ඇය ඇගේ වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා ගණන් කළ නොහැකි... නිදි නැති රාත්‍රීන් සහ දින ගණන් ගතකර තිබෙනවා... එහෙම දීර්ඝ කැප කිරීමක් කරලා තමයි ඇය ඇගේ වටිනා වෛද්‍ය උපාධිය ලබා ගත්තේ..." "ඒ වගේම මගේ අම්මා කලා අංශයේ මහාචාර්යවරියක්... එයාගේ අවසාන උපාධිය ලබාගන්න ඇය අවුරුදු පනහක් තිස්සේ ඉවසීමෙන් බලාගෙන ඉන්නවා...  මම ක්‍රිකට් ගහන්න මහන්සි වුණා... මම ඒ ක්‍රීඩාවෙන් ඉහළටම ගියා... ඒක තමයි ඇත්ත... ඒත් මම අධ්‍යාපනය පැත්තෙන් එච්චර හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි... ඉතින් මම කොහොමද මේ බලසම්පන්න ගෞරව ආචාර්ය උපාධිය පිළිගන්නේ...?" “ගෞරව උපාධියක් නිකන්ම ලබා ගන්නවාට වඩා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යම් ආකාරයක ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කිරීමෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට මම ඉතා...

ලියනාඩෝ ඩාවින්චිගේ' මොනාලිසා සිතුවමේ සොරකම...

Image
1911 වර්ෂයේ අගෝස්තු 21 දින ප්‍රංශයේ 'ලුවර්' (Louvre) කෞතුකාරයේ ප්‍රදර්ශණය සඳහා තැන්පත් කර තිබූ ලෝක ප්‍රසිද්ධ මොනාලිසා සිතුවම කවුරුන් හෝ විසින් සොරාකම් කරනු ලබනවා. ඒ කාලයේ මෙම සිද්ධිය ලොව පුරා මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙනවා වගේම මෙය ලෝකය තුල මහත් ආන්දෝලනයකටද ලක්වෙනවා. ඊට පස්සේ මොනාලිසා සිතුවම නැවතත් හොයා ගන්න එරට පොලීසිය කොතරම් පරීක්ෂණයන් පවත්වා සෑහෙන පරිශ්‍රමයක් දැරුවත් ඒ අයට සිතුවම නැවත හොයාගන්න බැරිවෙනවා.  ඒ උනත් සොරකම වී වසර 2කට විතර පස්සේ 'වින්සෙන්සෝ පෙරුගියා' (Vincenzo Peruggia) නැමැති ප්‍රංශ ජාතිකයෙකු විසින් සොරකම් කරන ලද මොනාලිසා සිතුවම රහසිගත ලෙස විකිණීමට යාමේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලබනවා. මේ පිළිබඳව වැඩිදුරටත් කළ සොයා බැලීම් වලින් පස්සේ හෙලිදරව් වෙන්නේ මොනාලිසා සිතුවම සොරකම් කෙරුණු කාලයේදී 'වින්සෙන්සෝ පෙරුගියා' (Vincenzo Peruggia) නැමැත්තා 'ලුවර්' (Louvre) කෞතුකාරයේ එවකට සේවය කළ අයෙකු බවයි. මෝනාලීසා සිතුවම නැතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ ප්‍රසිද්ධම ප්‍රවෘත්තිය මේක උනත් එම සොරකමේ සිදුවී තිබුණු සැඟවුනු සිදුවීම...

Monkey Business...

Image
තම සහායකයාත් එක්ක හොඳ වෙළදාමක් හොයාගෙන යන වෙළෙන්දෙක් එක්තරා ගමක් අසලට පැමිණෙනවා... මේ ගම අසළ කැළෑවේ අයාලේ යන වඳුරන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන බව ඔහු දකිනවා... මේක දැක්කට පස්සේ ඔහු මුළින්ම කරන්නේ ගමට ටිකක් ඈතින් කැළෑව අසළට වෙන්න තිබෙන ඉඩමක් සහිත නිවසක් කුළියට ගන්න එකයි...  ඊට ටික දවසකට පස්සේ අර වෙළෙන්දා සහායකයත් එක්ක ගම පැත්තේ ටිකක් ඇවිදින්න යනවා... වෙළෙන්දා ගමේ තැන් තැන් වලට ඇවිදිමින්, මිනිසුන් හමුවෙමින්, ඔවුන් සමඟ මිත්‍ර වෙමින්, ඔහුට වඳුරන් මිලදී ගැනීමට අවශ්‍ය බව ඔවුන්ට පවසනවා... ඉතා විශාල ප්‍රමාණයක් වඳුරන් තමාට මිළදී ගැනීමට අවශ්‍ය බවත් එක් වඳුරෙක් සඳහා ඩොලර් සියයක් ගෙවීමට තමා සූදානම් බවත් ඔහු ඔවුන්ට පවසනවා... මේක අහපු ගමේ සමහර අය හිතන්නේ මේ මිනිහට පිස්සු කියලයි... මේ හැමතැනම ඉන්න, අයාලේ යන වඳුරන් එච්චර වටිනවද..? එක වඳුරෙකුට ඩොලර් 100 ගානේ ගෙවන්න මේ මිනිහට කොහෙන්ද එච්චර සල්ලි..? ඔවුන් කතාවෙන්න පටන්ගන්නවා... ටික දවසක් යනකොට ගමේ දුප්පත්ම මිනිසුන් දෙතුන් දෙනෙක් විතර කෑළෑවට ගිහිල්ලා වඳුරන් දෙතුන් දෙනෙක් අල්ලාගෙන මේ වෙළෙන්දාට ගිහින් දෙනවා...වෙළෙන්දා ඒ ගෙනියන හැම වඳුරෙක්ම එක් වඳුරෙකුට ...

ඩොලර් 10...

Image
දවසක් ඇමරිකාවේ එක්තරා බැංකු ශාඛාවකට මහලු කාන්තාවක් ගොඩවෙනවා... බැංකුවේ පෝලිමේ ටික වෙලාවක් ඉදීමෙන් පස්සේ ඇගේ වාරය පැමිණෙනවා... ඇය තම බැංකු දත්ත කාඩ්පත කවුළුවේ සිටින නිළධාරිනියට දීලා...  "කරුණාකරලා මට මගේ ගිණුමෙන් ඩොලර් 10 ක් ලබාදෙන්න..." කියලා ඇයගෙන් ඉල්ලා සිටිනවා...  අර නිළධාරිනිය වැඩිය මේ වයසක කාන්තාව ගණන් ගන්නේ නැතුව සමච්චල් හිනාවක් පාලා...  "සමාවෙන්න නෝනා ඩොලර් 100 ට අඩු මුදලක් ආපසු ගන්නවානම්, කරුණාකරලා එළියේ තියෙන ATM යන්ත්‍රය භාවිතා කරන්න..." කියලා කියනවා... "මට ATM කාඩ් එකක් නෑ... මට දැනගන්න පුළුවන්ද ඇයි මට ඕන කරන මුදල මේ බැංකුවේ, මේ කවුළුවෙන් ගන්න බැරි කියලා..."  මේක ඇහුවම නිළධාරිනියට පොඩ්ඩක් කේන්ති යනවා... මහළු කාන්තාවගේ බැංකු දත්ත කාඩ්පත ආපසු ඇයට ලබාදෙන ගමන්...  "මේක අපේ බැංකුවේ තියෙන නීතියක්... ATM කාඩ් එකක් නැත්නම් කරුණාකරලා එකක් ලබාගන්න... ඊට පස්සේ ATM යන්ත්‍රය භාවිතා කරලා සල්ලි ගන්න... වෙන මොනවා හරි ප්‍රශ්ණයක් ඔබට මගෙන් අහන්න තියෙනවද... නෝනගේ පිටිපස්සෙන් තව ගණුදෙණුකරුවන් ගොඩක් බලාගෙන ඉන්නවා..." මහළු කාන්තාව තත්පර කිහිපයක් නිශ්ශබ්දව ඉ...

උඩු ගුවනේ ඔට්ටුව...

Image
මගේ අතිජාත මිත්‍රයෙක් වෙන බිනර මහත්තයා තම වෘත්තීය නීතිඥ ජීවිතයේ 27 වන ජයග්‍රාහී වසර පසුගිය දවසක උත්සවශ්‍රීයෙන් සමරණු  ලැබුවා. ඔහු මේ රටේ ඉන්න දක්ෂ නීතීඥයෙක් වගේම, වයසට ගියත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ක්ෂේත්‍රයේ තවමත් නමක් දිනාගෙන ඉන්නවා. නීතීඥ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කාළයක් කටයුතු කරපු ඔහු නවසීලන්තයේ පැවති නීතීඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම පිණිස නවසීලන්තය බලා පියාසර කරන අතරතුර ඔහුට මුහුණ දීමට සිදුවු ඇබැද්දියක් පිළිබඳව කතාවක් ඔහුට කරන උපහාරයක්  විදියට මෙන්න මෙහෙම ලියන්න ඕන කියලා හිතුවා.  කොහොමින් කොහොම හරි පිටත්වීමට නියමිතව තිබූ දවසේ තම කණ්ඩායමත් එක්ක නවසීලන්තය බලා පිටත්වීමට මෙයාට නොහැකිවෙලා, කොහොමහරි දවසකුත් පරක්කුත්වෙලා, තනිවම තමන්ගේ ගුවන් ගමන යාමට මෙයාට සිදුවෙනවා. කොයි පැත්තෙන් ගියත් නවසීලන්තයට යන්න පැය 10ක් 12ක් පමණ දීර්ඝ පියාසර කාලයක් ගතවෙන නිසා අපේ නීතීඥ මහත්තයා මේ ගමන අතරතුර මුලින්ම දීලා තියෙන සඟරා සියල්ලම පෙරළ පෙරලා බැලුවා... ඊට පස්සේ අකමැත්තෙන් උනත් චිත්‍රපටි කීපයකුත් බලන්න සිද්ධවුනා... ෆෝන් එකේ ටික වෙලාවක් උඩට පහළට ගියා... මේ හැම දෙයක...

පෑඩ්ස්...

Image
මම නං කියන්නේ ඔය පෑඩ්ස් වලට බදු පනවන උදවියට පෑඩ්ස් ගැනවත් ඒවායෙන් තරුණ කාන්තාවන්ට තියෙන අවශ්‍යතාවය ගැනවත් කිසිම දැණුමක් අවබෝධයක් නෑ... එක්කෝ ඒ අයට ගැහැණු දරුවෝ නෑ... එහෙමත් නැත්නම් මේ අය ගැහැණු දරුවෝ ඉන්න සහ මේ වගේ බදු පිට බදු ගැහුවත් එයාලගේ දරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෑඩ්ස් කොම්පැණියම උනත් අරගෙන දෙන්න තරම්  වත්කමක් තියෙන උදවියයි...  ඒ වගේම මේ බදු පනවන උදවියගේ එයාලා ඉන්න වයස දිහා බැලුවම, එයාලගේ කසාද බැදපු නෝනාවරුන්ටත් දැන් පෑඩ්ස්වල තියෙන අවශ්‍යතා කාලේ ඉවරවෙලා... ඒ නිසා දැන් ඒවා සහ ඒ ප්‍රශ්ණ එයාලට අදාලම නෑ...  එහෙම උනත් මේ තීන්දු තීරණ ගන්න සමහර අය තරුණ කාන්තාවන් අනන්තවත් අනියමින් ඇසුරු කරනවනේ... එතකොටවත් මේ අය මේ ගැන දැණුවත් වෙන්නේ නැද්ද..? නෑ... එහෙම ආශ්‍රය කලත් ඒ අය පෑඩ්ස් ගැන වැඩිය දන්නේ නෑ... මොකද ඒ වගේ තරුණ කාන්තාවන් පෑඩ්ස් පාවිච්චි කරන කාලෙට මෙයාලා ඒ පැත්ත පළාතෙවත් යන්නෙත් නෑ... ඒ නිසා ඒ ගැන දැණුමක් කොහෙත්ම එයාලට නෑ... එතකොට මේ තීන්දු ගන්න අය යන්තම් වැස්සකට හරි ඉස්කෝලෙකට ගිහිල්ලා ඇති කියලා පොඩ්ඩක් හිතමුකෝ... එතකොටවත් ඒ අය මේ වගේ අවශ්‍යතා ගැන ඉගෙනගෙන නැද්ද..? නෑ... ...

මිළියන පතියෙකු වූ සපත්තු ඔප දමන්නා...

Image
ඇමරිකාවේ මෑන්හැටන් නගරයෙහි පිහිටි ප්‍රධාන පෙලේ විශාල බැංකුවක හිටිය එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වරයා හැමදාම වැඩට ආපු ගමන්ම බැංකුව අසල තිබෙන කුඩා සපත්තු ඔප දමන තැනට ගිහිල්ලා තමන්ගේ සපත්තු දෙක හොඳටම ඔපදමා ගැනීම පුරුද්දක් කරගෙන හිටියා. මෙසේ හැමදාම ඔහු තම සපත්තු ඔප දැමීම කර අවසන්වන තෙක් එහි ඇති පුටුවක වාඩිවී එරට  පුවත්පතක් බලමින් ඉන්නවා. ඒ අතර සපත්තු මදින්නා හැමදාම හොඳ බැබළීමකින් යුක්තව ඔහුගේ සපත්තු දෙකට විශිෂ්ට පෙනුමක් ලබා දෙනවා. ඔන්න ඉතිං එක දවසක් සුපුරුදු විදියට වැඩේ නිමකරන සපත්තු මදින්නා ඔහුගෙන් මුදල් ලබාගන්නා ගමන් ඔහුගෙන් මෙසේ විමසනවා...  "මහත්මයාණෙනි... මේ දවස්වල කොටස් වෙළඳපොලේ තත්වය ගැන ඔබ මොනවද හිතන්නේ...?" "තමුසේ මොකද ඔච්චර ඒ ගැන උනන්දු වන්නේ... මොකක්ද තමුසෙට කොටස් වෙළදපොලත් එක්ක තියෙන ගණුදෙනුව..?" අධ්‍යක්ෂවරයා සපත්තු මදින්නාව වැඩිය ගාණකට ගන්නේ නැතුව අහනවා... " එහෙම කියන්න එපා මහත්මයා... ඔබතුමා දන්නේ නැති උනාට මට ඔබතුමාගේ බැංකුවේ ඩොලර් මිලියනයක තැන්පතුවක් තියෙනවා.., මම කල්පනා කළා ඒකෙන් යම් මුදලක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න... ඒකයි මම ඒ ගැන ඔබතුමාගෙන් ඇහුවේ...