ඒබ්‍රහම් ලින්කන් ඝාතනය...
එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා වුනු ඒබ්‍රහම් ලින්කන් 1865 අප්‍රියෙල් 14 වන දින සුප්‍රසිද්ධ වේදිකා නළුවෙකු වූ ජෝන් විල්ක්ස් බූත් අතින් ඝාතනය වන්නේ වොෂිංටන් ඩී. සී. හි ෆෝර්ඩ්ස් රඟහලේ Our American Cussing (අපේ ඇමරිකානු ඥාති සහෝදරයා) නාට්‍යය නැරඹීමට සහභාගී වෙමින් සිටියදීයි. නාට්‍යය නරඹමින් සිටින ඔහුට ජෝන් විල්ක්ස් බූත් පිටුපසින් පැමිණ හිසට වෙඩි තබනවා. ඉන් පසුදින උදේ 7: 22 ට පමණ රඟහල ඉදිරිපිට ඇති පීටර්සන් මන්දිරයේදී ඒබ්‍රහිම් ලින්කන් ජනාධිපතිවරයා මිය යනවා. ඔහු ඇමරිකානු ඉතිහාසයේ ඝාතනයකට ලක්වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙනවා.
ඇමරිකානු සිවිල් යුද්ධයේ අවසානයට ආසන්නව සිදු වූ මෙම ඝාතනය එක්සත් ජනපද ආණ්ඩුවේ එවකට සිටි වැදගත්ම නිලධාරීන් තිදෙනා මරා දමමින් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව සටන් කළ සංවිධානය නැවත පණ ගැන්වීම සඳහා ජෝන් විල්ක්ස් බූත් විසින් දියත් කරන ලද විශාල කුමන්ත්‍රණයක කොටසක් විදියට සඳහන් වෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයාට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් විලියම් එච්. සෙවාර්ඩ් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණකරුවන් දෙදෙනෙක් වන ලුවිස් පවෙල් සහ ඩේවිඩ් හෙරොල්ඩ් යොදවා සිටි අතර උප ජනාධිපති ඇන්ඩෲ ජොන්සන් ඝාතනය කිරීමේ වගකීම ජෝර්ජ් ඇට්සෙරොඩ්ට පැවරී තිබුණා.
කෙසේ නමුත් එල්ලවූ ප්‍රහාර වලින් ඇමරිකානු රාජ්‍ය ලේකම් විලියම් එච්. සෙවාර්ඩ් තුවාල ලබා බේරෙන අතර උප ජනාධිපති ජොන්සන්ට එල්ලවුණු ප්‍රහාරයෙන් ඔහුට ස්නායු ආබාධයකට ලක්වීමට සිදුවෙනවා. ඒබ්‍රහිම් ලින්කන් ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු මෙම කුමන්ත්‍රණය අසාර්ථක වෙනවා. ඉන්පසු ඒබ්‍රහිම් ලින්කන් ඝාතනයෙන් හරියටම දින 12 කට පසුව ඔහුව ඝාතනය කළ ජෝන් විල්ක්ස් බූත් සැඟවී සිටිය තැන සොයා යෑමේදී හමුදා සෙබලෙකු අතින් ඔහු ඝාතනය වෙනවා.
ඉන් පසුව මෙම කුමන්ත්‍රණයට සම්බන්ධව අත් අඩංගුවට පත්වෙන අටදෙනෙකුට ජනාධිපති ඇන්ඩෲ ජොන්සන්ගේ නියෝගයෙන් හමුදා කොමිසමක් විසින් නඩු පවරනු ලබන අතර ඔවුන්ගේ නඩු විභාගය පොටෝමාක් ගඟ අසළ පිහිටි හමුදා මුරපොලක් වන වොෂිංටන් අවි ගබඩාවේදී පවත්වනු ලබනවා. මෙම නඩු විභාගය 1865 මැයි 9 වනදා ආරම්භ වී 1865 ජුනි 28 වනදායින් අවසන් වෙනවා. ඉන් දින දෙකකට පසුව එනම් 1865 ජුනි 30 වන දින මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීම සිදුවෙනවා. එම තීන්දුවෙන් හතර දෙනෙකුට සඳහා මරණ දඩුවම නියම කරණු ලබන අතර ඉතිරි හතරදෙනා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබන්නට තීන්දු වෙනවා.
උප ජනාධිපති ඝාතනයට තැත් කිරීම වෙනුවෙන් ජෝර්ජ් ඇට්සෙරොඩ් ද ඇමරිකානු රාජ්‍ය ලේඛම් ඝාතනයට තැත් කිරීම වෙනුවෙන් ලුවිස් පවෙල් සහ ඩේවිඩ් හෙරොල්ඩ් ද කුමන්ත්‍රණයේ එකම කාන්තා සැකකාරිය වන මේරි සුරට් හටද නඩු විභාගයේ තීන්දුවෙන් එල්ලා මරා දමන්නට නියම වෙනවා. ඇමරිකානු ඉතිහාසයයේ එල්ලා මරා දමනු ලැබූ පළමුවන කාන්තාව විදියට මේරි සුරට් ඉතිහාසගත වෙනවා.
මේරි සුරට් මෙම කුමන්ත්‍රණයේ ඇගේ නිර්දෝෂීභාවය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියද ඉන් ඇයට බේරීමට නොහැකි වෙනවා. 1865 ජූලි 7 වන දින ඇය සමඟ අනෙක් තුන්දෙනා අවි ගබඩාවේ භූමිය මත කඩිමුඩියේ ඉදිකරන ලද එල්ලුම් ගහට ගෙන යන අතර මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය කර හතර දෙනාම එක පේළියට තබා එල්ලා දමනවා. මිනිත්තු 20 ක් වගේ කෙටි කාලයකදී මේරි සුරට් ඇතුළු කුමන්ත්‍රණ කරුවන් තිදෙනාම මිය යනවා...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...




Comments
Post a Comment