විශ්‍රාමික ඉංජිනේරුවා...

දවසක් එක්තරා රටක සමාගමකට අයත් නැවක් වරායෙන් පැටවීමට තිබූ සියළු කන්ටේනර පටවා අවසන්කර වෙනත් රටකට යාමට සුදානම් උනා. යෑමට සූදානම් උනත් එම නැවේ එක් එන්ජිමක් ක්‍රියා විරහිතවී ඇති බව ඔවුන් දැනගන්නවා. නැවේ සිටින සියළුම කාර්මික ශිල්පීන් හා ඉන්ජිනේරුවන් එක්වී මෙම එන්ජිම පණගැන්වීම සඳහා කොපමණ වෙහෙසක් දැරුවත් ඔවුනට මෙය පණගන්වා ගන්නට නොහැකි වෙනවා. දන්න සියළු උපක්‍රම යෙදුවත් නැවේ සිටින කිසිවෙකුට එය යථා තත්වයට පත්කරගැනීමට නොහැකි වූ නිසා නැව් සමාගම විසින් එම රටේම සිටින අවුරුදු 40 ක පමණ පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු මේ නැවට ගෙන්වා ගන්නවා.

ඔහු එම නැවට පැමිණ අක්‍රිය වී තිබෙන එන්ජිම ඉතා පරිස්සමින්, ඉහළ සිට පහළට පරීක්ෂා කරනවා.

පැයක පමණ පරික්ෂාවකින් සියළුම දේවල් සොයා බැලීමෙන් පස්සේ මේ පුද්ගලයා ඔහු රැගෙන ආ ඔහුගේ ආම්පන්න බෑගය වෙත ගොස් එයින් කුඩා මිටියක් එළියට ගන්නවා.

ඉන්පසු ඔහු එම එන්ජිමේ එක් තැනකට ගොස් එහි ඇති යම් කුඩා කොටසකට ඉතාමත් හෙමින් තට්ටුවක් දානවා. ඉන්පසු පාළක මැදිරිය අමතා එම එන්ජිම පණගන්වන ලෙස ඉල්ලා සිටිනවා. නැවේ සිටින හැමෝම පුදුම කරමින් එම එන්ජිම ක්ෂණිකව පණ ගැන්වෙනවා.

" දැන් හරි මගේ වැඩේ ඉවරයි... ඔයාලට දැන් කිසිම බයක් නැතුව ලෝකේ වටේ හරි ගිහිල්ලා එන්න පුළුවන්... කිසිදෙයක් වෙන්නේ නෑ..." කියලා ඔහුගේ වැඩේ ඉවර කරලා ඔහු යනවා...

ටික දිනක් ගතවුනාට පස්සේ ඔහු යනවා ඔහුගේ ගාස්තුව ගන්න අයිතිකරුවන්ගේ කොම්පැණියට... ඔහුගේ බිල දැකලා අයිතිකාරයෝ උඩ යනවා... 

" මොනවා... ඔහේගේ ගාස්තුව ඩොලර් 10,000 ක්..." අයිතිකරුවන් විමසනවා...

" මේක වෙන්න බැරි වැඩක්... අපිත් එදා එතන හිටියා... අපි ඔහේගේ වැඩේ බලාගෙනයි හිටියේ... ඩොලර් 10,000 ක් ගන්න ඔහේ කිසිම වැඩක් එදා කළේ නෑනේ... අර පොඩි මිටියෙන් තට්ටු කරපු එකට ඩොලර් 10,000 ක් ගන්න එක හරිම අසාධාරණයක්නේ..." 

වයසක ඉංජිනේරුවා කිසිත් නොකියා හිනාවෙනවා...

" හරි... ඔහේ ඩොලර් 10,000 ක් ඉල්ලන්නේ මොනවා කළාටද කියලා කරැණාකර අපිට මේ බිලේ විස්තර ඇතුව ලියලා දෙන්න..." 

අර මනුස්සයා ටික වෙලාවක් බලාගෙන ඉදලා, බිල ආපහු ඉල්ලගෙන ඉතාමත් සරළව බිල්පතේ මෙහෙම ලියනවා.

මිටියෙන් තට්ටු කිරීම සඳහා............................................: $        2

 පැයක් තිස්සේ තට්ටු කළ යුතු ස්ථානය සොයා ගැනීම සඳහා...: $ 9,998

 ඊට පස්සේ ඔහු බිල්පතේ යටින් මෙහෙමත් ලියනවා... 

කරුණාකර මා සතුව පවතින අවුරුදු හතලියක අත්දැකීම් කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...