බැට කන සංඟිවරුන්...
රාජ්‍ය විධායක බලය දරන්නුන්ගන් ඒ බලය අතට ආපු පලියටම රටේ අසරණ මිනිස්සුන්ව තලාපෙලා දැමීම විලාසිතාවක් කරගත්තු සමහර නීතිය රකින නිළධාරීන්ගේ ක්‍රියා කලාපයන් වලට දැන් දැන් ලොවපුරා සාසාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඒවාට ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පසුගිය කාලය පුරාවට අපි දුටුවා. ඇමරිකාවේ කළු ඇමරිකානුවාගේ ඝාතනයෙන් ඇතිවූ විරෝධය ටිකක් පරණ වෙනකොට අඟුළාන පොලීසියට එල්ලවන සිවිල් ප්‍රහාරය මෙරටින් වාර්ථා වන අළුත්ම සිද්ධියයි.
බලය ලැබුණු පලියට, බලය තිබුණු පලියට නීතිය ක්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය ජනයා තලාපෙලා දැමීම නිතිගරුක සමාජයක් කිසිම දිනක අපේක්ෂා නොකරනවා. ඒ කෙසේ වුවත් විශේෂයෙන්ම නැතිබැරි අසරණ මිනිසුන් නීතිය හමුවේ අසරණ වෙන සහ අසරණ බවට පත්කරන සිද්ධීන් දිනෙන් දින රට රටවලින් වාර්ථා වෙමින් පවතිනවා...
අසරණයින් වෙත එසේ කඩාවැටුණු තවත් අවනීතියක් පිළිබඳ සිද්ධියක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් මේ දිනවල ඇසෙනවා...
කේරළයේ ජීවත්වන සංගිවරුන් ලෙස හඳුන්වන ජන කොට්ඨාසයෙන් පැවත එන දරුවන් තිදෙනෙක් සමඟ දිළිදු ගොවි පවුලක්. ඔවුන්ගේ එකම ජීවත්වීමේ අදායම් මාර්ගය ගොවිතැන උනත් ඔවුන් හා සතුව ඔවුන්ට කියා බිම් අඟලක්වත් එම ප්‍රදේශයේ ඔවුන් සතුව පවතින්නේ නැ. නමුත් ගොවිතැනින් උපයාගෙන ඉතුරු කරගත් මුදළින් ඔවුන් ගොවිතැන සඳහා අවටින් බද්දට ඉඩමක් ලබා ගන්නවා. එම ඉඩම පුරාවට හොදින් බීජ වපුරා ගොවිතැන පටන්ගන්නා ඔවුන් එහිම ජීවත්වීම සඳහා කුඩා පැළක් අටවා ගන්නවා. ටික කාලයක් ගොවිතැනත් කරගෙන මොවුන් සතුටින් එහි ජීවත් වෙනවා.
ටික කළයක් ගතවන විට මෙම ඉඩම ආශ්‍රිතව නව පාසැලක් සෑදීම සඳහා මෙම ඉඩම රජයට පවරාගෙන ඇති බවත් හැකි ඉක්මනින් මෙම පවුලට මෙතනින් ඉවත්වන ලෙසත් රජයෙන් ඔවුන්ට දැණුම් දෙනවා.
ටික දවසකින් බළධාරීන් ඉඩමට පැමිණෙනවා. ඉඩමේ වපුරණ ලද වගාවේ අස්වැන්න තව ටික දවසකින් නෙළා ගැනීමට තිබෙන නිසාත්, අස්වැන්න නෙලාගත් විගස සියළුම දේවල් රැගෙන ඉඩම අස්කර දීම හැකි බව කියාත්, මෙම පවුල බලධාරීන්ගෙන් එම ටික කාලය එහි රැදී සිටීමට අවසර අයැද සිටිනවා. නමුත් බලධාරීන් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පොලීසිය දමා එම ඉඩමේ මොවුන් වගාකර තිබෙණ සියළුම බවබෝග විනාශ කරන්නට පටන් ගන්නවා. පොලිසියේ මෙම ක්‍රියාවට එරෙහි වීමට යන මෙම දෙමව්පියන්ට පොලීසිය ඉතා අමානුසික ලෙස පහරදෙනවා. මෙම ක්‍රියාව තවදුරටත් ඉවසාගෙන සිටීමට නොහැකි දෙමව්පියන් බළධාරීන් ඉදිරිපිටම සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරනවා. මෙය දුටු ඔවුන්ගේ දරුවන් තිදෙනා බියවී කෑගසන අතරතුර ඉතා බරපතල තත්වයට පත්වෙන ඔවුන්ගේ දමාපියන් දෙදෙනා රෝහල් ගත කරනවා.
මේ දිනවල ඉන්දියාවට දරුණු ලෙස බලපා ඇති කොරෝනා තත්වයන් හමුවේ අසරණ වී ඇති මෙවන් පවුල් සඳහා සාධාරණයක් කිරීමට කිසිවෙකුත්, කිසිම සංවිධානයක්වත් මෙම අවස්ථාවේ ඉදිරිපත් වී නෑ. කිසිම මාධ්‍යක්වත් ඔවුන් වෙනුවෙන් කතා කිරීමට පැමිණෙන්නේ නෑ. ඒ ඊට වඩා බච්චන් පවුලට වැළදී ඇති කොරෝනා තත්වය වාර්ථා කිරීම ඔවුන්ට මේ අවස්ථාවේ වැදගත් වී ඇති නිසා බව ප්‍රදේශවාසීන් පවසනවා.
නීතිය හමුවේ මනුසත්කම ගිලිහී ගිය මෙවැනි සිද්ධින් අපේ රටේ වගේම ඉන්දියාවේත් තවමත් සිදුවෙමින් පවතිනවා. මොන රටේ සිදුවූවත් නීතිය, බලය හමුවේ දුප්පත් අසරණයින් තැලී පොඩිවීම පොදු සාධකයක් බවට පත්වී තිබෙනවා.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...



Comments
Post a Comment