රත්තරනින් මාස්ක් එකක්...

සල්ලි තිබුණ පළියට බෝවෙන වසංගතයකින් බේරෙන්න බෑ කියලා කොරෝනා ඔප්පුකරලා තියෙද්දිත් සමහර සල්ලි තියෙන මිනිස්සුන්ට වෛරස් එකකින් හරි ආතල් එකක් ගන්න ආසාවක් ඇති වෙනකොට මෙහෙම දේවලුත් අහන්න දකින්න සිද්ධ වෙනවා. එක පැත්තකින් මේක ඔහුගේ මෝඩකමක්ද, අසාවක්ද, අනුන්ට පෙනෙන්නට කරන දෙයක්ද කියලා ඔහුවත් තවම තේරුම් අරන් නැතුව ඇති...

වඩු කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක් කරගෙන යන 49 හැවරිදි ඉන්දියානු ජාතිකයෙක් වන බටහිර පූනේ නගරයේ වාසය කරන ශංකර් කුර්හේඩ් නම් මෙම ව්‍යාපාරිකයා ඇමරිකානු ඩොලර් 4000 ගෙවා රත්තරනින් නිමකරන ලද මුඛ ආවරණයක් මේ දිනවල පැළඳගෙන සිටිනවා.

රත්තරන් ග්‍රෑම් 60 යි අවුන්ස 2ක් බර ඇති මෙම රත්තරං මුඛ ආවරණය නිපදවීම සඳහා දින 8ක් පමණ ගතවී ඇති අතර එය සිහින් වෙස් මුහුණක් අකාරයෙන් සැකසී තිබෙනවා. එහි කුඩා සිදුරු ඇති අතර එම සිදුරු මගින් ඔහුට හුස්ම ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ මුඛ ආවරණය භාවිතයෙන් මට කොරෝනා වෛරසයෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලනම් මම දන්නේ නෑ... ඒත්හැමෝම නොකරන වෙනස් දෙයක් කිරීමට මට තියෙන අවශ්‍යතාවය නිසා මෙම නිර්මාණය කළ බව ඔහු පවසනවා. කිලෝග්‍රෑම් එකක බරකින් යුක්ත ස්වර්ණාභරණ එකවර තම ශරීරය පුරා පැළදගෙන සිටීම තම එකම ආසාව සහ බලාපොරොත්තුව බව ඔහු තවදුරටත් පවසනවා. ඒ වගේම දැනටමත් ඔහු තම අත්වල සහ සියළුම ඇඟිලිවල රත්තරනින් නිමවූ වළලු සහ මුදු පැළඳගෙන සිටිනවා.

රතරනින් නිමවූ මුඛ ආවරණයක් පැලදීමට තමාට මුලින්ම අදහස පහළවුයේ රිදී වළින් නිමවූ මුඛ ආවරණයක් කෙනෙකු පැළඳ සිටිනවා ප්‍රවෘත්තියක් තුළින් දැකීමෙන් පසුව බව ඔහු පවසනවා. දැනටමත් තමා ප්‍රදේශය තුළ වගේම රට තුළත් විදේශයන්වලත් බෙහෙවින් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වී ඇති බවත් දවසට සෑහෙන පිරිසක් සමඟ සෙල්ෆි ඡායාරූප වලට පෙනී සිටීමට සිඳුවන බවත් තම වෙළද අයතනයට පැමිණෙන පිරිස් මෙය පැළද සිටින තමාව දැක මහත් පුදුමයට පත්වන බවත් ඔහු පවසනවා.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...



 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...