මියගොස් නැවත පණ ලබන ගෙම්බා...

මැරිලා ඉපදෙන්න පුළුවන් විශේෂ ගෙබි වර්ගයක් ඇලස්කාවේ ජීවත් වෙනවා. ඇලස්කාවේ දැව ගෙම්බා (Alaskan wood frog) නමින් හඳුන්වන මෙම විශේෂ ගෙබි වර්ගය සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී තම ශරීරයට හරි අපූරු දෙයක් සිදුකරගනු ලබනවා. සැප්තැම්බර් මාසය කියන්නේ ඇලස්කාවට ශීත ඝෘතුව ලබන කාළයයි. වසන්ත කාළයේ සාමාන්‍ය ගෙම්බන් විදියටම දිවි ගෙවන මෙම ගෙම්බන් මාස හතක් පමණ දිගුවන ශීත කාළයට ඔරොත්තු දීම සඳහා මේ වෙනස්වීම තම ශරීරය තුළ සිදු කරගනු ලබනවා.

 ඇත්තවශයෙන්ම කියනවානම් ශීත කාලය පැමිණිවිට මෙම ගෙම්බන් මියයනවා. ඉන්පසු වැටෙන හිම සමඟ මිශ්‍රවී අයිස් කැටියක් බවට පත්වෙනවා. මුළින් ශීත ඝෘතුව ලබා සතියක් දෙකක් යනතුරු දහවල් කාලයේ සාමාන්‍ය තත්වයෙන් සිටින මෙම ගෙම්බන් රාත්‍රී කාළයේදී මෙලෙස මැරී ගල්වී අයිස් කැටියක් බවට පත්වී නැවත උදේ කාළයේදී එම අයිස් ශරීරයෙන් දියකර හැරම නිසා මොවුන්ට නැවත පණ එනු ලබනවා. නමුත් ටිකෙන් ටික සීතල වැඩිවී උපරිමය වෙන විට මොවුන් සම්පූර්ණයෙන්ම මියගොස් මාස හතක පමණ කාළයක් පුරාවටම අයිස් කැටයක් බවට පත්වෙනවා. ඉන්පසුව නැවත වසන්ත කාළය පැමිණි පසු ඉහත අකාරයටම තම ශරීරයෙන් අයිස් දියකර හැර ජීවය ලබා ගන්නවා. 

සාමාන්‍යයෙන් වැඩුණු ගෙම්බෙකු ඔබේ අත්ලේ ප්‍රමාණය වගේ වෙනවා. මෙසේ අයිස් කුට්ටියක් බවට පත්වෙන මියගිය ගෙම්බාව ඔබට අතට ගැනීමට පවා පුළුවන්කමක් තියෙනවා. ඔබට ඔවුන්ව අයිස් කඩනවා වගේ ඔවුන්ගේ කකුල් කෑලි කෑලි වලට කඩා දැමීමට ද හැකියාව තිබෙනවා. ඔබ එසේ කඩා දැමුවහොත් ඔවුන්ගේ ජීවය සදහටම නැතිවෙනවා. නමුත් මේ ගෙම්බා එසේ අනතුරුවලට ලක් නොවී මියගොස් සිටියත් ඔවුන්ගේ ජීවය ඔවුන්ගේ ශරීරය ඇතුළේ රඳා පැවතී තිබෙනවා. 

ශීත ඝෘතුව පවතින මාසවලදී මෙම කළාපවල වෙසෙන බොහෝ සතුන්ට ඔවුන්ගේ ජීවයන් අධික සීතලෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඝන ලොම් තට්ටුවක් හෝ ඔවුන්ගේ ශරීරයේ හොඳ මේද ස්ථරයක් පිහිටලා තියෙනවා. නමුත් මෙම ගෙම්බන්හට එවැනි කිසිදෙයක් පිහිටා නොමැති අතර මොවුන්ගේ ශරීරය ශීතවූ පසු ශරීරය ඇතුළත වෙනත් අමුතු භෞතික විද්‍යාත්මක දේවල් සිදුවෙමින් පවතිනවා. ශීත වූ පසු ඔවුන්ගේ හද ගැස්ම ක්‍රමයෙන් මන්දගමී වී පසුව සදහටම නතර වෙනවා. ඒ වගේම අධික සීතල නිසා ශරීරය අභ්‍යන්තරයේ ඔවුන්ගේ රුධිරය තවදුරටත් ගලායන්නේ නැති වෙනවා. 

මෙම ගෙම්බන්ගේ ශරීරය තුළ මේ ආකාරයෙන් පවතින (ශීත කාළයේ ශරීරය ගල්කර ගැනීම හා වසන්ත කාළයේ දියකර හැරීමේ) විශේෂ හැකියාව නිසා ඔවුන්ගේ අක්මාව තුළ ගබඩා කර ඇති ග්ලයිකෝජන් වැඩි ප්‍රමාණයක් ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීමට උපකාරී වනවා. එමගින් ඔවුන්ගේ සෛලවල ග්ලූකෝස් මට්ටම ඉතා විශාල ලෙස ඉහල යනවා. ජීව විද්‍යාත්මකව ඔවුන් මියගොස් සිටියත් මේ හේතුව නිසා ඔවුන්ගේ තනි සෛල තවමත් ක්‍රියාත්මක වන නමුත් සෛල අතර එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට ඔවුන්ට හැකියාවක් පවතින්නේ නෑ. නමුත් සෛලවල ග්ලූකෝස් ඉහළ මට්ටමක පවතින නිසා දිගු ශීත කාළය පුරාවටම ඒවා පණපිටින් තබා ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා. 

ග්ලූකෝස්වල ප්‍රධාන කාර්යය වන්නේ සෛල තුළ ජලය රඳවා තබා ගැනීමයි. මිනිසුන් විදියට අපි අපිව උදාහරණයට ගතහොත්, අපගේ ශරීරය තුළ රුධිරයෙන් පිටත තිබෙන ජලය අයිස් බවට හැරෙන විට අපගේ ශරීරය අභ්‍යන්තරයේ හිම කැට ඇතිවෙනවා. ඉන්පසු එමගින් සෛල හා පටක වටා ඇති තරලය අධි සාන්ද්‍රණය වී එමඟින් සෛල වලින් ජලය පිටතට ඇද ගන්නවා.  අවසානයේදී සෛල විජලනය වී අපව මිය යනවා.

නමුත් මෙම ගෙම්බන්ගේ ශරීරයේ ඇති විශේෂත්වය වන්නේ ඔවුන්ගේ අක්මාවෙන් නිපදවන මෙම ග්ලූකෝස් විසින් ඔවුන්ගේ සෛල සුපිරි පැණි රසක් බවට පත් කිරීමයි. එමගින් මෙම ගෙම්බන්ගේ ශරීරය තුළ වූ ජලය මෙම සෛල මඟින් පිටවීම වළක්වනවා.

මෙම ක්‍රියාව නිසා මාස හතක් පුරාවට මෙසේ මිය ගිහින් සිටින මෙම ගෙම්බන් වසන්තය පැමිණි විට ශරීරය තුළ ඝනවී තිබූ සියළුම අවයවන් ශරීරය තුළින්ම දියකර හැරීමට පටන්නවා. එවිට ශරීරය ඝන වූ විට සෛලවල ආරක්ෂාවට ක්‍රියාත්ම වී තිබූ ග්ලූකෝස් ප්‍රමාණය නැවත ග්ලයිකෝජන් බවට හැරවී අක්මාවේ තැන්පත් වෙනවා. ඉන්පසු ඉතිරිය ශරීරයෙන් ඉවතට විසි කරනු ලබනවා.  

ඉන්පසු ඔවුන්ට ක්‍රම ක්‍රමයෙන් නැවතත් පණ ලැබුණු පසු පළමුවෙන්ම කරන්නේ ඉක්මනින්ම ළඟම ඇති පොකුණට හෝ වැවට පැන විරුද්ධ ලිංගිකයින් සොයාගෙන සංසර්ගයන් ආරම්භ කිරීමයි. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ඇත්ත වශයෙන්ම, ඔවුන්ට තම වර්ගයා බෝ කිරීමට ඇත්තේ මාස පහක් පමණ වන සුළු කාළයක් නිසයි. ඒත් එක්කම නැවත මාස පහකින් පසුව ශීත ඝෘතුව ලබන නිසා නැවත ගල්වී මිය යාමේ ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර මියගොස් සිටින කාළය පුරාවට ඇඟේ සිදුවන ක්‍රියාවලියන් සඳහා අවශ්‍ය කරන හැකි සෑම ආහාරයක්ම එකතු කර අනුභවයට ගැනීමත් මේ කාළය තුළදී සිදුකරණු ලබනවා.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...