කිරි සොරකම් කිරීමෙන් පසු...

මහත් ජීවිත වටිනාකමක් ඇතිව සිටි ඇය අවසානයේ බැකෝවකින් රැගෙන ලොරියකට දැමීමට තරම් පහත් තත්වයකට දැන් පත්වී ඇත...

අහිංසක ඇගේ ඇස්වල ඇති අසරණකමෙන්, නිරපේක්ෂ වේදනාවෙන් හා කාලකන්නිත්වයෙන් පෙන්නුම් කරන්නේ ඇය නැවත නැවතත් පහත් තත්වයකට පත්වී ඇති බවයි. තවදුරටත් තම ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට, ධෛර්‍යක් හෝ ජවයක අවුන්සයක්වත් ඇය සතුව ඉතිරිව ඇති බවක් නොපෙනෙයි. මින් ඉදිරියට සිදුවන්නට යනදේ කුමක්දැයි ඇය දන්නා නමුත් ඇයට එසේ වීමට හේතුව ඇය තවම නොදනී. කටින් නොකළත් ඇය ලැබූ පරාජයේ වේදනාව ඇගේ දෑස් වලින් ඇය කෑගසා පෙන්වයි...

අතීතයේදී කිරි කර්මාන්තය වෙනුවෙන් සිය ජීවිතය ඔවුනට බාරදීමට ඇයට බල කෙරුනි. ඔවුනට හොඳ ලාභයක් ලබාදීම සඳහා කිරි නිෂ්පාදනය කිරීමට ඔවුන් ඇයව යොදා ගත්තේය. ඇගේ ශරීරය වෙහෙසට පත්වන තෙක් දිනපතා ඔවුන් ඇයගෙන් ලබා ගත හැකි සෑම කිරි බින්දුවක්ම සොරකම් කළහ... ඔබ ඇයගේ කිරි බොන්නට ඇත... රස නහර පිනායන අයිස්ක්‍රීම්, විටමින් ලබාදෙන චීස් වර්ග කන්නට ඇත... 

නමුත් තවදුරටත් ඇයට ඔබ වෙනුවෙන් ඒවා නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැත... දැන් ඔබ පිනවීම සඳහා එකම කිරි බින්ඳුවක් හෝ ඇය සතුව නොමැත... දැන් ඇයට ඔබ වෙත ළබාදීමට ඇත්තේ ඇය මරා ලබාගන්නා රසවත් මස් පෙත්තක් පමණි... අකමැත්තෙන් හෝ එය ඔබ වෙනුවෙන් ඉටුකිරීම දැන් ඇයගේ එකම රාජකාරියයි...

ඇයගේ එම අවසන් රාජකාරිය වෙනුවෙන් ඔබට ඇයට කියන්නට යමක් ඇත්නම්... 

මේ ඉන්නේ ඇයයි... 


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...