ෆර්සානා...
මේ ඉන්නේ බංග්ලාදේශයේ අවුරුදු 5 ක් වයසැති ෆර්සානා දැරිය. ඇය බංග්ලාදේශ සර්කස් පවුලක ඉන්න කුඩාම සාමාජිකාවකි. ඇයගේ අවාසනාවට ඇය සහභාගිවන පළවෙනි සර්කස් සංදර්ශනයේදීම සිදු කළ ඇක්‍රොබැටික් ක්‍රියාව අතරතුර ඇය මවගේ අතෙන් ලිස්සා ගොස් සිදුවන අනතුරකදී ඇගේ අත් දෙකම කැඩී යනවා. එහිදී ඇය සිය මව සමඟ සර්කස් සංදර්ශනයේ යෙදී සිටින්නේ අඩි 30 ක් පමණ උසකිනි. ඒ උසින්ම ඇය මවගේ ග්‍රහණයෙන් ගිළිහී බිමට වැටෙනවා.
එනමුත් මේ දැරිය එයින් බියට පත්වන්නේවත්, අදයිරියමත් වන්නේවත් නෑ. ෆර්සානාට අවශ්‍ය වන්නේ අනාගතයේදී තම මව වගේ ඔවුන්ගේ සර්කස් කණ්ඩායමේ හොඳම රංගන ශිල්පිනියක් වීමටයි. ඒ ඇයට වෙන තෝරාගැනීමක් නැති නිසා වෙන්නත් පුළුවන්.
කරන්න දන්න එකම දේ... කරන්න තියෙන එකම දේ... මේ වගේ අනතුරුදායක දෙයක් උනත් ඒකේ තියෙන ජීවිත අවධානමත් එයාලා වගේ අයට තවත් එක් සර්කස් එකක් විතරයි.
අපට කිසිම අදහසක්වත් නොමැති උනත් බොහෝ දරුවනට ඔවුන්ගේ ජීවිතය කෙතරම් කටුකද? ඔබට ලැබී තිබෙන ඔබේ ජීවිතය අගය කරන්න... ඔබට ලැබෙන ඕනෑම දෙයකට කෘතගුණ දක්වන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
📸GMB Akash...

Comments
Post a Comment