ඔළුවක් නැති පුතෙක්...
ආරේ ගති නෑරේ කියලා කතාවක් තියෙන නිසා කූඩැල්ලෙක්ව කවදාවත් මෙට්ටයක් උඩින් තියන්න බෑ කියලත් කියනවනේ. ඒ වගේ වෙච්ච පොඩි කතාවක් මතක් උනා.
නගරයක ජීවත් උනත් ගොන් තකතීරූ අදහස් එන සහ ඒවා ගොන් විදියටම ක්‍රියාවට නංවන පොරවල් තවමත් අපි අතර ඉන්නවනේ. ඔන්න ඒ වගේ සල්ලිය භාගේ තියෙන දෙමව්පියන්ට දාව ඒත් ඔළුවක් තිබුණට ඒක පාවිච්චි කරන්න දන්නේ නැති පුතෙක් කියාගත්ත පොරක් හිටියා.
සල්ලි තියෙන නිසාම අළුතෙන් හොඳ ගෙයක් දොරක් හදාගෙන දෙමව්පියන් එක්ක එයාලගේ ව්‍යාපාර කටයුතුත් බලා කියාගෙන මෙයා මේ ගෙදර ඉන්නවා. ඒත් ඉදලා හිටලා මෙයාට අර ආරේ ගති ඔළුවට එනවා. දවසට ගොන් වැඩක් දෙකක් කළේ නැත්නම් නිකං මොකක්ද වගේ වෙන මානසික ලෙඩකුත් මේ කොල්ලට තියෙනවා.
ඉතිං ඔන්න දවසක් උදේ වරුවේ ගෙදර කවුරුත් නැති වෙලාවක මේ කොල්ලා ගෙදර උඩ තට්ටුවේ තියන තමන්ගේ දෙමව්පියන්ගේ නිදන කාමරයට යනවා. ලොකු ජනෙල් පියන් දෙක ඇරලා වටපිට බලනවා. මේ කොල්ලට පේනවා අල්ලපු ගෙදර වත්ත. හරි පිළිවෙලට එලවළු, මල් සහ ගස් කොලන්වලින් සරුවෙලා ලස්සනට මේ වත්ත තියෙනවා මෙයා දකිනවා. මේක දැක්කම මිනිහට ඒ වත්ත ගැන පොඩි ඉරිසියාවක් ඇති වෙනවා. උන්ගේ වත්ත කොහොමද අපේ එකට වඩා හොඳින් ලස්සනට තියෙන්නේ, දෙන්න ඕනි මේකට මොකක් හරි ජල්තර වැඩක් කියලා මිනිහගේ හිතට දැන් මේක වද දෙනවා. මේ වගේ අවස්ථාවක මේ වගේ දෙයකට ගමේ ඉන්න කාලේ කරපු වැඩක් මිනිහට මතක් වෙනවා.
ඊයේ රෑට හංදියේ කඩෙන් කොත්තුවක් කාලා හිටිය නිසාත් තාම උදේ වරුව නිසාත් තවම ශරීර කෘතිය කරන්න ගිහිල්ලා තිබ්බේ නැති නිසාත් මේ කොල්ලා අර පරණ ප්ලෑන් එක දැන් ක්‍රියාත්මක කළොත් හොදයි කියලා හිතෙනවා.
සිලි සිලි බෑග් එකක් හොයා ගන්නවා. වැසිකිළියට ගිහිල්ලා අර සිල සිලි බෑග් එකට වැඩේ කරනවා. අඩු දෙකෙන් අල්ලගෙන ඇවිල්ලා කාමරේ ලොකු ජනෙල් පියන් දෙක හොඳට ඇරලා එකපාරක්, දෙපාරක්, තුන්පාරක්, හතරපාරක් හොඳට හයියෙන් ඔළුව වටේ කරකවලා උඩීන් යන විදියට අත අරිනවා. මේ සිලි සිලි බෑග් එක උඩීන්ම ගිහින් අර අල්ලපු ගෙදර වත්ත මැදට වැටෙනවා. කොල්ලා ඔළුව දාලා වටපිට බලනවා. වැඩේ හරි කවුරුත් වැඩේ දැකලා නෑ. කොල්ලට දැන් මාර සතුටුයි. කරකවනකොට පොඩි ගඳක් ආවත් හිතපු විදියටම වැඩේ කෙරුන නිසා මෙයා සන්තෝසෙන් ජනෙල් දෙකත් වහලා ආයෙත් වත්ත පැත්ත බලනවා. යවපු පාර්සලය ඒ වත්තට වැටුණත් කාමරේ ඇතුලෙන් තාම දරා ගන්න බැරි ගඳක් එන්නේ මොකද කියලා බලන්න මේ කොල්ලා ආපහු හැරෙනවා. අලුතෙන් හදලා තීන්ත ගාපු තමන්ගේ දෙමව්පියන්ගේ නිදන කාමරේ බිත්ති, ඇඳ, අල්මාරී අම්මගෙයි තාත්තගෙයි මඟුල් ෆොටෝ එක මේ කී නොකී හැම තැනක් පුරාවටම මිනිහ කළින් දවසේ රෑට කාපු කොත්තුව රූ රටා මවමින් විසිරිලා තියෙනවා මිනිහට පේනවා...
වෙලා තියෙන දේ පැහැදිලියිනේ... මේකගේ තිබුණු හදීසියට සිලි සිලි බෑග් එක චෙක් කරන්න මේ කොල්ලට අමතක වෙලා තියෙනවා. හොඳ වෙලාවට, අල්ලපු ගෙදර එවුන්ගේ වාසනාවට තරමක හිලකුත් ඒ සිලි සිලි බෑග් එක අඩියේ තිබිලා තියෙනවා...
කවුරුත් කිව්ව නිසා හරි අයිඩියා එකක් ආපු පළියට හරි අනුන්ට අන්චියක් අදින්න ඉස්සරවෙලා සිලි සිලි බෑග් එකේ පතුලේ හිල් තියෙනවද කියලත් පොඩ්ඩක් හොයලා බලන්න කියන්නේ ඔන්න ඕක තමයි...
ප:ලි: පහළ පින්තූරයේ ඉන්නේ අර වැඩේ කරපු කොළුවා නොවන බවද සළකන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment