කවරෙකු හෝ ඔබ තුළ කෝපයක් ඇති කරයි නම්...

ජෝර්ජ් ගුර්ඩ්ජිෆ්(George Gurdjieff - 1866 - 1949) උපත ලබන්නේ රුසියාවට අයත්ව තිබූ ආර්මේනියාවේ ඇලෙක්සැන්ඩ්‍රපෝල් (දැන් ගුම්රි නමින් හඳුන්වන) නම් ප්‍රදේශයේයි. ඔහු ආර්මේනියානු හා ග්‍රීක සම්භවයක් ඇති අයෙක් වන අතර එම කාළය තුළ විසූ විශිෂ්ඨ දාර්ශණිකයෙකු මෙන්ම අධ්‍යාත්මික ගුරුවරයෙකු වශයෙන් ලොක ප්‍රසිද්ධියට පත්වුනා..

 ඔහුට යන්තම් අවුරුදු නවයක් වනවිටත් එම වයස්වල අනෙකුත් දරුවන්ට වඩා ඔහු විශාල තීක්ෂණ බුද්ධියක් හිමි දරුවෙක් වෙනවා. ඒත් මේ කාළය වන විට ඔහුගේ එකම රැකවරණය වන ඔහුගේ පියා මරණාසන්න වෙනවා. තමා ටිකෙන් ටික මිය යමින් සිටින බව ගුර්ඩ්ජිෆ්ගේ පියාට තේරුම් යමින් තිබුණා. තමා මිය යාමට ප්‍රථම ගුර්ඩ්ජිෆ්ට, ඔහුගේ ජීවිතයට යමක් දිය යුතු බව ඔහු තීරණය කරනවා. ඒත් ඔහුට දෙන්න යමක් තිබුණේ නෑ. නමුත් ඔහු ගුර්ඩ්ජිෆ්ට දුන් අවසාන වචන කීපය අදටත් අතිශයින්ම අපටත් වැදගත් වෙනවා. මෙතරම් විශාල තීක්ෂ්ණ බුද්ධියක් ඇති පුතෙකුට කිසිම පියෙකුගේ උපදෙස් අවශ්‍ය වන්නේද නැති තරම්‍.  ඒත් ගුර්ඩ්ජිෆ්ගේ වයස යන්තම් අවුරුදු නවයක් වන නිසා ඔහුට යම් උපදෙසක් තමාගෙන් අවශ්‍ය වනු ඇතැයි ඔහු කල්පනා කරනවා. දවසක් ඔහුගේ ගිලන් ඇද අසළට ඔහුව කැඳවනවා. ගුර්ඩ්ජිෆ්ට ඔහුගේ පියා මෙහෙම කියනවා.

" පුතේ මම දැන් මේ කියන්න යනදේ, දැන් ඔයා ඉන්න ඔය වයසේදී තේරුම් ගන්න බැරි බව මම දන්නවා, ඒත් මට ජීවත්වෙන්න තවත් කාලයක් ඉතුරුවෙලා නෑ.., මම හිතනවා මම දැන් ඒක ඔයාට කිව්වොත් හොඳයි කියලා... දැන් මේක ඔයාට තේරුණේ නැති උනත් ඔයාට තව කාලයක් තියෙනවා මේක ක්‍රියාත්මක කරන්න... මම කියන මේ වචන ටික හොඳට මතක තියාගන්න... මම මේ කියන්න යන වචනවල තේරුම ඔයාට තේරුම් ගන්න පුළුවන් තරම් පරිණතභාවයක් ආපු දවසේ ඉදලා, මේ වචන අනුව ක්‍රියා කරන්න... එතකම් කවදාවත් අමතක කරන්නේ නැතුව මේ වචන මතක තියාගන්න... මේක හරි සරළ දෙයක්... ඒ වගේම මගේ පුතේ මට සමාවෙන්න, මොකද... මට මේ වාක්‍ය ටික හැරෙන්න වෙන කිසිම දෙයක් ඔයාට දෙන්න නෑ..."  

මොකක්ද ඒ වචන ටික... ඒක ඉතාමත් සරල වාක්‍ය ටිකක්...  ඔහු ඔහුගේ පුතාට මෙහෙම කියනවා... 

" පුතේ කවුරුහරි කෙනෙක් ඔබව තරහා ගස්සනවා නම්, ඔයා එයාට එකපාර ප්‍රතිචාර දක්වන්න යන්න එපා... ඒකට ඔයා පැය විසිහතරක කාළයක් ගන්න... පැය විසිහතරකින් පස්සේ ඔයා නැවත ඒකට උත්තර දෙන්න එන බව ඔහුට කියන්න... කොහොමහරි ඉවසගෙන පැය විසිහතරක් ඉන්න... හොඳට ඒ සිදුවීම ගැන කල්පනා කරන්න... පැය විසි හතරකින් පස්සේ ඔයාගේ හිතට එන ඕනෑම දෙයක් එයාට කියන්න.., එයාට කරන්න... ” එහෙම කිව්ව ඔහු, ඒ කියූ දේ හැමදාම දවසට තුන් වරක් මතක් කර ගන්නා ලෙසද ගුර්ඩ්ජිෆ්ගෙන් ඉල්ලා සිටියා.

ඔහුගේ පියා කියූ මේ දේවල් අපිට උනත් ටිකක් අමුතු උපදෙසක් විදියට හිතෙනවා ඇති, ඒ උනත් මේක ඔබ හරියට තේරුම් ගන්නවා නම් ඔබට උනත් තේරෙනවා මේක අමුතු දෙයක් නෙවෙයි කියලා. ඔහුගේ පියා විසින් ඔහුට දුන්නු මේ සරල උපදෙස් ටික ගුර්ඩ්ජිෆ්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න හේතු උනා. මේ සරළ වාක්‍යය ජෝර්ජ් ගුර්ඩ්ජිෆ් වැනි විශිෂ්ඨ දාර්ශණික මිනිසෙකු බිහිකරන්න බෙහෙවින්ම හේතුවක් උනා වගේම ඒ වගේ මහා දාර්ශණිකයෙකු නිර්මාණය වන්නේ සියවස් ගණනාවකට පසුවයි. ඒ වගේම ඔහු එහෙම වටිනා දාර්ශණිකයෙකු නම් ඔහුගේ පියා මොනවගේ තීක්ෂ්ණ බුද්ධියක් හිමි මිනිසෙකු වන්නට ඇත්ද..?   ජෝර්ජ් ගුර්ඩ්ජිෆ් පියා ඔහු වෙනුවෙන් වෙන කිසිවක් ඉතිරි කර තිබුණේ නෑ. ඔහු තම පුතාට කතා කර තවදුරටත් කිව්වේ... 

" පුතේ අද හෝ හෙට මම මිය ගියාට පස්සේ මින් ඉදිරියට ඔයාට ඔයා ගැන බලා ගන්න සිදුවෙනවා. ඔයා පොඩි කාලෙම ඔයාගේ අම්මත් මිය ගියා... මින් ඉදිරියට ඔයාට ඔයාගේ පාන් වේල හොයාගන්න සිදුවෙනවා... ඔයාට තනිවම සියළුම දේවල් ඉගෙන ගන්න සිදුවෙනවා..."  ඔයා තවම අවුරුදු නවයක් වයස දරුවෙක්... බය නැතුව මම කිව්ව මේ දේවල් එක්ක ඔයා සමාජයට මූණ දෙන්න..."

ඒ කිව්වා වගේම ගුර්ඩ්ජිෆ්ට ඔහුගේ පියාගේ ඒ වදන් එදිනෙදා ජීවිතය ගෙනයාමේදී හොඳ අවස්ථාවක් බවට පත්කරගෙන ලෝකය පිලිගත් විශිෂ්ඨ දාර්ශණිකයෙකු බවට පත්වුණා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...