පිය සෙනෙහස...
ඊශ්‍රායලයේ වෙසෙන අවුරුදු 2ක් වයසැති 'ඔෆ්‍රි බිටැන්' නම් කුඩා දැරිය ගැන වෛද්‍යවරුන් කළ පරීක්ෂණ වලදී ඇයට පිළිකාවක් වැළදී ඇතිබව හෙලිවෙනවා. ඉන්පසු වැඩිදුර පරීක්ෂණයන් සඳහා ඇයව MRI ස්කෑන් පරීක්ෂණයකට භාජනය කළ යුතුව තිබුණත් එසේ කිරීමට නොහැකිව වෛද්‍යවරුන් ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙනවා. වයස අවුරුදු 2ක් වන ඇය මෙය තුළ සිටියදී බියවී කළබලයට පත්වී දැඟලීමට ඉඩ ඇති නිසා තනිවම MRI ස්කෑන් යන්ත්‍රය තුළට යවා එම පරීක්ෂණය කිරීමට නොහැකිවෙනවා. ඒ වගේම ඇය කුඩා දරුවෙකු වන නිසා නිර්වින්දනයක් කර මෙම පරීක්ෂණය කිරීමටද වෛද්‍යවරුන් මැලිවෙනවා. කෙසේ හෝ වෛද්‍යවරුන් මුහුණපා සිටින මෙම ගැටළුව විසදීමට ඇගේ පියා ඉදිරිපත් වෙනවා. ඔහුගේ කුඩා දියණිය සමඟ යන්ත්‍රය තුළට යෑමට ඔහු කැමැත්ත පලකරනවා.
වෛද්‍යවරුන්ගේ කැමැත්ත සහ උපදෙස් අනුව ඔහු ඇය සමඟ MRI ස්කෑන් යන්ත්‍රය ඇතුළට ගොස් ඇගේ පරීක්ෂණය සාර්ථකව නිමකර ගැනීමට වෛද්‍යවරුන්ට උදව් වෙනවා. යන්ත්‍රය තුළදී ඇයව සනසමින්, ඇය සමඟ කතාකරමින් ඇගේ හිතේ තිබෙන බය තුරන් කරමින් පරීක්ෂණය අවසන් වන තුරුම ඇයව නොසෙල්වා තබාගැනීමට ඔහු වගබලා ගන්නවා...
මට අවශ්‍ය වුණේ ඇගේ හිතේ තියෙන බය නැතිකරලා ඇයව සන්සුන්ව තබාගැනීමට සහ පරීක්ෂණය අවසන් වනතෙක් වෛද්‍යවරුන්ට කරදරක් නොවී නොසෙල්වී සිටීමට ඇයට සහාය වීමටයි. මම ඇගේ අත්දෙක අල්ලාගෙන නිරන්තරයෙන් ඇය හා කතා කරමින් සිටියා. එහි සිටින හැම වෙලාවෙම සන්සුන්ව එකම විදියට ඉදලා පෙන්නලා මට උදව්වක් කරන්න කියලා මම ඇයගෙන් නිතරම ඉල්ලා සිටියා. ඇය ඒ දෙය මා වෙනුවෙන් ඉටුකළා. මට නම් මේක මගේ නිර්භීතකමක්වත් වීර ක්‍රියාවක් විදියටවත් හිතන්නේ නෑ... පියෙක් විදියට තමන්ගේ දියණිය වෙනුවෙන් කරන්න පුළුවන් අවම දෙයක් විදියට තමයි මම නං මේ දේ දකින්නේ... ඇයගේ පියා මාධ්‍යවෙත ප්‍රකාශකර සිටියා...
මෙවන් සිදුවීමක් ඊශ්‍රායලය ඉතිහාසයේ පළමුවරට සිදුවී ඇති නිසා මෙම ප්‍රවෘත්තියට මහත් ප්‍රසිද්ධියක් එරට ජනමාධ්‍ය විසින් ලබාදී තිබුණා.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment