සානුකම්පිත කතාවක්...
ළමා හිංසන, ළමා අපචාර බහුලව සිදුවන මේ කුරිරු ලෝකයේ තවත් එක් සානුකම්පිත කථාවක සෙයාරුවක් බංග්ලාදේශයේ සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවේ මෙසේ සටහන් වෙනවා...
ඔව්... දම්වැලක් කකුලට දමා සතෙකු මෙන් ගෙදර දොරකඩ බැඳ දමා ඇති ගැහැණු දරුවෙක්...
එය එසේ වීමට, ඇයට එසේ කිරීමට හේතුව ඇගේ මව GMB Akash නම් මෙම සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියාට මෙසේ විස්තර කරනවා...
මේ දම්වැලෙන් ගැටගහලා ඉන්නේ මගේ එකම දුව ෂප්ලා... මගේ සැමියා අපව අතහැර ගියේ මේ දරුවා කුඩා කාළයේදී... කුලී වැඩ කරලා මට පුළුවන් විදියට මේ වෙනකම් මේ දරුවව මම හදා ගත්තා... දැන් පෙර කාළයටත් වඩා දරුණු ප්‍රශ්ණයකට මම සහ ඇය මුහුණපාලා ඉන්නවා...
මේ දරුවා හිටපු ගමන්, අවස්ථාවක් ලැබුණු ගමන්ම ගෙදරින් පැනලා යනවා... මම කොච්චර හෙව්වත් සමහර දවස්වලට මෙයා රාත්‍රි 2-3 ක් අතුරුදහන් වෙලා ඉන්නවා... ඒ දවස්වලට මෙයා කොහේහරි හැංගිලා වීදියේ ඉන්න දරුවන් එක්ක මත්ද්‍රව්‍ය ගන්නවා. දවස් දෙක තුනක් ඇවිදලා මෙයාව කොහොමහරි හොයාගෙන ගෙදර ගෙනාවට පස්සේ දම්වැලකින් බැඳලා ඉබ්බෙක් දානවා හැරෙන්න මට වෙන කරන්න වෙනත් විකල්පයක් නම් නෑ මහත්තයෝ...
මමයි මේ දරුවයි දැනට ජීවත් වෙන්නේ මම නගරයේ නිවසක ගෘහ සේවිකාවක් විදියට වැඩ කරලා හම්බ කරන සොච්චං මුදළෙනුයි... මම හැමදාම වැඩ කළේ නැත්නම් අපිට ජීවත්වෙන්න වෙන විදියක් නෑ... ඉතිං මට හැමදාම රැකියාවට යා යුතුයි... මම මේ දරුවව ගොඩක් වෛද්‍යවරුන් ගාවට අරගෙන ගියත් ඒකෙන් කිසිම පලක් උනේ නෑ... ඒ අය මේ දරුවව ගොඩ ගන්න කිසිම උදව්වක් මට කළේ නැහැ...
තමන්ගේ එකම දරුවා දම්වැලකින් බැඳ දැමීමේ වේදනාව දැනෙන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා මහත්තයෝ... ඒ වේදනාව දන්නේ අම්මා කෙනෙක් විතරයි..! නමුත් මට නම්, මෙම වේදනාවට වඩා ඇගේ ආරක්ෂාව සහ ඇගේ ජීවිතය වැදගත්... මේ ගැන නොහිතා ඇයව අතහැරලා දැම්මොත් ඇය කොහේ හෝ පාරක මිය යන්න පුළුවන් නැත්නම් එයාට අනතුරක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මිනිසුන් ඇයව ලිංගික අතවරයන්ට පවා ලක් කරන්න පුළුවන්...
මහත්තයෝ... ඔයා දන්නවද.., මම එයාගේ කකුල් වලට කිසි වෙලාවක දම්වැලක් දමලා බැඳලා දාලා නැහැ..! ඇත්තම කියනවානම් ඒ දම්වැල දමාගෙන ඉන්නේ මගේ හදවතට...මේ දම්වැලෙන් මගේ හදවත බැඳ දමාගෙන මම හැමදාම අමාරුවෙන් හුස්ම ගන්නවා..!
මේ වගේ දෙයක් කිසි විටෙකත් ලෝකයේ කිසිවෙකුටවත් සිදු නොවේවා කියලා මම නිතරම දෙවියන් වහන්සේට යාඥා කරනවා... අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ජීවිතය කියන්නේ හැමදාමත් දුෂ්කර එකක් මහත්තයෝ... මම මගේ දරුවාට මේ කරන දෙයින් මට හැමෝම දොස් කියයි... මට ශාප කරයි... ඒවගෙන් මගේ ජීවිතය වඩාත් නරක අතට හැරෙයි..! නමුත් මම එකක් දන්නවා, මට එක බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි දවසක දෙවියන් විසින් මගේ දුවව ආරක්ෂා කරයි කියලා..! එසේ කියා ෂප්ලාගේ මව මේ දුක්බර කතාව අවසන් කරනවා...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
📸GMB Akash...

Comments
Post a Comment