චේතනාව වෙනස් කිරීමේ ප්‍රථිපලය...

මීට වසර 8කට පෙර 'කෙවින් බ්‍රිග්ස්' (Kevin Briggs) නම් මෙම පොලිස් නිළධාරියාට මෙම තරුණයාව හමුවන්නේ ඇමරිකාවේ එක්තරා පාළමක් උඩදීයි. පාලම ගැට්ටට වී වතුරට පැන තම ජීවිතය නැතිකර ගැනීමට සූදානම් වන විට 'කෙවින් බ්‍රිග්ස්' නිලධාරියා ඔහුව දැක එතනට පැමිණ ඔහු හා කථා කර, ඔහුගේ හිත සන්සුන් කර සියදිවි නසා ගැනීමට සිටි ඔහුගේ චේතනාව වෙනස්කර ඔහුව එයින් බේරා ගන්නවා...

දිවි ගැළවුනු ඔහුගේ නම 'කෙවින් බෙර්තියා'(Kevin Berthia). ඔහු දැන් දරුවන් දෙදෙනෙකුගේ පියක්. ඒ වගේම ඔහු ඇමරිකාවේ පිහිටවා තිබෙන සියදිවි නසා ගැනිම් වළක්වාලීමේ සහ මනෝවෛද්‍ය සහයෝගිතා ආයතනයේ වත්මන් සභාපතිවරයා ද වෙනවා...

වසර අටකට පසුව 'කෙවින් බෙර්තියා' විසින්, ඔහුගේ ජීවිතය බේරාගැනීමට තමාට සහාය වීම වෙනුවෙන් 'කෙවින් බ්‍රිග්ස්' නැමති මෙම උදාර පොලිස් නිලධාරියා වෙත ඇමරිකාවේ සියදිවි නසාගැනිම් ආයතනය විසින් පිරිනැමෙණ වඩාත් වැදගත්ම සම්මානය ඔහු වෙත පිරිනමනවා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...