සොල්දාදුවාගේ කෝපි කෝප්පය...

වසර 1995 දී බොස්නියාවේ පැවති යුද්ධයේදී ස්‍රෙබ්‍රෙනිකා (Srebrenica) නගරය හා ඒ අවට ප්‍රදේශවලින් පමණක් සොල්දාදුවන් සහ පිරිමි ළමුන් 8372ක් මියයනවා. 

පසුව මෙය 1995 ජූලි ස්‍රෙබ්‍රෙනිකා සංහාරය නැත්නම් ස්‍රෙබ්‍රෙනිකා ජන සංහාරය( Srebrenica Massacre or Srebrenica Genocide ) ලෙස ලොවපුරා ප්‍රසිද්ධියට පත්වෙනවා.

ඉන් පසු ඝාතනයට ලක්වූ මෙම පිරිසගේ භාර්යාවන් හා දෙමව්පියන්ගෙන් තම ස්වාමිපුරුෂයන් හා දරුවන් වඩාත්ම මතක් වෙන්නේ සහ ඔවුන් සමඟ කල කී දේවල් වලින් වඩාත්ම මග හැරෙන්නේ කුමක්දැයි ඇසූ විට, ඔවුන් නිරන්තරයෙන් පවසනු ලැබුයේ වැඩිපුරම ඔවුන් හා එකට හිඳ කෝපි පානය කිරීම අතපසු වීමයි. ඒවගේම දිනපතා ඔවුන් කෝපි පානය කරනවිට නිතරම ඔවුන්ව සිහියට එන බවත් ඔවුන් පවසනවා.

කාළය මෙසේ ගෙවී ගොස් ස්‍රෙබ්‍රෙනිකා සංහාරයෙන් වසර 25 ක් ගතවූ පසු, ඔවුන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයින් සහ පිරිමි ළමුන් සිහිවීම වෙනුවෙන් එදිනට යෙදෙන සැමරුමේදී කෝපි කෝප්ප 8372 ක් ඔවුන්ට ගෞරව දැක්වීම පිණිස සැමරුම් භූමියේ මෙසේ තබා තිබුණා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...