පාරේ තියෙන පොත්...

මේ ඡායාරූපවලින් ඔබ දකින්නේ කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදිය (Hagerman Street) සම්පූර්ණයෙන්ම ගමනා ගමනයට වසාදමා එම වීදිය සම්පූර්ණයෙන්ම පොත් අතුරා දීප්තිමත් පොත් ගංගාවක් ආකාරයට පුරවා ඇති ආකාරයයි. 

මෙය ක්‍රියාව 2016 වසරේදී උත්සවයක් ලෙස සමරනු ලැබූ අතර ගමනා ගමනයේ අධික වාහන තදබදය, ශබ්ද හා පරිසර දූෂණය යන පොදු ප්‍රශ්ණයන්ට එරෙහිව සාහිත්‍ය තුළින් යම් විසඳුමක් සොයාගැනීමේ අරමුණෙන් නාගරික ප්‍රශ්ණ සඳහා මැදිහත්වීම් සිදුකරන නිර්නාමික ප්‍රංශ කණ්ඩායමක් වන 'ලුසින්ටෙරුප්ටස්' (Luzinterruptus)විසින් කරනු ලැබූ වැදගත් ව්‍යාපෘතියකි.

ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය සඳහා කලාත්මකව සකසන ලද දිලිසෙන පොත් 10,000 කින් යුත් ගංගාවක් මෙම වීදිය පුරා ඇතිරීම කරන ලදී. මෙම පොත් ඇතිරීමේ කලාව එරට පැවති 'නුයිට් බ්ලැන්ච් 2016' (Nuit Blanche 2016) සැනකෙළියේ එක් අංගයක් ලෙස පැවති අතර එය නිදි නැති රාත්‍රියක් පුරාවට පැවැතුණු කලා උළෙලකි.  

එරට ගැලවීමේ හමුදාව විසින් මෙම පොත් බොහොමයක් පරිත්‍යාග කරන ලද අතර තවත් බොහෝ පොත් කියවා අවසන් කල අය විසින් මෙහි ගෙනවිත් තබන ලද ඒවායි. කාර්ය බහුල හේගර්මන් වීදියේ මෙම දීප්තිමත් පොත් ගංගාවක් පුරවා සකස්කර ගැනීම සඳහා එහි වෙසෙන ස්වේච්ඡා සේවකයන් 50 කට වැඩි පිරිසක් දින 12 ක්  දිවා රෑ පුරා වැඩ කරන ලදී.

මේ අනුව සාමාන්‍යයෙන් වාහනවල වේගය, පරිසර දූෂණය සහ ශබ්දය සඳහා නම් දරා ඇති නගරයේ මේ වීදිය නිශ්ශබ්දතාව රජයන, සන්සුන්කමක් සහිත සහ සහජීවනයෙන් පිරුණු ස්ථානයක් බවට එම රාත්‍රියේදී පත්වී තිබුණි. 

මෙහි සංවිධායකවරුන් විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ  " පොත් රැගෙන යාමට කැමති අය සඳහා එහි ඇති තරම් පොත් මෙම වීදියේ අතුරා ඇති බැවින්, පැමිණ ඒවා රැගෙන යන ලෙසත් ඔබ සතුව ඇති ඔබ කියවා අවසන් කළ පොත් තවමත් ඔබ සතුව ඇත්නම් ඒවා තව අයෙකුගේ ප්‍රයෝජනය සඳහා වීදීයේ අතුරා යන ලෙසටත්, එතන සිටම පොත් කියවීමට අවශ්‍යය අය සඳහා ඇතිතරම් කාළයක් වෙන්කර තිබෙන බවටත්" සඳහන්කර නිවේදනයක් දමා තිබුණි. 

නමුත් ප්‍රදර්ශණය ආරම්භ වී එම පොත් එම වීදියේ මෙසේ අතුරා පැවතියේ පැය දහයක් පමණ සුළු කාළයක් පමණි. සියළුම පොත් එක් එක් අය විසින් ඒ කාළය අතරතුර අරගෙන ගොස් තිබුණි. පැය දහයක වැනි කෙටි කාළයකින් ප්‍රදර්ශණය මෙසේ නිමා වුවත් එය ඊටත් වඩා බොහෝ කාලයක් ජනයා අතර මතකයේ රැඳෙනු ඇති බවට එම ප්‍රදර්ශණයේ සංවිධායකවරු විසින් විශ්වාසයෙන් සඳහන් කර තිබුණි. 


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...








 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...