එකම පින්තූරයේ කතාන්දර දෙකක්...

වයෝවෘද්ධ පුද්ගලයෙක් තම ආදරවන්තිය, යෙහෙළිය, ආදරණීය බිරිඳ සමඟ ජීවිත කාලය පුරාවටම ඔවුන්ගේ සියළුම ආදරණීය සැමරුම් සිහිපත් කරගත් ඒ සොඳුරු රාත්‍රී භෝජනයන් ඇයගේ වියෝවෙන් පසුවත් ඇය නොමැතිව ඇය සමඟ සැමරීමට පැමිණ, ඇය ඔහුගේ මුළු ජීවිත කාලය පුරාවටම පුදකළ ආදරය, සෙනෙහස සිහිගැන්වී, ඇයව මතක්වී ඔහුගේ ඇසට කඳුලක් පැමිණුන ඒ සංවේදී මොහොතක මෙහා පැත්තේ සිටි කෙනෙකුගේ දුරකථන කැමරාවක සටහන්වී තිබුණු ආකාරය.......

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්.........

හෝ......

තම බිරිඳ සමග ඔවුන්ගේ විවාහ සංවත්සරයක් සැමරීම සඳහා රාත්‍රී භෝජනයකට පැමිණි අවස්ථාවක හදීසි අවශ්‍යතාවයක් සඳහා බිරිඳ භෝජනාගාරයේ වැසිකිළියට ගොස් සිටින විට ඔහුට හදිසියේ පිටවන කිවිසුමකින් පසු තම නාසය සහ මුහුණ පිසදමා ගන්නා මොහොතක මෙහා පැත්තේ සිටි කෙනෙකුගේ දුරකථන කැමරාවක සටහන්වී තිබුණු ආකාරය........

මේ ඡායාරූපයෙන් කියවෙන්නේ මේ කතා දෙකෙන් එකක් වෙන්න පුළුවන් නේද..? 

මේ කතා දෙකෙන් ඔබ වඩාත් කැමති දෙය බාරගන්න ඔබට පුළුවන්... 

මටනම් මෙය සංවේදී අවස්ථාවක්...

ඔබටත් පුළුවන් මේ ඡායාරූපය බලා සංවේදීවන්න... 

නැත්නම් මේ ඡායාරූපය ගත්ත එකාට බැන බැන හිනාවෙන්න....


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...