වෙළුම් පාද හෙවත් නෙළුම් පාදවල ඉතිහාසය...
10 වන සියවසේ චීනයේ ජීවත්වුණු යෞවනියන්ගේ සහ නාට්‍ය ශිල්පිණියන් පාදවල විලුඹෙන් පහළ කොටසේ හැඩය සහ ප්‍රමාණය වෙනස් කිරීම සඳහා පාදවලට එම කොටස තදින් බැඳ වෙනස්කර කුඩා පාවහන් පැළදීම එකල චීනයේ පැවති පුරාණ චාරිත්‍රයක් මෙන්ම ජනප්‍රිය මෝස්තරයකි. 10 වන සියවසේ චීනයේ ප්‍රසිද්ධව පැවති පස්වෙනි රාජවංශ සහ දසවෙනි රාජධානියන් තුළ ඉහළ ප්‍රභූ පන්තියේ නර්තන ශිල්පීන් අතර මෙම චාරිත්‍රය පුරුද්දක් වශයෙන් පවත්වාගෙන යමින් තිබුණි. එම රාජධානි වළින් පටන්ගෙන පසුව චාරිත්‍රය ක්‍රම ක්‍රමයෙන් චීනයේම පැවති ගීත රාජවංශයේ ප්‍රභූන් අතරද ජනප්‍රිය වන්නට විය. පසුව චීනයේ පැවති 'ක්වින්' නම් රාජවංශය විසින් මෙම පාද බැඳීම චාරිත්‍රය චීනයේම අනෙකුත් බොහෝ සමාජ පංති වෙත ව්‍යාප්ත කරවූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙම චාරිත්‍රය කෙමෙන් කෙමෙන් අවසන් විය. කුඩාවට සකසා වෙළන ලද පාද නළඟණන්ගේ මෙන්ම එකළ තරුණියන්ගේ සමාජ තත්වයන් සංකේතවත් කළා මෙන්ම ඔවුන්ගේ අලංකාරයේ සලකුණක් ලෙසද සලකණු ලැබීය. එහෙත් පාද බැඳීම ඔවුන්ට වේදනාකාරී ක්‍රියාවක් වූ අතර සාමාන්‍යයෙන් කාන්තාවන් සතු ඔවුන්ගේ ස්භාවික ශරීර චලනයන් මේ නිසා සැලකිය යුතු ලෙස සීමා වී තිබිණ. මේ ආකාරයෙන් වෙළුම් පටි යොදා හිරකර බැඳ ඊට උඩින් කුඩා පාවහන් පැළඳ වෙනස් කරන ලද පාද නෙළුම් පාද ලෙස එකල චීනයේ බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.
https://youtu.be/UUlL6dKZJ_I
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...












Comments
Post a Comment