එපා මුවා කරලන්න...


 එපා මුවා කරලන්න - මට එළිය දෙන මගේ සඳ...

කාලෙකින් එළිය දී - මගේ නොතනිය මකන...

සුළඟ විත් රඳවන්න - වළාවේ ඔබ ඉන්න...

එපා මුවා කරලන්න ඒ මගේ පුරා සඳ...


එළිය දී ගොම්මනේ අඳුරු වූ වන වදුළ

බලාහිඳ මා දිහා මගෙ ගමන සුව පතා

රැකදෙන්නේ මා ඇගේ දුවක මෙන් රෑ පුරා

තනිකමට එළිය දී සෙවනැල්ල මවාලා...


එපා මුවා කරලන්න - මට එළිය දෙන මගේ සඳ...

කාලෙකින් එළිය දී - මගේ නොතනිය මකන...

වළාවන් යන්න ඔබ - අයාලේ වෙන අතට 

එපා මුවා කරලන්න ඒ මගේ පුරා සඳ...


පියා නැත අද දවස ඔත්පලව ඔහු එකම තැන

එනතුරා මා ගෙදර මව සිටියි ඔහු අසළ

හඳේ ඔබ බබළන්න යටලීය පුරාවට

එය දකින මා පියා සැනසේවී ඔබ නිසා...


එපා මුවා කරලන්න - මට එළිය දෙන මගේ සඳ...

කාලෙකින් එළිය දී - මගේ නොතනිය මකන...

වළාවන් ඉන්න ඔබ - තව ටිකයි මට ගෙදර...

එපා මුවා කරලන්න ඒ මගේ පුරා සඳ...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...