අවුරුදු 17ක ඡායාරූප...

මේ අම්මා අවුරුදු 17 ක් තිස්සේ ඇයගේ ආදරය සෙනෙහස මැද්දේ තම දරුවා උස් මහත් වී වැඩෙන ආකාරය ඡායාරූප ගතකර ඇති ආකාරය පොඩ්ඩක් බලන්න. ඇය මේ ඡායාරූප සියල්ලම එකිනෙකට බද්ධ කර නිර්මාණාත්මකව ඉදිරිපත් කර ලෝකයට දෙන පණිවිඩය ඉතාමත් බලවත් එකක්.  

ඇනී වැන්ග් ( Annie Wang) තායිවානයේ වගේම ජාත්‍යන්තරවත් පිළිගත් අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පිණියකි.  2001 වසරෙ ඇය ගැබිණියක්ව සිටිය දී එහෙමත් නැත්නම් ඇයගේ දරුවා ඉපදීමට ආසන්නව සිටියදී, ඇය 'The Mother As A Creator'(මවක් යනු මැවුම්කරුවෙකි) නමින් ඡායාරූප මාලාවක් එළිදැක්වීම ආරම්භ කරනවා. 


නමුත් ඇයට මෙම ඡායාරූප මාලාව එකවර ඉක්මණින් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණේ නෑ. ඇයගේ ව්‍යාපෘති සංකල්පය වන තම දරුවා වැඩෙන ආකාරය, මේ දැන් තිබෙන අයුරින් නිර්මාණාත්මකව අවුරුද්දෙන් අවුරුද්දට ඡායාරූප ගතකර ඉදිරිපත් කිරීමට ඇය වසර 17 ක් තිස්සේ අඛණ්ඩව ඉවසාගෙන බලා සිට සිදුකර තිබෙනවා.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


































Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...