හොරා...

දවල් කාලෙට ගෙවල් වල කවුරුත් නෑ කියලා හිතලා හොරෙක් මහ දවල් ගෙදරක ජනේලයක් කඩාගෙන ගෙට ඇතුළු වෙනවා. හොරා ගෙදර හැම තැනම හොරාගන්න දෙයක් බැලුවත් මිනිහට ගෙනියන්න තරම් දෙයක් සෙට් වෙන්නේ නෑ. 


හොරා හිමිහිට පඩිපෙල නැගලා ගෙදර ප්‍රධාන නිදන කාමරය පැත්තට යනවා. ඒ කාමරයට ඇතුළු වෙනවාත් එක්කම හොරා දකිනවා ලස්සන තරුණ කාන්තාවක් ඇඳ උඩ නිදාගෙන ඉන්නවා. හොරා පැනපු ගමන් අර තරුණියව අල්ලා ගෙන අතේ තිබුණු ලණු වළින් අර තරුණියගේ අත් දෙකයි කකුල් දෙකයි බැඳලා කෑගහන්න බැරි වෙන්න කටේ රෙදි කෑල්ලක් ඔබනවා. ඊට පස්සේ හොරා කාමරේ තියෙන අල්මාරිය පැත්තට යන්න හදනකොටම නාන කාමරයේ ඉඳලා ගෙදර හිමිකරු නැත්නම් තරුණියගේ සැමියා පැමිණෙනවා.

හොරා ආපහු පැනපු ගමන් ආයෙත් අර තරුණියව අල්ලගෙන බෙල්ලට පිහියක් තියලා ගෙදර හිමිකරුට තර්ජනය කරනවා. වහාම රත්තරන් බඩු සහ මුදල් නොදුන්නොත් තරුණියගේ බෙල්ල කපා මරා දමන බවට තර්ජනය කරනවා.

මේක අහපු නිවසේ හිමිකරු හොඳටම බය වෙනවා. මිනිහා අඬන්න පටන් ගන්නවා. අඩන ගමන් හොරාට මෙහෙම කියනවා...

" මේ ගේ පෙරළලා තමුසෙට ඕනි කරන ඕනිම දෙයක් අරගෙන යනවා... මට ඒවා ඕනි නෑ...

හැබැයි තමුසේ මේ නෝනට මුකුත් කරන්නේ එහෙම නෑ. මේ නෝනව නිදහස් කරලා තමුසෙට ඕන දෙයක් අරගෙන යනවා. මට කමක් නෑ... තමුසෙට කියන තැනකට මම වදින්නම්..."

මේ ගෙදර මනුස්සයා අඬනවා දැකලා අර හොරාට පොඩි අනුකම්පාවක් ඇතිවෙනවා...

" ඔහ් මහත්තයා මම මේ ඇහුවමයි... දැක්කමයි... ඔහේ ඒ තරමටම තමුන්ගේ බිරිඳට ආදරෙයි එහෙනම්... ඈ..."

" තමුසේ මඟුලක් කතාකරනවා... මගේ නෝනා තව ටිකකින් ගෙදර එනවා... එයා එන්න කළින් මෙයාව මේ ගෙදරින් යවන්න ඕනේ... මේ ඉන්නේ අල්ලපු ගෙදර මනුස්සයගේ බිරිඳ...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...