The Human Centipede...

රූපයෙන් ලස්සන නමුත් තරමක් අපිරිසිදු ආකාරයට ජීවත්වෙන ඇමරිකානු ගැහැණු ළමයින් දෙදෙනෙක් යුරෝපය හරහා රෝඩ් ට්‍රිප් නැත්නම් මාර්ග චාරිකාවක යෙදෙමින් සිටිනවා. මෙසේ යුරෝපය හරහා පැමිණෙන මොවුන් ජර්මනියට ළගාවන්නේ රාත්‍රි කාළයේයි. මොවුන් දෙදෙනා තනිවම ජර්මනියේ පාළු ප්‍රදේශයක ගමන් කරන අතරතුර ඔවුන්ගේ මෝටර් රථයේ දෝශයක් ඇතිවී රථය නැවතී තවදුරටත් ඉදිරියට යා නොහැකිවූ විට ඔවුන් ඒ අසළ තිබෙන හුදෙකලාවු නිවසක නවාතැන් ගැනීමට තීරණය කරනවා. රාත්‍රියේ නින්දට වැටෙන තරුණියන් දෙදෙනා උදේ අවදිවී බලනවිට ඔවුන් තවත් ජපන් ජාතික පිරිමියෙකු සමඟ තාවකාලික සැකසූ රෝහලක සිටින බවත් මෙම රෝහලේ සිටින යම් මානසික රෝගයකින් පෙළෙන ජර්මානු ශල්‍ය වෛද්‍යවරයකුගේ ග්‍රහණයට හසුවී ඇති බවත් ඔවුන්ට වැටහෙනවා. 

දොස්තර හෙයිටර් නමින් හඳුන්වන මෙම වෛද්‍යවරයාට තම ජීවිත කාලය පුරාම තිබෙන එකම මනංකල්පිත ආසාව වන්නේ මිනිසුන් දෙතුන් දෙනෙක් එකතුකර ඔවුන්ගේ මුඛයේ සිට ආමාශයික පද්ධති හරහා ඔවුන්ව සම්බන්ධකර එක ශරීරයක් තුළ අත්පා කීපයක් ඇති මිනිස් සෙන්ටිපෙඩ් කෙනෙක් සෑදීමයි.

නෙදර්ලන්ත ජාතික ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ටොම් සික්ස් (Tom Six) විසින් අධ්‍යක්ෂණය කළ ‘ද හියුමන් සෙන්ටිපෙඩ්’ (The Human Centipede) නම් මෙම චිත්‍රපටය 2010 අප්‍රේල් 30 වන දින තිරගත කිරීම ආරම්භ කර තිබෙනවා. තිරගතවීමෙන් පසුව විචාරකයන් විසින් මෙම චිත්‍රපටය ගැන විස්තර කර ඇත්තේ “මෙතෙක් ලොව බිහි වූ බිහිසුණුම සහ බලාසිටීමට පවා අප්‍රසන්න දර්ශණ වළින් සමන්විත ඉතාමත් කරදරකාරී චිත්‍රපටයක්” ලෙසටයි. 

මෙසේ සංචාරකයින් තිදෙනෙකු පැහැරගන්නා මෙම මානසික රෝග ජර්මානු ශල්‍ය වෛද්‍යවරයා ඔවුන්ගේ  දත් ගලවන, දණහිස ඉරා දමන අකාරයේ තාත්වික දර්ශණ ඇතුලත් වීම නිසා ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපට බැලීම අතිශයින්ම බිහිසුණු හා කරදරකාරී බව ඔවුන් පවසනවා. එවකට ලොව පුරා සමහර රටවල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇති අතර සමහර රටවල් මෙම චිත්‍රපටයේ එවැනි දර්ශණ වාරණයට ලක්කර ප්‍රදර්ශණයට අනුමැතිය ලබාදී තිබෙනවා.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...