තම රියදුරාට කෘතගුණ දැක්වීම...
ශවරේ ෆුනෙවලා (Zavaray phoonewala) කියන්නේ ඉන්දියාවේ මිලියනපතියන් අතරින් හත් වෙනියට ඉන්න කෙනෙක්. ඔහු ඉන්දියාවේ මෙන්ම ලෝකයේත් ප්‍රසිද්ධියක් දරණ ෆුනෙවාලා කර්මාන්ත සමූහයේ හිමිකරු. මෙම සමාගම් සමූහය මුළු ලෝකයටම ඖෂධ නිපදවා බෙදාහරින ඉන්දියානු ඖෂධ සමාගමක් ලෙස ලෝක ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ පූනාවල ජීවත්වන ඔහු ඉන්දියාවේ ප්‍රබලතම තුරඟ තරඟාවලි පවත්වන සුප්‍රසිද්ධ පාර්සි ඉන්දියානු ව්‍යාපාරිකයෙක්.
ඒ වගේම ශවරේ පූනෙවාලා කියන්නේ ලෝකයේ තියෙන වටිනාම මෝටර් රථ එකතුවක් තියෙන මෝටර් රථ ලෝලියෙක්. විවිධ වර්ගයේ මෝටර් රථ ඔහු සතුව තිබුණත් වසර 30 ක් ඔහු හා සමඟ ඔහුගේ ලිමෝසීන් රථයෙන් සෑම ගමනක්ම ඔහුව රැගෙන ගිය ගංගා දත් නැමැති රියැදුරා හදිසියේ මිය යනවා. ශවරේ ඔහුගේ අත්‍යාවශ්‍ය ව්‍යාපාරික කටයුත්තක් සඳහා බොම්බායට ගිහින් සිටින අතර තුර ඔහුට මෙම ආරංචිය ලැබෙනවා.
තමාට අතිශ්‍යයින්ම ආදරය කළ මේ රියදුරාගේ මරණය සැළවූ විගස තමා සහභාගි වෙමින් සිටිය සියළුම වැඩ කටයුතු ඔහු විසින් අවලංගු කරනවා. ඔහු ඉක්මනින් පැමිණෙන තුරු රියදුරුගේ අවසන් කටයුතු නොකරන ලෙස ගංගා දත්ගේ පවුලට දන්වා ඔහු වහාම හෙලිකොප්ටරයකින් පූනේ බලා පිටත්වෙනවා.
පූනේ වලට පැමිණෙන ඔහු අවමංගල්‍යය සිදුවන දිනයේ ගංගා දත් වසර 30 ක් තිස්සේ ඔහුව රැගෙන ගිය සුඛෝපභෝගී ලිමෝසීන් ( Limousine ) රථය පළාතේ තිබෙන හොඳම මල් වලින් සරසනවා. ඉන්පසු ඔහුගේ දේහය එහි තබනවා. පසුව තම රියැදුරාගේ දේහය තැන්පත් කළ ලිමෝසීන් රථයේ රියැදුරු අසුන වෙත යනවා. ඉන්පසු මෙම ගුණවත් ස්වාමියා ගංගා දත්ගේ අවසන් ගමනෙහි රියැදුරා ලෙස රථය පදවමින් මළ සිරුර දවන ගංගාවේ තොටුපොළේ තිබෙන චිතකය දක්වා යනවා. ඒ වගේම අවමංගල්‍යය කටයුතු ඔහුගේ සියළුම වියදමින් ඉතාමත් හොඳින් සිදුකරනවා.
තමාගේ රියදුරාට මෙතරම් උපහාරයක් ලබාදීමට හේතුව විමසූ විට ශවරේ ෆුනේවාලා පවසන්නේ... ගංගා දත් තමා වෙනුවෙන් අවුරුදු 30ක් පුරාවට දිවා රෑ නොබලා කල අනගි මෙහෙවර වෙනුවෙන් ඔහුට කරන සදාකාලික කෘතඥතාවය පුදකිරීමට තමා මෙසේ කල බවයි. රැකියාවක් කර මුදල් හොයන එක රටේ හැමෝම කරන ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක්. ඒත් ඔබ ව්‍යාපාරක් කර ජයග්‍රහණය කර හිනිපෙත්තට ගිය පසු එහි කොටස්කරුවන් වන ඔබගේ සේවකයන්ට පුළුවන් උපරිමයෙන් ප්‍රණාමය දැක්වීම තමයි ඔබ අත්පත් කරගන්නා ප්‍රගතිය සහ මානසික සුවය කියන්නේ. ශ්වරේ ෆුනේවාලා වැඩිදුරටත් පවසනවා...
ඒ වගේම ගංගා දත් ජීවත්ව සිටියදීත් ශවරේ ෆුනේවාලා විසින් ගංගා දත්ගේ දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට සියළු වියදම් දරා තිබෙනවා. තම පියා ජීවතුන් අතර නැතත් ඔවුන් හොඳ ස්ථාවර ආර්ථික මට්ටමක සිටින්නේ ගංගා දත්ගේ වැඩිමහල් දියණිය හොඳින් අධ්‍යාපනය හදාරා ගණකාධිකාරිවරියක් ලෙස දැනටමත් ඉන්දියාවේ පිළිගත් ආයතනයක රැකියාවක් කරන නිසයි.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...


Comments
Post a Comment