මනුස්සකම...

වයෝවෘද්ධ යුවලක් තම දුම්රිය එනතෙක් දුම්රිය පොළේ වාඩිවී සිටිනවා. ඔවුනට අනෙක් පසින් හොඳින් හැඳ පැළඳගත් කළු ජාතික තරුණයෙක්ද සිටිනවා. මහළු කාන්තාව තරුණයා දෙස අහම්බෙන් බලනවා. ඇය මෙම තරුණයාගේ කුමක් හෝ අඩුපාඩුවක් දකිනවා. එම තරුණයා හොඳින් හැඳ පැළඳ සිටියත් ඔහු, ඔහුගේ ටයි පටිය වැරදි ලෙස ගැටගසා ඇති බව ඇයට දකින්නට ලැබෙනවා. ඇය ඔහුට නොදැණෙන්න තමාගේ වැළමිටෙන් තම ස්වාමියාට තට්ටුවක් දමා එය පෙන්වනවා. ඇයගේ සැමියා නැගිට ඇවිත් තරුණයා හා කතාකර ඔහුගේ අවසරය ඇතිව ඔහුගේ ටයි පටියේ වැරැද්ද කාටත් නොපෙනෙන ලෙස නිවැරදි කරනවා. 

ඒම ටයි පටිය නිවැරදිව නැවත සකස් කරන අවස්ථාව සහ එම සිද්ධිය එතැන සිටින පිරිස දැකීමෙන් එම තරුණයාට සිදුවන අපහසුතාවය නැති කිරීමට අවට සිටින කිසිවෙකුටවත් මෙම සිද්ධිය නොපෙනෙන ලෙස මොවුන් දෙදෙනාව කාන්තාව විසින් ආවරණය කරගෙන සිටිනු ලබන අවස්ථාව තවත් අයෙකු විසින් ඡායාරූප ගත කර තිබෙනවා...

පසුව සොයා බැලීමේදී තමා රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යමින් සිටින අයෙකු බව මෙම තරුණයා ඔවුන් වෙත පවසා තිබෙනවා.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...