ගුරු බාබර්...

මඩකලපුවේ ඈත එපිට දුෂ්කර ගමක වෙසෙන එක්තරා සිසුවෙක් එක දිගට සතියක් පමණ පාසලට නොපැමිණිට හේතුව දැන ගැනීමෙන් පසු බාබර් කෙනෙකු බවට පත් වූ එම පාසැලේ ගුරුවරයා !!!

මඩකලපුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පාසල් ගුරුවරයෙකු වන ජීවනේශ්වරන් ජීවන් මහතා ඔහුගේ පන්තියේ එක් ශිෂ්‍යයෙක් සතියක් පුරාවට පාසලට නොපැමිණිමට හේතුව සොයා බලනවා. ජීවනේශ්වරන් ජීවන් මහතා එම සිසුවාව සොයාගෙන ඔහුගේ නිවසට ගොස් ඒ ගැන විමසූ විට ඔහු කියන්නේ ඔහුගේ කොණ්ඩය කැපීමට නොහැකිවීම නිසා පාසැලට පැමිණීමට නොහැකිවූ බවයි. ඔහු කියා සිටියේ ඔහුට කොණ්ඩය කැපීම සඳහා යන්නේ නම්, 'මට්ටකලප්පු කතීර් ළිඳට' කිලෝමීටර් 20 ක් පමණ දුරකින් පිහිටි කතිරවේලි ගම්මානයේ සැලෝන් එකකට යා යුතු බවයි. සිසුවාගේ අවශ්‍යතාවය තේරුම් ගන්නා මෙම ගුරුවරයා තම රාජකාරියෙනුත් එහාට ගිහින් මෙම සිසුවාගේ වැවුණු කොණ්ඩය ලස්සනට කපනවා. ඒ වගේම තවත් එවැනිම දුෂ්කරතාවලින් පෙළෙන සිසුන් කීපදෙනෙකුගේම කොණ්ඩය මෙතුමා විසින් කපා දෙනවා.

කවදාවත් ඉගෙනගන්නා සිසුවෙකුට පාසැලට ඒමට තම කොණ්ඩය බාධාවක් නොවිය යුතු බව පෙන්වූ ජීවනේශ්වරන් ජීවන් ගුරුතුමාගේ මෙම මනුෂ්‍යත්වයට, ඒ කළ මෙහෙවරට සුභ පතමු... #SriLankanNursingNewsGroup...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...