කසාදය...
ඇමරිකාවේ වෙසෙන ධනවත්, උගත් පියෙක් දවසක් තමාගේ එකම පුතාට කතාකරලා මෙහෙම කියනවා...
" පුතේ ඔයා මම කියන ගෑණු ළමයට කැමතිවෙලා එයාව කසාද බඳින්න ඕනි..."
" මට ඒක කොහෙත්ම කරන්න බැහැ තාත්තේ..." පුතා ගත් කටටම කියනවා...
" මොකද බැරි... එයා බිල් ගේට්ස්ගේ එකම දුව... එයා හරිම ලස්සනයි... ඒ වගේම එයා හරිම උගත් කෙනෙක්... ඔයා එයාව බඳින්නම ඕනි..." තාත්තා කියනවා...
" ආ... එයානම් මම කැමතියි තාත්තේ..." පුතා එක පයින්ම වැඩේට කැමති වෙනවා...
ඉතිං තාත්තයි, පුතයි කැමති උනාට වැඩක් නෑනේ... බිල් ගේට්ස් මේකට කැමති වෙන්න ඕනිනේ...
අනිත් දවසේ තත්තා යනවා බිල් ගේට්ස් හම්බවෙන්න... ගිහිල්ලා මෙහෙම කියනවා...
" මට අවශ්‍ය කරනවා ඔබතුමාගේ දියණිය මගේ එකම පුතාට කසාද බන්ඳලා දෙන්න..."
" බෑ... ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්..." බිල් ගේට්ස් මේ තාත්තට කියනවා...
" මොකද කරන්න බැරි... මගේ පුතා තමයි ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරියා..." ඒ වගේ උසස් රස්සාවක් කරන මගේ පුතාට ඔබතුමාගේ දියණිය හොදට ගැළපෙනවා..." තාත්තා බිල් ගේට්ස්ට කියනවා...
බිල් ගේට්ස් ටික වෙලාවක් කල්පනා කරනවා... " හරි... එහෙමනම් මම කැමතියි... මම දුවටත් කියන්නම්... එයාත් කැමතිවෙයි..."
ඒ වැඩෙත් හරි... දැන් ඉතිං කොහොමද මේ කොල්ලව ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරියා කරන්නේ... තත්තා දහ අතේ කල්පනා කරනවා...
ඊට පස්සේ දවසේ මේ තාත්තා යනවා ලෝක බැංකුවේ සභාපතිවරයා හම්බවෙන්න... ගිහිල්ලා මෙහෙම කියනවා...
" මට අවශ්‍ය කරනවා මගේ එකම පුතාව ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරියා කරන්න... එයාට ඒකට ඕනතරම් සුදුසුකම් තියෙනවා..."
" ඔහේට පිස්සුද... එහෙම ඕන ඕන වෙලාවට එක එක්කෙනා ගන්න මේක මොකක් කියලද හිතන්නේ... අනික ඒ තනතුරේ එක්කෙනෙක් වැඩ කටයුතු කරනවා..." සභාපතිවරයා උත්තර දෙනවා...
" ඉන්න එක්කෙනා වහාම අයින්කරලා මගේ පුතාව එතනට දාන්න... මගේ පුතා කවුරු කියලද හිතන්නේ... එයා තමයි බිල් ගේට්ස්ගේ බෑණා... බිල් ගේට්ස්ගේ එකම දුව බැඳලා ඉන්නේ මගේ පුතා... ඒ සුදුසුකම හොදටෝම ඇති ඔය තනතුරට... තාත්තා කියනවා...
සභාපතිවරයා පොඩ්ඩක් කල්පනා කරලා ඔහුගේ පුතාව එම තනතුරට පත් කරන්න කැමති වෙනවා...
මේක ඇත්තටම සිද්ධවුනු සිද්ධියක් නම් නෙවෙයි... මේක ලොව පුරා දේශපාලන සම්මන්ත්‍රණ වලදී විටින් විට දේශකයන්, දේශණවලදී කියනු ලබන එක් උදාහරණ ප්‍රබන්ධ කතාවක්... මේක ප්‍රබන්ධ කතාවක් උනත් ලෝකේ පුරාවටම රටවල දේශපාලන ගේම් සිද්ධවෙන්නේ ඔන්න ඔය විදියටයි... ඒක මේ අපේ ලංකාවටත් අදාලයි...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment