කිරි වෙහෙර වගේද හලෝ... Town Hall...
මේක මම අවුරුදු තුනකට විතර කළින් අපේ යාළුවෙකුට වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියපු කතාවක්... අපේ කට්ටියට මතක් වෙන්නත් එක්ක ආයෙත් උඩට ඇදලා ගත්තා... මේ සැරේවත් මේ යාළුවාව හොයාගන්න බලමු...
මේක අපිත් එක්ක වැඩ කරපු හොද යාළුවෙකුට සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීමක්...
අපේ යාළුවා ඉගෙන ගත්තේ කොළඹ නමගිය ජනප්‍රිය රජයේ පාසැලක...
යාළුවා උසස් පෙළ කරන අවදියේ, බිග්මැච් එක එහෙමත් තියෙන කාළයක, පන්තියේ ඉගැන්වීම් එහෙමත් වැඩිය නොකරන දවසක, ඔන්න මිනිහගේ ගජ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්ක ඉස්කෝලේ ගේට්ටුවෙන් රිංගලා ඇවිදගෙන, ඇවිදගෙන ඔඩෙල් එක පැත්තෙන් ඇවිල්ලා, රහුමානියා හෝටලය ඉස්සරහින් පල්ලිය පැත්තට පාර පැනලා, එතනින් ඇවිදගෙන විහාර මහා දේවි පාක් එකේ තියෙන ලොකු බුදු පිළිමේ ඉස්සරහා ගහක් යටට වෙලා, පාක් එකේ ගස් යට ඉන්න තරුණ ජෝඩු දිහා බලාගෙන ඉන්නවලු...
ඔහොම ඉන්න අතරේ එයාලගේ වයසෙම තවත් කොල්ලෙක් සාමාන්‍යයෙන් හොදට ඇඳ පැලඳගෙන, බැක් පැක් එකකුත් එල්ලගෙන පාර අනිත් පැත්ත බලාගෙන මෙයාලා ඉස්සරහින් එහාට මෙහාට යනවලු...
" ගමේ පොරක් වෙන්න ඇති... ඉස්සෙල්ලාම කොළඹ ආපු දවස වෙන්න ඇති බං..." එකෙක් කිව්වලු...
ටිකක් වෙලා යනකොට කට්ටිය ඉන්න තැනට අර කොල්ල එනවලු...
" අතරමං වෙලා වෙන්න ඇති බං... ඔය එන්නේ පිටකොටුවට යන හැට් අහගන්න වෙන්න ඇති..."
තව එකෙක් කිව්වලු...
ඒත් එක්කම අර කොල්ලා... " Hi Guys... How are you...? Do you know what the name of this building is...?" කියලා ඉස්සරහ තියෙන සුදු නගර සභා බිල්ඩිම පෙන්නලා ඇහුවලු...
ඇහුවා විතරයි... අපේ පොරවල් ටිකගේ කන් පාත්වෙලා, හීං දාඩිය දාන්න පටන් ගත්තලු...
" මොකක්ද බං මේකට කියන්නේ..." එකෙකුටවත් බිල්ඩිමට කියන නම අමතක වුනේ, අර කොල්ලා ඉංග්‍රීසියෙන් අහපු ඇහිල්ලටලු...
එකෙකුටවත් නම මතක් වෙන්නේ නැතිලු... වස ලැජ්ජාවලු... හීන් දාඩියත් දාලලු...
" මල්ලි ගම කොහ්ද..?" තව එකෙක් අර කොල්ලව සිංහලෙන් කතාවට අල්ල ගන්න ෆුල් ට්‍රයි එක දෙන්න ඇහුවලු...
අර කොල්ලත් අත අරින්නේ නැතිලු... කඩ්ඩෙන් කොටාගෙන, කොටාගෙන යනවලු... වස නෝන්ඩිය කොහොමද කියනවනං හරියට ගූ හතයි, වැලි එකයි වගේලු...
" මචං වස නෝන්ඩිය... මූ Jaffna පැත්තේ පොරක්ද කොහෙද... කොළඹ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ... මේ බිල්ඩිමට මොකක් හරිනමක් කියපන්..." කියලා කිව්වලු...
වැඩේ හරි යන්නේ නැති බව දැන ගත්ත අපේ යාළුවා පැනපු ගමන්...
" This is call 'කිරි වෙහෙර' කියලා කිව්වේ, මෑන්ව ඉක්මනින් එතනින් එලවා ගන්න හිතා ගෙනලු...
"KIRI WEHERA"... "KIRI WEHERA"... කිය... කිය... පොඩ්ඩක් කල්පනා කරපු අර කොල්ලා... " Wait... Wait..." කියලා බෑග් එකට අත දාලා සිතියමක් අතට ගත්තලු...
" Then what is this...?" කියලා ඇත්තටම සිතියමේ තිබ්බ කිරි වෙහෙරේ පින්තූරයක් පෙන්නලා ඇහුවලු...
" අම්මට හුඩු ටොන් ගානට නෝන්ඩියි නේද මචං... මීට වඩා හොදයි මහ බැංකුව කොල්ල කාලා රටේ මිනිස්සුන්ට නෝන්ඩි වෙන එක බං..." කියාගෙන එකෙක් එතනින් මාරු උනාලු...
එතනින් මාරු වෙන ගමන්ම ඈතිං බස් එකක කොන්දෙක් "ටවුන් හෝල් බහින්න" කියලා කෑ ගහනවා අර පොරට ඇහුනලු...
අර පොර හැරෙන තැපෑලෙන්ම... මචං "ටවුන් හෝල්"... කියලා හයියෙන් කිව්වලු...
අරූගේ කඩ්ඩ නිසා අපේ පොරගෙත් ඔළුවත් මඤ්ඤං වෙලා තිබුණ හිංදා, අපේ පොර අරූ පෙන්නපු, අර සිතියමේ තිබ්බ කිරි වෙහෙරේ පින්තූරේ පෙන්නලා... This is call "ටවුන්හෝල්" කියලා කිව්වලු...
අර කොල්ලගෙත් දැන් ඔළුව මඤ්ඤං වෙලා... Oh... This is "KIRIWEHERA"... කියලා ටවුන් හෝල් එක දිහා බලනවලු... This is "TOWN HALL"... කියලා සිතියමේ තියෙන කිරි වෙහෙරේ පින්තූරය දිහා බලනවලු...
මෙහෙම කිය කියා... බෙල්ලේ පොට යන ගානට දෙපැත්ත බලලා... කොහේ කොතනක හරි වැරැද්දක් වෙලා ඇති බව මිනිහට තේරිලා...
" Anyway Thank guys... I'm Sandeep from INDIA... Thanks again..." කියලා යන්න ගියාලු...
අපේ පොරවල් ටික දාඩිය පිහදදා... පාක් එකේ වැසිකිලිය පැත්තට මාරු උනාලු...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...


Comments
Post a Comment