නිදි ඉරියව්...
හොඳ නින්දකට වැටිලා ඉන්නකොට ඔබ ඔබේ නින්දට සුව පහසු වෙන විදියට ඔබ නොදැණුවත්වම විවිධ ඉරියව්වලින් ඉන්නවා වගේම ඔබේ අත් දෙකත් නින්දේදී ඔබ නොදැණුවත්වම ඔබේ ශරීරයේ විවිධ කොටස් මත රැඳවෙනවා... නින්දෙදී ඔබේ අත් ඔබේ ශරීරයේ විවිධ තැන්වල රැඳෙන එකට විවිධ හේතූන් බලපානවා.
දැන් මේක කවුද හොයාගත්තේ, කවුද කිව්වේ කියලා මගෙන් අහන්න එන්න එපා... මමත් මේවා එහෙං මෙහෙං හොයාගත්ත ඒවා... මේ කියලා තියෙන දේවල්වල ඇත්ත නැත්ත හොයලා බලන්න මම දැන් ඒක ඔහේලට ඉදිරිපත් කරනවා. පොඩ්ඩක් හොයලා බලන්න මේවා ඇත්තද කියලා.
1. නිදාගෙන ඉන්න විට ඔබේ හිසට ඉහළින් එක අතක් හෝ අත් දෙකම තියෙනවානම් ඔබ වැඩි අධ්‍යාත්මික සම්බන්ධතාවයක් බලාපොරොත්තුවෙන කෙනෙක් බව සඳහන් වෙනවා.
2. නිදා සිටින විට අතක් හෝ අත් දෙකම පපුවේ තිබේනම් ඔබ අතීතයේ සිදුවූ යම් වේදනාත්මක දෙයකින් තවමත් වේදනාවෙන් සිටින කෙනෙක් බව හැඟවෙනවා.
3. නිදා සිටින විට ඔබේ බඩ මත ඔබේ අත් ඇත්නම් ඔබ යම් දෙයක් නිසා කෝපයෙන් සිටින කෙනෙක් බව කියවෙනවා.
4. නිදා සිටින විට කකුල් අතර ඔබේ අත් දෙක ඇත්නම් ඔබ යම් කිසි බියකින් හා ඔබට යමෙකුගේ ආරක්ෂාවක් අවශ්‍ය බව හැඟවෙනවා.
5. නිදා සිටින විට ඔබේ ලිංගික අවයව හෝ ඒවා අසල ඔබේ අත් ඇත්නම් ඔබ යම්කිසි ලිංගික ගැටළු තත්වයක් ඇති අයෙක් බව පැවසෙනවා.
6. නිදා සිටින විට ඔබේ කොට්ටය යට ඔබේ දෙඅත් ඇත්නම් ඔබ අන් අයට නොහඟවන යම් සැඟවුණු හැඟීම් ඇති අයෙක් බව කියවෙනවා.
7. නිදා සිටින විට ඔබ දෙඅත් වළින් ඔබවම බදගෙන සිටීනම් ඔබට ඔබේ ආදරණීයයන්ගෙන් සෙනෙහස හෝ ආදරයක් නොමැතිකම, ඔවුන්ගෙන් ඔබට සහයෝගයක් නොලැබෙන අයෙක් බව පැවසෙනවා.
8. නිදා සිටින විට ඔබේ උරහිස් මත ඔබේ දෙඅත් ඇත්නම් ඔබ වෙහෙසකින් පෙළෙන අයෙක් මෙන්ම ඔබට අවශ්‍යකරන ශක්තිය නොමැතිකම පෙන්නුම් කරනවා.
9. නිදා සිටින විට ඔබගේ දෙඅත් හිස සහ කොට්ටය අතර ඇත්නම් ඔබ සාමයෙන් සතුටින් ජීවත් වෙන අයෙක් බව පැවසෙනවා.
10.ඔබ නිදා සිටින විට ඔබේ ශරීරය මත ඔබ ඔබේ අත් තබන්නේ නැත්නම් ඔබ නිදහස් හා ආත්මභාවයකින් යුක්ත වන අතර මනා සුවයෙන් සිටින අයෙක් බව පැවසෙනවා.
11.ඔබ නිදා සිටින විට ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය වැළඳගෙන නිදාගන්නේ නම් විශේෂයෙන් කීමට දෙයක් නැත. ඔබ ඔහුට හෝ ඇයට අසීමිතව ආදරය කරන බව පැවසෙනවා. (මෙය බොහෝදුරට සිදුවන්නේ යුවළක් කසාද බැඳපු අලුත පමණක් බව පැවසෙනවා)
12.ඔබ නිදා සිටින විට සිහිනෙන් මුත්‍රා කරනවා දුටුවේ නම් ඔබගේ හිතේ තිබෙන සියළු සිහින සැබෑ වෙන බව පවසනවා. ඉක්මණින් නැගිටලා බලන්න... ඔබ ඇඳ සිටින ඇඳුම්, පොරෝවණය සහ මෙට්ටය මොහොතකින් තෙත්වී ඇති බව ඔබටම පියවි සිහියෙන් දැක ගන්න පුළුවන් වෙනවා.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment