කේක් ඕඩරේ...
ආදරණීය සැමියෙක් විසින් පසු දිනයට යෙදෙන තමන්ගේ ආදරණීය බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් නෑදෑයන් සහ මිතුරු මිතුරියන් හට සාදයක් සූදානම් කරනවා. ඒ එක්කම ඔහු තම බිරිඳ වෙනුවෙන් හොඳ උපන්දින කේක් එකකුක් දුරකථනයෙන් ඇණවුම් කරනවා. මේ ඇණවුම බාර අරගන්න ගමන් එහි කළමණාකරු සැමියාගෙන් මෙසේ අහනවා.
" සර් කේක් එකේ මොනවද ලියන්න ඕනි..."
" ආ... හැපි බර්ත්ඩේ කියලා ලියලා එයාගේ නම දාන්න එච්චරයි..."
" සර් මේක ටිකක් ලොකු කේක් එකක් නිසා... තව මොනවාහරි ලස්සන දෙයක් ලිව්වොත් කේක් එක තවත් ලස්සන වෙනවා..."
" ආ... එහෙමද..." ටික වෙළාවක් කල්පනා කරන මෙම සැමියා කළමණාකරුට මෙහෙම කියනවා...
" එහෙනනම් අපි මෙහෙම දෙයක් කේක් එකේ ඉංග්‍රීසියෙන් ලියමු..." කියලා ලිවිය යුතු දෙය කළමණාකරුට ඉංග්‍රීසියෙන්ම පැහැදිළි කරනවා. සැමියා කළමණාකරුට පැහැදිළි කරපු දේ සිංහලෙන් නම් මෙහෙමයි...
' ඔබ වයසට යන නමුත්' කියන එක උඩ කොටසේ ලියන්න...
' ඔබ එන්න එන්නම ලස්සන වෙනවා' කියන එක පහළ කොටසේ ලියන්න...
ඉතිං අර කළමණාකරුත් කියපු විදියටම ලියන්න ඕනි දේවල් සටහන් කරගෙන ඕඩර් එක භාර ගන්නවා...
ඔන්න ඉතිං අනිත් පහුවෙනිදා සවස උපන්දින සාදය පටන් ගන්නවා. පවුලේ නෑදෑයින් වගේම මිතුරු මිතුරියන්ද අඩුවක් නැතුව සාදයට එක්වෙලා දැන් සාදය නැගලා යනවා. පාටිය ටිකක් ඔහොම යද්දී ඔන්න දැන් බිරිඳගේ උපන් දින කේක් කපන වෙලාව එළඹෙනවා. ගෙදර මෙහෙකාරිය විසින් ඉටි පන්දම් කිහිපයක් පත්තුකරණ ලද තරමක් ලොකු ලස්සන කේක් එකක් ගෙනැල්ලා උත්සව සභාවේ මේසය උඩින් තියෙනවා. හැමෝම මේ අවස්ථාවට එකතු වෙන්න කේක් එක අසළට ඇවිත් කේක් එකේ ලස්සන බලන්න පොර කනවා. කේක් එක බලපු බිරිඳ වගේම හැමෝම තුස්නිම්භූතවෙලා එකිනෙකාගේ මූණවල් බලන්න ගන්නවා. බිරිඳ ලැජ්ජාවෙන් කේන්තියෙන් ඉන්නවා සැමියා දකිනවා. ඔහු වහාම කේක් එක අසළට එනවා. කේක් එකේ ලියලා තිබූ දේ දැකපු සැමියට හීන් දාඩිය දානවා. ඒකේ ඉංග්‍රීසියෙන් ලියලා තිබුණ වාක්‍යවල සිංහල තේරුම නම් මෙහෙමයි...
' ඔබේ උඩ කොටස දිනෙන් දින වයසට යන නමුත්...'
' ඔබේ පහළ කොටස එන්න එන්නම ලස්සන වෙනවා...'
' මගේ ආදරණීය ......... සුභ උපන් දිනයක් වේවා...'
ඉතිං මේ කේක් එකේ ලියන්න ඕනි දේ කළමණාකරුගෙන් කේක් එක හදන මිනිහට ගිහින්, ඒ මනුස්සයාගෙන් කේක් එක අයිසින් කරන මිනිහට ගිහිල්ලා ඒ මිනිහා තේරුම් ගත්ත විදියට ඔයාලත් මේක වැරදි විදියට හිතන්නේ නැතුව ඉංග්‍රීසියෙන් එක එක වචන දාලා හදන උපන් දින කේක් කවදාවත්ම ටෙලිෆෝනයෙන් ඇණවුම් නොකරන්න වගබලා ගන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment