සයුරේ රළ සේ...
සයුරේ රළ සේ... අහසේ තරු සේ...
මිතුදම් පවතී... ලොව සැමදා...
අපි YOUNG ASIA TELEVISION (YATV) වැඩ කරන කාලේ අපිට ආයතනය තුළ සෑහෙන නිදහසක් තිබ්බා නිතරම හොඳ වැඩසටහන් කරන්න... ඒ වගේම හොඳ නිර්මාණාත්මක අදහස් තියෙන කොල්ලෝ කෙල්ලෝ පිරිසක් වගේම නිර්මාණාත්මක සහ සමාජයට, රටට වැදගත් නව ආකාරයේ වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක් ඒ කාළේ අපි අතින් නිෂ්පාදනය උනා.
ඒ වැඩ සටහන් කරගෙන යන අතරතුර ජොලියට වගේ සිංදුවක් කරන්න කියලා කට්ටිය සෙට් උනා. ඒ අනුව 1999 - 2000 වසර වල මේ ගීතය අපි අතින් බිහිවෙලා ලංකාවේ විතරක් නෙවෙයි හැම රටකම වගේ ඉන්න අපේ සිංහල ප්‍රජාව අතර ඉතාමත් ජනප්‍රියම ගීතයක් බවට පත්වුනා.
"සයුරේ රළ සේ" මේ ගීතය කියවෙන්නේ තනිකරම සැබෑ මිතුරන් අතර ඇති මිතුදම ගැනයි. අමල් අල්විස් ගේ අපූරු පද රචනයෙන් වචන පෙළ හැදිලා කපිල පූගලාඅරච්චිගේ අපූරු සංගීත තුළින් නිර්මාණය වන මේ ගීතය නෙලූ අධිකාරි සහ කපිල පූගලඅරච්චිගේ අපූරු ගායනයෙන් හැඩවෙනකොට අත්වැල් ගායනයට මේ කියපු මිතුරු මිතුරියන් හැම දෙනෙක්ම දායකවුනා.
රචනයේ සිටම තනු නිර්මාණය, සංගීත නිර්මාණය, ගායනය පටිගත කිරීම, රූප රචනය, රූපගත කිරීම, සංස්කරණය දක්වා වු සියඑම කටයුතු වලට මේ කියන මිතුරන් සියළු දෙනා එකා වගේ දායක උනා වගේම සියළුම කටයුතු සිදුකළේ YATV ආයතනය තුලයි... ඒ වගේම ගීතයේ අපි ටික දෙනෙක් රඟපෑවට මේක සාර්ථක කර ගන්න අපේ YATV තුළ එකට වැඩකරපු මේ ලිපිය සමඟ Tag කරන සියළුම මිතුරන් සෑහෙන පිරිසක් මේ ගීතය පිටිපස්සෙන් හිටියා.
ඒ කාළේ සිරස TV නිෂ්පාදනය කරපු නාරද තනුජාගේ 'රස රිසි ගී' වැඩසටහනේ සිංදු චාට් එකේ මුළටම මේ ගීතය ඇවිල්ලා සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුණා. අදටත් මේ ගීතය අතරින් පතර TV එකේ නැතත් රේඩියෝ එකෙන් ඉදලා හිටලා ඇහෙනකොට විවිධ පළාත්වල විවිධ රටවල ජීවත් උනත් අපේ මිතුරන් අතර ඒ ඇතිවුනු මිතුරුකම නිතර හමු නොවුනත් තාමත් ඒ විදියටම අපි අතර තිබීම ඉදහිට හෝ ඇසෙන ඒ ගීතයට අරුතක් ගෙනදෙනවා.
ගීතයේ පද රචනය හා රූපවාහිණීය සඳහා රූප රචනය - අමල් අල්විස්...
තනු නිර්මාණය සහ සංගීතය - කපිල පූගලාඅරච්චි...
ගීතය පටිගත කිරීම(Mix and Master) කරලා ගීතය හැඩ වැඩ කළේ - අරූන් කුමාරස්වාමි...
ගායනය - නෙලූ අධිකාරි - කපිල පූගලඅරච්චි සමඟ අපි හැමෝම...
රඟපෑම - අපි හැමෝම...
රූපවාහිණියෙන් මේ ගීතය දැන් පේන්න නැති නිසා youtube link එක දාන්නම්...
නැවත වරක් එය නරඹා මතකය අලුත් කර ගන්න...
Original song music video You tube link - https://youtu.be/w96qpDsBNb8
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...





Comments
Post a Comment