තාත්වික පැරණි ඡායාරූප...
විශ්වාස කරන්න මෙම වර්ණවත් ඡායාරූප සියල්ල ගෙන ඇත්තේ වර්ෂ 1903 හා 1920 අතර කාළයන්වල වන අතර මෙම ඡායාරූප කිසිවක් මෑත කාළයේ ඩිජිටල් තාක්ෂණය භාවිතා කර වර්ණ ගල්වන ලද ඒවා නම් නොවෙයි.
1903 වර්ෂයේ මුල්වරට ලුමියර් (Lumiere) සහෝදරයන් විසින් ලොවට හඳින්වාදී, ඔවුන් විසින් පේටන්ට් බලපත්‍ර ලබාගත් ඔටෝක්‍රෝම් (autochrome) නමින් හැඳින්වෙන මෙම මුල් ඡායාරූප තාක්‍ෂණයේ වර්ණ සංයෝජනය ලබාගැනීම සඳහා ඔවුන් කැමරාවට ලැබෙන ආලෝක වර්ණාවලිය පෙරහන් කරන ලද වීදුරු තහඩු ස්ථර කිහිපයක් භාවිතා කරමින් මෙම ඉන්ද්‍රජාලික මූලික වර්ණ රූප නිර්මාණය කළේය. මෙම ක්‍රියාව සඳහා සංඟමයක් එක්කම දීර්ඝ කාළයකුත්, සුපරික්ෂාකාරීව හෙමින් කළ යුතු කාර්‍යයක් නිසා මෙම ඔටෝක්‍රෝම් (autochrome) තාක්ෂණය මිල අධික ක්‍රියාවලියක් වූ අතර එකල ගන්නා ලද බොහෝ ඔටෝක්‍රෝම් ඡායාරූප ඉතාමත් කලාත්මක ඉරියව් සහිත පින්තූර වන්නේ එබැවිනි.
මෙහි ඉදිරිපත් කර ඇති කලාත්මක ඡායාරූප අතර මාර්ක් ට්වේන්ගේ (Mark Twain) ඡායාරූපයත්, මොනේට් (Monet)ඔහුගේ ගෙවත්තේ සිටින ඡායාරූපයත්, 1914 දී ගන්නා ලද ප්‍රංශ සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ ඡායාරූපයත් සමඟ එකල ග්‍රාමීය යුරෝපයේ විවිධ තැන්වල දෛනික ජීවිතය ගෙවන මිනිසුන්ගේ වෙනත් කලාත්මක ඡායාරූපත් මේ අතර වෙයි.
පසුකාළීනව මෙම පින්තූර සියල්ලම ඩිජිටල් තාක්ෂණයෙන් පිරිසිදු කර ඇත්තේ ස්ටුවර්ට් හම්ෆ්‍රීස් (Stuart Humphreys) විසිනි. ඔහු මෙම ඡායාරූප සියල්ල පැහැදිලිව පෙනෙන ආකාරයට සකස් කිරීමේ විස්මිත කාර්යයන් තවදුරටත් කරමින් සිටියි, නමුත් ඔහු කරන්නේ පැරණි බොදවූ ඡායාරූප පැහැදිලිව පෙනෙන ආකාරයට සකස් කිරීම පමණි. ඒ වගේම මෙම ඡායාරූපවල තවමත් තිබෙන්නේ එදා ඒ ඡායාරූපවල තිබුණු සැබෑ ස්වාභාවික වර්ණයන්මය.
ඔහුගේ තවත් කාර්යයන් ඔබට බලාගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් ඔහුගේ Twitter ගිණුමට ගොස් ඔබට ඒවා දැක ගත හැකිය: https://twitter.com/StuartHumphryes
බලන්න මෙම ඡායාරූපවල තිබෙණ තාත්විකත්වය... මෙම ඡායාරූප වල සිටින ඔවුන් සියල්ලන්ම සුන්දර අයවලුන් නොවේද? ඔබටත් පෙනෙනවාද..? කිසියම් හේතුවක් නිසා, ඔය ගල් පවුර පිටුපසින් සිටින ගැහැණු ළමයා ඇත්තටම මා සමඟ කතා කරනවා වගේ හැඟීමක් මට දැනෙනවා. බලන්න ඔබටත් එහෙම දැනෙනවාද කියලා..?
#AuthorElizabethCamden...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment