Gmb ආකාෂ්ගේ ඡායාරූපයේ කතාව...

ඔබ දන්නවාද මගේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙන්න නියමිතව, සූදානම් වෙලා හිටිය දවසේ එයා වෙනුවට මට විවාහ වෙන්න සිද්ධවුනා කියලා..!  මගේ සහෝදරිය බඳින්න ආපු මනමාලයා හදිසියේම මගේ සහෝදරිය වෙනුවට මාව දැකලා, මගෙත් එක්ක විවාහ වෙන්න ආසාව ඇති වූනේ මම ඇයට වඩා වයසින් බාල නිසයි..!  එදා මගේ දෙමව්පියන්ට ඒ මනුස්සයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරිවුනා... ඒ වගේම අපේ පවුලේ ගෞරවය විනාස කරන්න බැරි නිසා මට ඒ මිනිහත් එක්ක එදා විවාහ වෙන්න සිද්ධ උනා...

 මට ඒ දවස තවමත් හොඳටම මතකයි... එතකොට මට හරියටම වයස අවුරුදු 10 යි. මම එදා අසල්වැසි අනික් කුඩා දැරියන් එක්ක සෙල්ලම් කරමින් සිටියා. සෙල්ලම් කරමින් ඉන්න අතරතුර හදිසියේම මගේ අම්මා ඇවිල්ලා මාව ගෙදරට ඇදගෙන ගිහින් අක්කා මනාලියක් වගේ ඇඳගෙන හිටපු කාමරය ඇතුලට ගියා....

මගේ අක්කා ඇඳගෙන හිටපු රතු සාරිය ඇගේ සිරුරෙන් ගලවලා අරගෙන අම්මා ඒක මගේ අතේ තිබ්බා...  ඊට පස්සේ අම්මා මාව අනිත් කාමරයකට එක්කරගෙන ගියා. ඒ කාමරයට යනකොට ඒකේ තවත් කාන්තාවන් පිරිසක් වාඩිවෙලා හිටියා. ඔවුන් හැමෝම මා දිහා අමුතු විදියට බලලා "මෙයාද අලුත් පොඩි මනාලිය" කියා අම්මගෙන් ඇහුවා...

ඒ වෙලාවේ ඇත්තටම මට මුකුත්ම හිතාගන්න බැරුව මම මගේ අම්මා දිහා බැලුවා...  “අද ඔයාගේ විවාහය සිදුවෙනවා..!” අම්මා මගේ කණට කරලා කිව්වා... ඒක අහපු වෙලාවේ මට හයියෙන් අඩන්න ඕන වුණා... මට කරන්න පුළුවන්කම තිබුණේ එච්චරයි... ඒත් මගේ අම්මා මට අඬන්නවත් ඉඩ දුන්නේ නැහැ... මගේ දුක, මගේ ඇස්වල තිබුණු කඳුළු ගැන කවුරුවත් උනන්දු වුණේ නැහැ... ඔවුන් ගන්න තියෙන සියළුම තීන්දු තීරණ ඒ වෙනකොට අරගෙන තිබුණා...

 මගේ පියා විසින් දෑවැද්ද විදියට දෙන සල්ලි ඒ මනුස්සයගේ භාරකරුවන්ට ගෙවපු ගමන්ම, මනාලයාගේ පවුලේ අය මාව ඔවුන්ගේ නිවසට කැඳවාගෙන ගියා... ඊට පස්සේ මගේ අනපේක්ෂිත නීතියාණුකූල ස්වාමිපුරුෂයා මාව මිනිහගේ කාමරයට අරගෙන ගියා... මගේ ඇඳුම් ගලවන්න මට අණකළා... අන්තිමට මිනිහත් එක්ක නිදා ගැනීමට මට බල කළා... එදා ඒ රාත්‍රිය මගේ මුළු ජීවිතයේම මහ භයානකම සහ වේදනාකාරීම රාත්‍රිය උනා වගේම ඒ රාත්‍රිය මගේ ඉදිරි අපාගත ජීවිතයේ ආරම්භයද උනා..!

 හැම දවසකම ලිංගිකත්වය කියන එක ඒ මනුස්සයගේ ජීවිතයේ මූලිකම දේ උනා... හැම රැයකම, දම්වැලක බැඳ දමන ලද බල්ලෙකු වගේ එයින් මට ගැළවීමටවත් ඒක මග හැරලා ඉන්නවත් නොහැකි උනා..!  මම මේ කසාද බැඳපු මනුස්සයා මට වඩා අවුරුදු තිහක් වැඩිමල් කෙනෙක්... මේ මනුස්සයා මීට කළින් කසාදයෙන් දික්කසාද වී තිබුණ කෙනෙක්... කළින් හිටපු බිරිඳ මේ මනුස්සයගේ වද හිංසා ඉවසන්න බැරුව ගෙදරින් පැනලා ගිහින්... ඇය පැනලා ගිහින් යන්තම් මේ මනුස්සයාගෙන් පණ බේරගෙන තියෙනවා... ඒ නිසා එයා වෙනුවට මට මේ මනුස්සයගේ අළුත් සිරකාරිය බවට පත්වෙන්න සිදුවුණා.

 මේ මනුස්සයා මට ශාරීරිකව දෙන වධහිංසා හැමදාම පුරුද්දක් උනා. දවසක් ඒ මනුස්සයා මට දිගින් දිගටම වද හිංසා කරමින් මගේ මුහුණට දිගින් දිගටම පහර දෙන්න පටන් ගත්තා. එදා මගේ නහයත්, දත් කීපයකුත් කැඩිලා ගියා...

හැම වෙලාවේම මම මගේ දුක මගේ දෙමාපියන් එක්ක කිව්වා.., නමුත් ඔවුන් හැම වෙලාවේම මම කියන දේවල්, මගේ වචන කිසිදෙයක් විශ්වාස ක්ළේ නෑ. කිසිම තැනක මට කියලා නිදහසක්වත්, මට කියලා මගේ අයිතියක්වත් තිබුණේ නෑ...

 මේ විදියට අවුරුදු 15 ක් තිස්සේ අන්ත අසරණ ජීවිතයක් ගත කිරීමෙන් පස්සේ, මම තීරණය කළා මට තවදුරටත් මේ ජීවිතයේ ජීවත් වීමට අවශ්‍ය නැති බව. මේ ජීවිතයෙන් නිදහස් වෙන්න මට මැරෙන්නට සිදුවුනොත්, ඒ දේට හරි කැමැත්තෙන් මුහුණදෙනවා කියන අධිෂ්ඨානයෙන් මම හිටියා...

දවසක් එක් රාත්‍රියක මේ මනුස්සයා සුපුරුදු විදියට මට පහර දෙන්න පටන්ගත්තා.., මට ගහනකොට මම මිනිහව පස්සට තල්ලු කළා..! ඊට පස්සේ මිනිහා මගේ මූණට කෙළ ගැහුවා... ඊට පස්සේ මමත් මිනිහට තවත් තදින් පහර දීලා ඒ මිනිහගේ මූණටත් කෙළ ගැසුවා... මිනිහා මට එයාගේ ගෙදරින් එලියට යන්න කියලා එලෙව්වා... ඔයා දන්නවද දෙයක්... මම වෙනදා වගේ නොයිද ඒ මිනිහට විරුද්ධව නැගීසිටින විට මිනිහගේ මුහුණේ තිබුණු බය සහ අසරණකම මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ..!

 මම කවදාවත්ම හිතුවේ නෑ ඒ මිනිහා මාව මෙතරම් පහසුවෙන් නිදහස් කරයි කියලා... ඒ වගේම දරුණු දෙයක් සිදු නොවී මේ විදියටවත් මගේ ගෞරවය රැක ගන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ... 

සමහර වෙලාවට අපි මිනිස්සුන්ට තියෙන බය නිසා අපි කිසි දවසක අපිට වෙන අසාධාරණ වලට නැගී සිටින්නට උත්සාහ කරන්නේ නෑ..!  ඔව්... ගැහැණියක් වී ඉපදීම සැමවිටම හැම අතින්ම දුෂ්කර දෙයක්...  නමුත් අපි දැන් මේ ඉන්න තැන ලබාගන්න, අප මෙතෙක් විඳදරාගෙන ඇති දුක් කම්කටොළු අපි කිසිම දවසක අමතක නොකළ යුතුයි. දෙවියන් වහන්සේ විසින් මට අත් දෙකක්, කකුල් දෙකක් දීලා තියෙනවා.., ඒ නිසා මම දැන් බය වෙන්නේ මොකටද..? බය කියන්නේ මොකක්ද කියලවත් මම දැන් දන්නේ නෑ... දැන් මම මට අවශ්‍යකරන හැමදේම උපයාගෙන නිදහස් කිරිල්ලියක් වගේ ජීවත් වෙනවා... _චොම්පා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...