චාලි චැප්ලින්...
1889 අප්‍රේල් 16 වන දින උපත ලැබූ බ්‍රිතාන්‍යය ජාතික චාලි චැප්ලින් නම් අග්‍රගන්‍ය නළුවා අවුරුදු 88 ක් ජීවත් වී 1977 දෙසැම්බර් 25 වන දින ස්විස්ටර්ලන්තයේදී මෙලොව හැර ගියේය.
ඔහු මියගියත් ඔහු අපේ ජීවිතවලට අදටත් ප්‍රයෝජනවත් වටිනා මෙන්ම අනර්ඝ වදන් 4 ක් ඉතිරි කර ගියේය.
(1) මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත... අප අතරේ පවතින අපගේ ගැටළු පවා සදාකාලික නැත...
(2) මගේ හිතට දුකක් පැමිණ මම කඳුළු සලනවිට මම ආසයි වැස්සේ ඇවිදින්න... එතකොට මම හෙලන කඳුළු කිසිවෙකුටවත් පේන්නේ නැත...
(3) අපිට අපේ ජීවිතයේ වඩාත්ම අහිමි වූ දිනයක් වේනම් ඒ අපි සිනාසෙන්නේ නැති දිනයයි...
(4) අපිට ලෝකයේ හොඳම වෛද්‍යවරු හය දෙනෙක් ඉන්නවා...
හිරු, විවේකය, ව්‍යායාම, ආහාර, ආත්ම ගෞරවය, මිතුරන්...
ඔබේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේවාට ඇලී නිතරම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න...
ඔබ සඳ දුටුවහොත්, දෙවියන්ගේ සුන්දරත්වය ඔබට පෙනෙනු ඇත...
ඔබ සූර්යයා දුටුවහොත්, දෙවියන් වහන්සේගේ බලය ඔබට පෙනෙනු ඇත ...
ඔබ කැඩපතක් ඉදිරියට ගියහොත්, දෙවියන් වහන්සේගේ හොඳම මැවිල්ල එතුළින් ඔබ දකිනු ඇත.
එබැවින් ඔබ එය හොඳින් විශ්වාස කරන්න.
අපි හැමෝම මේ ලෝකයට පැමිණි සංචාරකයෝ වෙමු... අපගේ මාර්ගපෝදේශකයා මෙන්ම අපගේ සංචාරක නියෝජිතයා වන්නේද දෙවියන්ය... අප යායුතු මාර්ගය, අපගේ ගමනාන්ත සහ අප ජීවත්වීම වෙනුවෙන් වෙන් කර ඇති ස්ථානය අපි දැනටමත් හඳුනාගෙන ඇත්තෙමු... දෙවියන්වහන්සේ කියූ දෙය සහ ඔහු කෙරෙහි විශ්වාසය තබා ජීවිතය භුක්ති විඳින්න.
ජීවිතය යනු සංචාරයක් පමණි..! එබැවින් ඔබ අද තුළ ජීවත් වන්නට උත්සාහ කරන්න, එය භුක්ති විදින්න..!
අද ඔබට ලැබෙන දෙය හෙට ඔබට නොලැබිය හැකිය...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment